2025ට වඩා තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 3.88කින් පහළට.. - නවතම වාර්තාවකින් හෙළිවෙයි
ජූලි මස 14 සහ 15 යන දිනවල පැවැත්වූ ෆෝබ්ස් ඇන්ඩ් වෝකර් තේ බ්‍රෝකර්වරුන්ගේ 27 වන සතිපතා තේ වෙන්දේසියේදී සමස්ත තේ කිලෝග්‍රෑම් 6,160,485ක් අඩංගු පැකේජ 12,208ක් ඉදිරිපත් කර තිබිණි.
මෙවර වෙන්දේසියේදී වෙළෙඳපොළේ පොදු ඉල්ලුම සාමාන්‍ය මට්ටමක පැවති බවයි වාර්තා වෙන්නේ.
2026 වසරේ ජනවාරි සිට ජූනි දක්වා ගතවූ පළමු මාස හයක සමුච්චිත තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 131.89ක් වන අතර, එය 2025 වසරේ එම කාලසීමාවේ නිෂ්පාදනය වූ කිලෝග්‍රෑම් මිලියන 135.77ට වඩා කිලෝග්‍රෑම් මිලියන 3.88ක පසුබෑමක් පෙන්නුම් කරයි. එය 2.86%ක පසුබෑමකි.
පහතරට තේ සඳහා ලීෆි (Leafy), සෙමි-ලීෆි (Semi Leafy) සහ ටිපී (Tippy) කාණ්ඩ යටතේ යහපත් ඉල්ලුමක් දක්නට ලැබුණද, ප්‍රිමියම් කාණ්ඩයේ තේ සඳහා පැවතියේ අඩු ඉල්ලුමකි.
බටහිර බෑවුම්වලින් පැමිණි ඉහළ මිල ගණන් යටතේ පැවති ඕතඩොක්ස් සහ රොටොවේන් තේ වර්ග සඳහා සුදුසු මිලක් ඉදිරිපත් නොවීම හේතුවෙන් සැලකිය යුතු තේ ප්‍රමාණයක් අලෙවි නොවී ඉවත් කර ගැනීමට නිෂ්පාදකයන්ට සිදු විය.
නුවරඑළිය කලාපයේ තේ වෙළෙඳපොළද මන්දගාමී ස්වභාවයක් ගත් අතර, ඌව සහ උඩපුස්සැල්ලාව ප්‍රදේශවල උසස් තත්ත්වයේ තේ ස්ථාවර මට්ටමක පැවති නමුත් බාල වර්ගයේ තේ මිල ගණන් සීඝ්‍රයෙන් පහත වැටිණි.
මේ අතර, ශ්‍රී ලංකාවේ ජාතික තේ නිෂ්පාදනය පිළිබඳ නවතම සංඛ්‍යාලේඛනද නිකුත් කර ඇති අතර 2026 වසරේ ජූනි මාසය සඳහා සමස්ත තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 22.56ක් ලෙස සටහන්ව තිබේ.
එය 2025 වසරේ ජූනි මාසයේ වාර්තා වූ කිලෝග්‍රෑම් මිලියන 21.71ක නිෂ්පාදනයට සාපේක්ෂව කිලෝග්‍රෑම් මිලියන 0.85ක එනම් සියයට 3.94ක වර්ධනයකි.
2025 වසරේ මුල් මාස හයට සාපේක්ෂව උඩරට සහ හරිත තේ හැර සෙසු සියලුම මට්ටම්වල නිෂ්පාදනයේ අඩුවීමක් මෙවර දක්නට ලැබිණි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.