News Category
From Date
To Date
Maximum Number of Result

ඇමරිකානුවන් තවදුරටත් ඇමරිකාව විශ්වාස නොකරන්නේ ඇයි?

Jul 16, 2026 at 12:54 PM
|

එක්සත් ජනපදය මෑතකදී තම ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කළේය. එනම් මහා බ්‍රිතාන්‍යයෙන් නිදහස ප්‍රකාශ කර වසර 250ක් සම්පූර්ණ වීමයි. න්‍යායාත්මකව බැලූ විට මෙය ජාතික අභිමානයෙන් සමරනු ලබන අවස්ථාවක් විය යුතුය. ඉතිහාසයේ තවත් සන්ධිස්ථානයක් පසුකරමින් ජාතික ධජ, ගිනිකෙළි සංදර්ශන සහ ජාතියේ ඉරණම පිළිබඳ දේශනවලින් පිරුණු උත්සවශ්‍රීයක් පැවැත්විය යුතු අවස්ථාවක් ලෙස මෙය සැලකේ.

එහෙත් සැබෑ තත්ත්වය එතරම් උත්සවශ්‍රීයෙන් පිරී නැත.

මෙම සංවත්සරයට සති දෙකකට පෙර Reuters පුවත් සේවය සිදු කළ සමීක්ෂණයක් ඇමරිකානු ජනතාව තුළ පවතින ගැඹුරු කනස්සල්ල මැන බැලූ අතර, එහි ප්‍රතිඵල ඉතා අඳුරු විය. සමීක්ෂණයට අනුව, ඇමරිකානුවන්ගෙන් තුනෙන් දෙකකට වැඩි ප්‍රමාණයක් (සියයට 70ක්) තවදුරටත් තම රට ලෝකයේ ශ්‍රේෂ්ඨතම රාජ්‍යය ලෙස නොසලකන බව තහවෘරු විය. තවත් සියයට 64ක් ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ පවතින බව විශ්වාස කරන අතර, සියයට 38ක්  එක්සත් ජනපදය තවත් වසර 250ක් එකම රටක් ලෙස පවතිනු ඇතැයි විශ්වාස නොකරති.

මෙම අදහස් දේශපාලන පක්ෂ අනුව පැහැදිලිව බෙදී ගොස් තිබේ. රිපබ්ලිකන් පක්ෂයට සහාය දක්වන්නන් තවමත් ඇමරිකාව විශේෂ, සුවිශේෂී හා දෙවියන්ගේ ආශිර්වාද ලැබූ සමෘද්ධිමත් රටක් යන අදහසට වඩාත් තදින් ඇලී සිටිති. එහෙත් ඩිමොක්‍රටික් පක්ෂයට සහාය දක්වන්නන් අතර වාතාවරණය වඩාත් අඳුරුය. අශුභවාදී ආකල්පය ඔවුන්ගේ ලෝක දැක්මක් බවට පත්ව ඇති අතර, සිය 250 වැනි සංවත්සරය සමරන මොහොතේ ඇමරිකාව ගැඹුරු විශ්වාස අර්බුදයකට මුහුණ දී සිටින බව විශ්වාස කරති.

වෙනත් විදියකට පවසන්නේ නම් මෙය සෝවියට් සංගමයේ අවසන් කාලයේ සෝවියට් සමාජය අත්විඳි විශ්වාස අර්බුදයට සමාන වේ. ඇත්ත වශයෙන්ම ඇමරිකාවට සෝවියට් සංගමයට මෙන් නිල රාජ්‍ය මතවාදයක් නොතිබුණි. වොෂිංටනයේ කිසිවෙකු හෝ ඉතා වේගයෙන් කොමියුනිස්ට් සමාජයක් ගොඩනඟන බවට පොරොන්දු වූයේද නැත. එහෙත් ඇමරිකාවට තමන්ගේම අනාගත දැක්මක් තිබුණි. එය "ඇමරිකානු සිහිනය" (American Dream) ලෙස හැඳින්වීය.

