අපි ආණ්ඩුව ගත්තට තාම රාජ්‍ය බලය අරගෙන නෑ.. අපේ කෙල්ලෝ කොල්ලෝ රාජ්‍යයට එන්න ඕනේ..- එරංග
තමන් ආණ්ඩුවක් පිහිටුවා තිබුණද, රාජ්‍ය බලය තවමත් සම්පූර්ණයෙන් තමන් සතු වී නොමැති බව නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ ජනහමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද සඳහන් කළේය.
"අපි ආණ්ඩුවක් අරගෙන තියෙනවා, තාම රාජ්‍ය බලය අපි අරගෙන නෑ. ග්‍රාම සේවක අපි කියන විදිහටම වැඩ කරනවද සමහර තැන්වල? ප්‍රාදේශීය ලේකම් අපි කියන විදිහටම වැඩ කරනවද? දිසාපති අපි කියන විදිහට වැඩ කරනවද? නෑ. එහෙමනම් මොකක්ද වෙන්න ඕනේ? අන්න මෙතන ඉන්න කෙල්ලෝ කොල්ලෝ රාජ්‍ය අභ්‍යන්තරයට එන්න ඕනේ."
ලංකාවේ පළමු වතාවට තමන් මුදුනට අත තබා ඇති බවත්, ඒ හේතුවෙන් සෙසු පිරිස් කලබල වී ඇති බවත් ඔහු මෙහිදී පැවසීය. පරාජිත දේශපාලන කණ්ඩායම් පිළිබඳව අදහස් දක්වමින් ඔහු මෙසේ ද ප්‍රකාශ කළේය.
"පරාදයි රනිල්ලා විනාශ වෙලා නෑ. පරාදයි සජිත්ලා විනාශ වෙලා නෑ. පරාදයි නාමල්ලා විනාශ වෙලා නෑ. අන්න ඒ විනාශ නොවුණු පිරිස දැන් තැන් තැන්වල නටන්න පටන් අරගෙන තියෙනවා. අපි මොකක්ද කරන්න ඕනේ? දේශපාලනිකව විනාශ කරලා දාන්න ඕනේ. නටන්න පුළුවන් වුණාට දළදා පෙරහැරේ හැමෝටම නටන්න දෙන්නෙත් නෑ. ඒ වගේ තමයි ඕගොල්ලන්ටත්."
මෙම බලය නැවත කිසිවෙකුට ලබා දීම සඳහා තමන් කටයුතු නොකරන බව ද නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.