සත්ව ගොවිපොළක මුවාවෙන් මැදවච්චියේ රජයේ කැලයක් ඩෝසර් කරයි..
මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ආනේකෙට්ටිය ග්‍රාම නිලධාරී වසමේ මහකෝන්ගස්කඩ විහාරස්ථානය ආසන්නයේ පිහිටි රජයට අයත් අක්කර සියයක පමණ වටිනා වනාන්තර පද්ධතියක් කිසියම් පිරිසක් විසින් මේ වන විට දැඩි ලෙස විනාශ කරමින් පවතින බව වාර්තා වේ.
ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ සත්ව ගොවිපොළක් ඉදිකිරීමේ මුවාවෙන් මෙම මහා පරිමාණ වන විනාශය සිදුකරන බවයි. මෙම ම්ලේච්ඡ ක්‍රියාව හේතුවෙන් වනාන්තරය තුළ වසර ගණනාවක් පුරා ආරක්ෂිතව තිබූ කළුවර, බුරුත සහ හල්මිල්ල වැනි ඉතා වටිනා දැවැන්ත ශාක රැසක් මේ වන විටත් කපා ඉවත් කර විනාශ කර දමා ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රදේශයේ වැඩවසන උලුක්කුලමේ ඉන්දසාර හිමියන් පෙන්වා දුන්නේ මහකෝන්ගස්කඩ ප්‍රදේශය අවට ආරක්ෂා වී තිබූ එකම කැලෑ භූමිය මෙය බවයි. අලි ඇතුන්, දිවියන් සහ මුවන් වැනි සතුන් රැසකගේ ස්වභාවික වාසභූමියක් වූ මෙම වනාන්තරය විනාශ කිරීම හේතුවෙන් දැඩි ලෙස අසරණ වී සිටින වන අලි, මේ වන විට තම්මැන්නාකුලම ගම්මානයට කඩා වැදී දේපළ හා වගාවන්ට දැඩි හානි සිදු කරති. වන අලි තර්ජනයෙන් තමන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා අසරණ වූ ගම්වැසියන්ට තමන්ගේම ශ්‍රමයෙන් අලි අගල් කපා ගැනීමට පවා සිදුව ඇති බව උන්වහන්සේ වැඩිදුරටත් අනාවරණය කළහ.
වන විනාශයේ නිරත පිරිස් තමන් සතුව ඒ සඳහා අවශ්‍ය සියලු බලපත්‍ර පවතින බව ප්‍රකාශ කළද, ප්‍රදේශයේ වනජීවී හා ගොවිජන සේවා නිලධාරීන් පවසන්නේ තමන් මේ පිළිබඳව කිසිවක් නොදන්නා බවයි. ප්‍රාදේශීය ලේකම්වරයා පවා මෙම බරපතළ පරිසර විනාශය හමුවේ මුළුමනින්ම නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවට ඉන්දසාර හිමියෝ චෝදනා කරති. කෙසේ වෙතත්, මේ පිළිබඳව මැදවච්චිය ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කළේ, පැනනැඟී ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරි තීරණයක් ගන්නා තෙක් අදාළ වනාන්තරය එළිපෙහෙළි කිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.