එම සිහිනයේ මූලික පොරොන්දුව වූයේ, වෙහෙස මහන්සි වී වැඩ කිරීම සහ නිදහස තුළින් සමෘද්ධිය අත්කර ගත හැකි බවයි. "වෙහෙස වී වැඩ කරන්න. නීතිවලට ගරු කරන්න. ඔබේ වගකීම් ඔබම භාරගන්න. එවිට ඔබේ ජීවිතය යහපත් වනු ඇත. ඔබේ දරුවන් ඔබට වඩා හොඳ ජීවිතයක් ගත කරනු ඇත. ඔබේ රට ලෝකයට ආදර්ශයක් ලෙස පවතිනු ඇත" යන්න එම සිහිනය තුල ගැබ ඇති පණිවිඩය විය.

නමුත් ලෝකය 21 වැනි සියවසට පැමිණෙත්ම එම පොරොන්දුව ක්‍රමයෙන් බිඳ වැටෙන්නට පටන් ගත්තේය.

පළමු බරපතළ ඉරිතැලීම් දක්නට ලැබුණේ මිලේනියල් පරම්පරාව අතරය. 1981 සිට 1996 දක්වා උපන් මෙම පරම්පරාවේ දෙමාපියන් ධනය රැස් කළහ, නිවාස මිලදී ගත්හ, ඉතුරුම් ගොඩනැඟූහ, විදේශ සංචාර කළහ. එහෙත් ඔවුන්ගේ දරුවන්ට උරුම වූයේ විශාල ශිෂ්‍ය ණය බරක්, මිල අධික නිවාස, අස්ථාවර රැකියා සහ කොතරම් වේගයෙන් දුවන නමුත් අවසන් ඉලක්කය තව තවත් ඈතට ගමන් කරන බවක් දැනෙන අමුතුම හැඟීමකි.

වැඩිහිටි පරම්පරාව ඔවුන්ට පැවසුවේ තමන් කළාක් මෙන් තවදුරටත් වෙහෙස මහන්සි වී වැඩ කළහොත් සාර්ථක විය හැකි බවයි. එහෙත් තරුණ පරම්පරාවට සංඛ්‍යා ලේඛන දෙස බැලූ විට පෙනී ගියේ, එකම මට්ටමේ උත්සාහයකින් පෙර පරම්පරාවන් වඩාත් විශාල ආර්ථික සාර්ථකත්වයක් ලබාගෙන තිබූ බවයි.

ඒ අනුව පැරණි සූත්‍රය තවදුරටත් ක්‍රියාත්මක නොවීය. එය "වෙහෙස මහන්සි වී වැඩ කිරීම" යනු සැමවිටම සාර්ථකත්වයට මඟ පෙන්වන උතුම් වටිනාකමක් යන විශ්වාසයද බිඳ දැමීය. වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් තවදුරටත් යහපත් ජීවිතයක් සහතික නොවන්නේ නම්, එවිට ඉතිරි වන්නේ කුමක්ද? නිදහසද?

ඇමරිකානුවන් නීතිමය වශයෙන් නිදහස් ජනතාවකි. ඔවුන් ජනාධිපතිවරයාත්, කොංග්‍රස් මන්ත්‍රීවරුන්වත් මැතිවරණ මඟින් තෝරා පත්කර ගනිති. එහෙත් කොංග්‍රසය බොහෝ විට පිරී ඇත්තේ කිසිදු වෙනසක් සිදු නොකිරීමට අධිෂ්ඨාන කරගෙන සිටින බවක් පෙනෙන වයෝවෘද්ධ දේශපාලනඥයන්ගෙන්ය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් දේශපාලනයෙන් ඉවත් වන්නේ ස්වභාවධර්මය අවසානයේ තම කාර්යය ඉටු කළ පසුව පමණි.

ජනාධිපතිවරු මැතිවරණ ප්‍රචාරණ වේදිකාවලදී ආකර්ෂණීය හා බලාපොරොත්තු දනවන කථා පවත්වති. එහෙත් ධවල මන්දිරයට ඇතුළු වූ පසු බොහෝ විට ඔවුන් අනුගමනය කරන්නේ එම පැරණි මාර්ගයමය. එබැවින් මුහුණු වෙනස් වුවද, පද්ධතිය එලෙසම පවතී. එහි ප්‍රතිඵලයක් ලෙස “නිදහස” යන සංකල්පයද හිස් වචනයක් සේ පෙනෙන්නට පටන් ගනී.

