කටුනේරිය ටයිකොන්ඩෝ ක්‍රීඩකයෝ ජාතික ශූරතාවලියේදී පදක්කම් රැසක් දිනති.. - දක්ෂතම ක්‍රීඩකයාට හිමි රන් කුසලානය දසුන් නෙත්සර ක්‍රීඩකයාට..
නිට්ටඹුව වතුපිටිවල ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පසුගිය ජූලි 9 වනදා සිට 12 වනදා දක්වා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු ජාතික පෝතක සහ කණිෂ්ඨ ටයිකොන්ඩෝ ශූරතාවලියේදී අතිවිශිෂ්ඨ දක්ෂතා දක්වන්නට පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කළ කටුනේරිය ටයිකොන්ඩෝ ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින් සමත් විය.
තරගාවලියේ පෝතක අංශයේ කිලෝග්‍රෑම් 65 ට වැඩි බර පන්තිය යටතේ තරග වැදුණු නිකෙල් රොශේන් ක්‍රීඩකයා සහ කණිෂ්ඨ අංශයේ කිලෝග්‍රෑම් 45-48 බර පන්තිය යටතේ තරග වැදුණු දසුන් නෙත්සර ක්‍රීඩකයා රන් පදක්කම් දිනා ගනිමින් කටුනේරිය නාමය ජාතික තලයේ ඉහළින්ම සනිටුහන් කිරීමට සමත් වූහ.
මීට අමතරව කණිෂ්ඨ අංශයේ කිලෝග්‍රෑම් 63-68 බර පන්තියෙන් තරග කළ ශෙනූෂ් අමාෂ් රිදී පදක්කමක්ද, කිලෝග්‍රෑම් 51-55 බර පන්තියෙන් තරග කළ යෙනුල් ශෙහාර ලෝකඩ පදක්කමක්ද දිනා ගනිමින් කණ්ඩායමේ පදක්කම් ලැයිස්තුව තවදුරටත් ශක්තිමත් කළහ.
මෙම තරගාවලියේ සුවිශේෂීම අවස්ථාව සනිටුහන් කරමින්, සමස්ත කණිෂ්ඨ අංශයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි රන් කුසලානය දිනා ගැනීමට රන් පදක්කම්ලාභී දසුන් නෙත්සර ක්‍රීඩකයා සමත් විය. ටයිකොන්ඩෝ ක්‍රීඩා ඉතිහාසය තුළ පුත්තලම දිස්ත්‍රික්කයේ ක්‍රීඩකයෙකු මෙවැනි දක්ෂතම ක්‍රීඩකයාට හිමි ජාතික සම්මානයක් දිනාගත් ප්‍රථම අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි.
මෙම ඓතිහාසික ජයග්‍රහණය පිටුපස සිටිමින් ක්‍රීඩකයන්ව මෙහෙයවනු ලැබුවේ කණ්ඩායමේ දක්ෂ පුහුණුකරුවන් වන අයිවන් ප්‍රනාන්දු, කෝසල ප්‍රනාන්දු සහ රනුක ප්‍රභාත් යන මහත්වරුන් විසිනි.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.