දේශපාලන අවශ්‍යතාවයන් සපුරා ගන්න විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ආණ්ඩුව දරන පහත් සහ නිර්ලජ්ජිත උත්සාහයට විරුද්ධ විය යුතුයි - ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
දේශපාලන අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා මේ රටේ ඉහළ අධිකරණ වල විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට මෙම ආණ්ඩුව දරනු ලබන්නා වූ ඉතාමත් පහත් සහ නිර්ලජ්ජිත උත්සාහයට විරුද්ධ විය යුතුය.
දේශපාලන අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා මේ රටේ ඉහළ අධිකරණ වල විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට මෙම ආණ්ඩුව දරනු ලබන්නා වූ ඉතාමත් පහත් සහ නිර්ලජ්ජිත උත්සාහයට විරුද්ධව මේ රටේ ඉතා විශාල ජනතා මතයක් ඇතිව තිබෙන බව අපි නිරීක්ෂණය කරමු.
අප පක්ෂයක් වශයෙන් දිගින් දිගටම මෙම පහත් උත්සාහයට එරෙහි වූයේ එය අප රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් වන බැවිනි.
විනිශ්චකාරවරුන්ගේ සංගමය විසින් සම්මත කොට ඇත්තේ මෙම තීරණයට විරුද්ධ විය යුතු බවයි. රටේ විනිශ්චකාරවරුන් විසින්ම මෙම ආණ්ඩුවේ කූට සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී උත්සාහයට විරුද්ධව හඬක් නැගීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන රටක් විසින් ඉතා ඉහලින් සලකා බැලිය යුතු කරුණකි.
වත්මන් ආණ්ඩුව විසින් දේශපාලන අවශ්‍යතා මත ඉහළ අධිකරණවල විනිසුරුවන්ගේ සේවකාලය දීර්ඝ කිරීමට දරන්නා වූ මෙම නිර්ලජ්ජිත උත්සාහයට එරෙහිව විපක්ෂයේ සියලු පක්ෂ එකමුතු කොට හඬක් නැගිය යුතු බවට පසුගිය සතියේ අප පක්ෂයේ ජාතික සංවිධායකතුමා විසින් මේ රටේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටිනු ලැබූ අතර එම කරුණ සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාගේ ඉක්මන් අවධානය යොමු වනු ඇතැයි මම විශ්වාස කරමි.
අප මව්බිමෙහි ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමේදී එයට එරෙහිව කුමන තර්ජන හා බලපෑම් ඇතිවුවද ඒ වෙනුවෙන් පෙනී සිටින බවටත් ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම සඳහා උපරිම කැපවීම කරන බවටත් ප්‍රකාශ කර සිටීමට කැමැත්තෙමි.
නීතීඥ සාගර කාරියවසම්
මහ ලේකම්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්