තරුණ ඇමරිකානුවන්ට “ඇමරිකානු සිහිනය” අද වන විට සෝවියට් සංගමයේ අවසන් කාලයේ පුරවැසියන්ට “දීප්තිමත් කොමියුනිස්ට් අනාගතය” පිළිබඳ නිල පොරොන්දුව පෙනුණු ආකාරයටම පෙනෙන්නට පටන් ගෙන තිබේ. එනම්, නැවත නැවතත් ප්‍රකාශ කරන නමුත් අවසානයේ කිසිවකුත් විශ්වාස නොකරන නිල පොරොන්දුවක් ලෙස “ඇමරිකානු සිහිනය” තරුණ අමෙරිකානු ජනයාට පෙනෙන්නට පටන් ගෙන තිබේ .

කිසියම් සමාජයකට තම අනාගතය පිළිබඳ දැක්ම අහිමි වූ විට, එම සමාජය දිශානතියක් නොමැති තත්ත්වයකට පත්වේ. අද ඇමරිකාවේ බොහෝ දෙනෙකුටම දැනෙන්නේ පවතින පද්ධතිය නිසි ලෙස ක්‍රියා නොකරන බවයි. එහෙත් එයට විකල්පය විය යුත්තේ කුමක්ද? රට ගමන් කළ යුත්තේ කුමන දිශාවටද? යන්න පිළිබඳව එකඟතාවක් නොමැත. මේ සම්බන්ධයෙන් ඇමරිකානු සමාජය ඉතා වෙනස් පිළිතුරු දෙකක් ගොඩනඟාගෙන තිබේ.

ගතානුගතික දක්ෂිණාංශය විශ්වාස කරන්නේ ඇමරිකාව ගලවා ගත හැක්කේ ප්‍රායෝගික ප්‍රතිපත්ති වෙත නැවත හැරීමෙන් බවයි. ඔවුන්ට අනුව වඩාත් නිදහස් වෙළෙඳපොළක්, ප්‍රධාන ව්‍යවසායකයන්ට වැඩි සහායක්, රාජ්‍ය වියදම් පිළිබඳ දැඩි කාර්යක්ෂමතාවක් සහ ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් පිළිබඳ පැරණි දේශනා මගින් සීමා නොවන විදේශ ප්‍රතිපත්තියක් අවශ්‍යය. ඔවුන්ගේ අදහස වන්නේ ලෝකයට පාඩම් කියාදීම නතර කර, ඇමරිකාව තමන්ගේම අවශ්‍යතා ගැන පළමුව සැලකිලිමත් විය යුතු බවයි.

ඊට ප්‍රතිවිරුද්ධව, ප්‍රගතිශීලී වාමාංශය පවසන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික කුළුණු අත්හැරිය නොයුතු බවයි. එහෙත් ආර්ථික පද්ධතිය රැඩිකල් ලෙස ප්‍රතිව්‍යුහගත කළ යුතු බව ඔවුන් විශ්වාස කරති. ජාතික ධනය වඩා සාධාරණ ලෙස බෙදා හැරිය යුතු අතර, විශේෂයෙන්ම තාක්ෂණික අංශයේ දැවැන්ත සමාගම් පිළිබඳ ඔවුන් දැඩි සැකයෙන් පසුවෙති.

ඔවුන්ගේ දෘෂ්ටිකෝණයෙන් නව “දුෂ්ටයන්” වන්නේ “තාක්ෂණික වැඩවසම් ස්වාමිවරුන්” (Tech Feudal Lords) ය. එනම්, තම බලය රාජ්‍ය බලයට පවා අභියෝග කරන මට්ටමට ළඟා වී ඇති අතිධනවත් බිලියනපතියන්ය.

