වැලිකඩ යන්න නොදුන්නාට මානව හිමිකම් කොමිසම දැඩි කනස්සල්ලෙන්..
වැලිකඩ බන්ධනාගාරය පරීක්ෂා කිරීම සඳහා ගිය තම නිලධාරීන්ට බන්ධනාගාරය තුළට ඇතුළු වීමට අවසර නොදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සිය දැඩි කනස්සල්ල සහ විරෝධය පළ කර තිබේ.
පසුගිය ජූලි 7 වෙනිදා මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරය පරීක්ෂා කිරීම සඳහා ගොස් ඇති නමුත් බන්ධනාගාරය තුළට ඇතුළු වීමට අවසර ලැබී නැත.
පූර්ව දැනුම්දීමකින් තොරව ඕනෑම අවස්ථාවක රැඳවුම් භාරයේ පසුවන ස්ථාන වෙත ඇතුළු වීමට කොමිසමට බලය පවරා ඇති 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත, බන්ධනාගාර බලධාරීන් විසින් මෙලෙස උල්ලංඝනය කර ඇති බව කොමිසම පෙන්වා දෙයි.
මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 14 වෙනිදා පැවැති සාකච්ඡාවකදී බන්ධනාගාර නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ, එම අවස්ථාවේ බන්ධනාගාරය තුළ පැවැති අස්ථාවර ආරක්ෂක තත්ත්වය හේතුවෙන් කොමිසමේ නිලධාරීන්ට ඇතුළු වීමට අවසර නොදුන් බවය.
එම අවස්ථාවේ පැවැති සැබෑ තත්ත්වය කොමිසමේ නිලධාරීන්ට නිසි ලෙස සන්නිවේදනය කිරීමට අපොහොසත් වීම පිළිබඳව බන්ධනාගාර බලධාරීන් එහිදී කනගාටුව පළ කර ඇති අතර, ඉදිරියේදී මෙවැනි සිදුවීම් සිදු නොවන බවට සහතික වී තිබේ.
කෙසේ වෙතත්, බන්ධනාගාර නිලධාරීන් ලබා දුන් මෙම පැහැදිලි කිරීම පිළිබඳව තමන් සෑහීමකට පත් නොවන බව මානව හිමිකම් කොමිසම අවධාරණය කරයි.
මීට අමතරව, මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලින් පසු වැලිකඩ බන්ධනාගාරය වෙත මාරු කර යවන ලද රැඳවියන්ට පළිගැනීම් වශයෙන් වධහිංසා පැමිණවීම්, වෛද්‍ය ප්‍රතිකාර ප්‍රතික්ෂේප කිරීම්, රැඳවියන් සිටින ස්ථාන ඔවුන්ගේ පවුල්වලට දැනුම් දීම ප්‍රමාද කිරීම සහ දඬුවම් කාලය අවසන් වූ රැඳවියන් ද දිගින් දිගටම රඳවා තබා ගැනීම වැනි බරපතළ චෝදනා රැසක් සම්බන්ධයෙන් ද කොමිසම මෙහිදී ප්‍රශ්න කර ඇත.
බන්ධනාගාර අත්අඩංගුවේ පසුවන්නන්ට සිදු වූ වධහිංසා, අමානුෂික ලෙස සැලකීම් සහ සිදුවූ මරණ පිළිබඳව දැනට ක්‍රියාත්මක වන විමර්ශන සඳහා පූර්ණ සහාය ලබා දෙන ලෙස මානව හිමිකම් කොමිසම වැලිකඩ බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.