ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු දරිද්‍රතාවයෙන්.. පවුල් තුනෙන් එකකට හරිහමන් කෑම නෑ..- ලෝක බැංකුව
ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු තවමත් දරිද්‍රතාවයෙන් පීඩා විඳින බවත්, මෙරට පවුල්වලින් තුනෙන් එකකට ප්‍රමාණවත් පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීමට නොහැකි වී ඇති බවත් ලෝක බැංකුව අනාවරණය කරයි.
ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන ලෝක බැංකු කළමනාකරු ගෙවෝර්ග් සර්ග්සියාන් මහතා පෙන්වා දෙන්නේ, රටේ ආර්ථිකය ස්ථාවර වීම සහ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම යනු කරුණු දෙකක් බවයි.
ආර්ථිකය ස්ථාවර වුවද, එහි ප්‍රතිලාභ ජනතාවට දෛනිකව දැනෙන මට්ටමට තවමත් යථා තත්ත්වයට පත්ව නොමැති බව ඔහු අවධාරණය කළේය.
ආර්ථික අර්බුදයට පෙර පැවති මට්ටමට සාපේක්ෂව ජනතාවගේ වැටුප් තවමත් ඉහළ ගොස් නොමැති අතර, රැකියා වෙළෙඳපොළ ද සාමාන්‍ය තත්ත්වයට පත්ව නොමැත.
මෙහි බලපෑම විශේෂයෙන්ම කාන්තාවන්ට දැඩිව දැනෙන බව ලෝක බැංකු වාර්තා පෙන්වා දෙයි. යුක්රේන යුද්ධය සහ මැදපෙරදිග අර්බුදය වැනි ගෝලීය තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ ගමන තවදුරටත් අභියෝගාත්මක වී තිබේ.
ඉදිරි දශකය තුළ මෙරට රැකියා වෙළෙඳපොළට තරුණ තරුණියන් ලක්ෂ 10ක් පමණ අලුතින් එක්වීමට නියමිතය. එහෙත් වත්මන් ආර්ථික වර්ධන වේගය අනුව ඉදිරි වසර 10 තුළ නිර්මාණය කළ හැක්කේ රැකියා ලක්ෂ තුනක් පමණක් බව සර්ග්සියාන් මහතා අනතුරු ඇඟවීය. ඒ අනුව, තරුණ තරුණියන් දස දෙනෙකුගෙන් හත් දෙනෙකුට විධිමත් රැකියා අවස්ථා අහිමි වීමේ අවදානමක් පවතී.
මෙරට ශ්‍රම බලකායෙන් 70%ක්ම දැනට නිරතව සිටින්නේ අවිධිමත් රැකියාවල බවත්, අනෙකුත් රටවල් සමඟ සැසඳීමේදී මෙය ඉතා ඉහළ අගයක් බවත් ලෝක බැංකුව පවසයි. මෙම තත්ත්වයට කඩිනම් විසඳුම් නොලැබුණහොත් තරුණ පරපුර දැඩි කලකිරීමකට පත්විය හැකි බවට ද හෙතෙම අනතුරු ඇඟවීය.
රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය සහ ගුණාත්මක රැකියා උත්පාදනය අත්‍යවශ්‍ය බවත්, ඒ සඳහා අවශ්‍ය ආයෝජන දිරිගැන්වීමට සහ ලෝක වෙළෙඳපොළ සමඟ තරඟ කළ හැකි මට්ටමට දේශීය නිෂ්පාදන ඉහළ නැංවීමට ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදු කළ යුතු බවත් ලෝක බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.