මෙම කඳවුරු දෙකම එක කරුණක් සම්බන්ධයෙන් එකඟ වෙති. එනම්, දැනට පවතින ක්‍රමය සිය හැකියාව අවසන් කර ඇති බවයි. එහෙත් ඒ වෙනුවට කුමක් පැමිණිය යුතුද යන්න පිළිබඳව ඔවුන් අතර ගැඹුරු මතභේදයක් පවතී.

දක්ෂිණාංශික ප්‍රවේශය ප්‍රායෝගිකව පරීක්ෂා කිරීම සඳහා පැමිණි නායකයා ලෙස බොහෝ දෙනා ඩොනල්ඩ් ට්‍රම්ප්ව සලකනු ලැබීය. ඔහුගේ ආධාරකරුවන් බලාපොරොත්තු වූයේ පැරණි දේශපාලන ප්‍රභූන්ගෙන් සම්පූර්ණයෙන්ම වෙන් වූ විප්ලවීය වෙනසකි. නව ආර්ථික ජාතිකවාදයක්, නිරන්තරයෙන් සමාව ඉල්ලන රජයක් වෙනුවට තීරණාත්මකව ක්‍රියා කරන රජයක් බිහිවන බවට ඔවුන් විශ්වාස කළේය. මන්ද, ට්‍රම්ප් ඒ සියල්ලම පොරොන්දු වී තිබූ බැවිනි.

එහෙත් ට්‍රම්ප්ගේ ජනාධිපති ධුර කාලය ඔහුගේ ව්‍යාපාරයේ සීමාවන් ද හෙළි කළේය. එයට හේතුව වූයේ එහි ශක්තිමත් හා ස්ථාවර පද්ධතියක් නොතිබීමයි. ට්‍රම්ප් ඉතිහාසයේ දිගු ගමන්මඟ අනුව නොව, බොහෝ විට “ට්‍රම්ප්” යන පුද්ගලයා වටාම සිතන නායකයෙකු ලෙස පෙනී සිටියේය.

ඔහුට සියල්ල තීරණය කළ හැකි නම්, වොෂින්ටනය නව ජාතික දර්ශනයකින් නොව, රන්වන් නර්තන ශාලාවලින් සහ තම ශ්‍රේෂ්ඨත්වය සමරන ස්මාරකවලින් පිරී යනු ඇතැයි විවේචකයෝ පවසති.

ඇමරිකාවේ 250 වැනි සංවත්සරය පිළිබඳ ඔහුගේ ප්‍රවේශය ඔහුගේ සමහර හිතවතුන් පවා කලකිරීමට පත් කරනු ලැබීය. බොහෝ දෙනෙක් අපේක්ෂා කළේ රටේ ගමන්මඟ පිළිබඳ ගැඹුරු ජාතික ආවර්ජනයක් හෝ අවම වශයෙන් සංකේතාත්මක වැඩසටහනක්වත් ඉදිරිපත් වනු ඇති බවයි.

එහෙත් ට්‍රම්ප් දිගින් දිගටම අවධානය යොමු කළේ තමන්ගේම ජයග්‍රහණ පිළිබඳව කතා කිරීමටය. ඇතැම් අවස්ථාවලදී සමරනු ලබන්නේ ඇමරිකාවේ නිදහසේ 250 වැනි සංවත්සරයද, නැතහොත් ජනාධිපතිවරයාගේ 80 වැනි උපන්දිනයේ සැමරුම් තවදුරටත් පවත්වාගෙන යනවාද යන්න පවා වෙන්කර හඳුනා ගැනීම අපහසු වී තිබේ.

මේ නිසා දක්ෂිණාංශය පිළිබඳ බලාපොරොත්තු බිඳවැටීමත් සමඟ, ඇමරිකාව දැන් වාමාංශය දෙසටද අවධානය යොමු කරමින් සිටී. කෙසේ වෙතත්, සමස්ත ජාතික මට්ටමින් වාමාංශය කෙරෙහි අමෙරිකානු සමාජය තුල තවමත් පූර්ණ විශ්වාසයක් ඇති වී නැත. නමුත් ප්‍රාදේශීය මට්ටමින්, විශේෂයෙන්ම විශාල නගරවල, ඡන්දදායකයෝ නව දේශපාලන අත්හදා බැලීම් සඳහා වැඩි කැමැත්තක් දක්වති.

