ඉන්දියන් සාගර සියවසේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමට ශ්‍රී ලංකාව පෙරමුණ ගත යුතුයි.. - නාමල් සිංගප්පූරු ආර්ථික සමුළුවේ දී කියයි
“ඉන්දියන් සාගර සියවස” (Indian Ocean Century) ලෙස තමන් හඳුන්වන නව යුගයකට ලෝකය අවතීර්ණ වෙමින් පවතින බැවින්, ආසියාව, මැදපෙරදිග සහ අප්‍රිකාව යා කරන ප්‍රධාන ආර්ථික මෙන්ම උපායමාර්ගික සම්බන්ධක පුරුකක් බවට ශ්‍රී ලංකාව පත්විය යුතු යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේය.
සිංගප්පූරුවේ පැවැති ගෝලීය පෙරදිග ආර්ථික සහයෝගිතා (GEC) සමුළුව අමතමින් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ, ඉන්දියන් සාගර කලාපය වඩාත් වැදගත් වන දශකයකට පමණක් නොව, කලාපයේ වර්ධනය වන ආර්ථික හා උපායමාර්ගික බලපෑම මගින් හැඩගැසෙන සුවිශේෂී සියවසකට මේ වන විට ගමන් කරමින් සිටින බවයි.
මිල්කන් ආයතනයේ (Milken Institute) ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ගේ සභාපති සහ ආසියානු සංවර්ධන බැංකුවේ හිටපු ඇමරිකානු නියෝජිත කර්ටිස් එස්. චින් මහතා සමඟ පැවැති සංවාද මණ්ඩපයකට එක්වෙමින් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ, ශක්තිමත් සම්බන්ධතාවක් සහ ආර්ථික සහයෝගිතාවක් තුළින් ලොව ප්‍රධාන කලාපයන් අතර විශ්වාසනීය පාලමක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම තමන්ගේ දැක්ම බවයි.
එමෙන්ම, ගෝලීය ආර්ථිකය තුළ ප්‍රමුඛ පෙළේ භූමිකාවක් ඉටුකිරීම සඳහා මීළඟ පරම්පරාව සූදානම් කරන අතරතුර, නවෝත්පාදනය, සහයෝගීතාව සහ ව්‍යවසායකත්වය මගින් තරුණ පරපුරට වැඩි අවස්ථා නිර්මාණය කරදීමේ අවශ්‍යතාව ද ඔහු අවධාරණය කළේය.
“ඉන්දියන් සාගරය සියවස් ගණනාවක් පුරා විවිධ ශිෂ්ටාචාරයන් එකිනෙක යා කළා. දැන්, එමඟින් අනාගතය යා කළ යුතුයි,” යනුවෙන් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.