ඒ සඳහා පැහැදිලි උදාහරණයක් ලෙස නිව්යෝර්ක් නගරයේ විවෘතව සමාජවාදී අදහස් ප්‍රකාශ කරන නගරාධිපති සොහ්රාන් මම්දානි (Zohran Mamdani) සැලකිය හැකිය.

මෙය අහම්බයක් නොවේ. නූතන ඇමරිකාවේ ප්‍රධාන පරස්පරතා වඩාත් පැහැදිලිව පෙනෙන්නේ විශාල නගරවලය. අධික නිවාස මිල, ආදායම් විෂමතාව, සංක්‍රමණ ගැටලු, අපරාධ, ජරාජීර්ණ යටිතල පහසුකම් සහ ජනතාවගෙන් ඈත්ව සිටින දේශපාලන ප්‍රභූන් කෙරෙහි පවතින කෝපය එහිදී වඩාත් පැහැදිලිව දක්නට ලැබේ.

නගර මට්ටමින් සමාජවාදී ප්‍රතිපත්ති සාර්ථක වුවහොත්, ඒවායේ ආධාරකරුවන් ඉතා ඉක්මනින්ම ජාතික මට්ටමේ බලය භාර ගැනීමටද තමන් සූදානම් බව ප්‍රකාශ කරනු ඇත. එවිට ඔවුන්ගේ විරුද්ධවාදීන් කුමක් කරනු ඇත්ද?

ඔවුන්ට පරාජය පිළිගත හැකිය. නැතහොත්, "අපගේ ඇමරිකාවට තවදුරටත් අනෙක් ඇමරිකාව සමඟ එකම වහලක් යට ජීවත් විය නොහැක" යන නිගමනයට පැමිණිය හැකිය. ඇත්ත වශයෙන්ම, මෙම 250 වැනි සංවත්සරය මතු කරන ප්‍රධාන ප්‍රශ්නය එයයි.

ප්‍රශ්නය වන්නේ එක්සත් ජනපදයට විශිෂ්ට වසර 250ක ඉතිහාසයක් තිබුණාද යන්න නොවේ. එය එසේ වූ බවට සැකයක් නැත. 

සැබෑ ප්‍රශ්නය වන්නේ එක්සත් ජනපදයට තවමත් පොදු අනාගතයක් තිබේද? යන්නයි.

ඇතැම් විට ඇමරිකාව නැවතත් නව සම්මුතියක් සොයා ගනු ඇත. පෙර මෙන්ම නැවත වරක් තමන්ම ප්‍රතිනිර්මාණය කර ගනු ඇත. එහෙත් තවත් හැකියාවක් ද තිබේ. එනම්, එහි ප්‍රධාන දේශපාලන කඳවුරු දෙක දැනටමත් සම්පූර්ණයෙන්ම වෙනස් ඉතිහාසමය දිශාවන් දෙකක ගමන් ආරම්භ කර තිබීමයි.

ඉදිරි වසර 250 තුළ ඇමරිකානු ඉතිහාසය සංස්කෘතික හෝ අසංස්කෘතික බෙදීමක් කරා ගමන් කරන්නේ නම්, එයට හේතුව ඇමරිකානුවන්ට ජාතික ධජ නොතිබීම හෝ දේශන නොතිබීම නොවනු ඇත. ඒ වෙනුවට, එරටේ පැරණි ජාතික පොරොන්දුව තමන්ගේම ජනතාවට තවදුරටත් විශ්වාස කළ හැකි දෙයක් නොවීම එහි සැබෑ හේතුව වනු ඇත.

RT පුවත් වෙබ් අඩවියේ පලවූ Why Americans no longer believe in America     ලිපියේ සිංහල පරිවර්තනයයි. පරිවර්තනය ජීවන්ත ජයතිස්ස

සම්බන්ධිත පුවත් | Related News

එදා අපි නුඹලාට ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරලා රට නිදහස් කරලා දුන්නා
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.

ප්‍රධාන පුවත්

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.