E-Visa: වත්මන් කැබිනට් මණ්ඩලයට නොතීසි නිකුත් කරන්නැයි අධිකරණය නියෝග කරයි
පසුගිය රජය සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් වෙත පැවරීම සඳහා ඇතිකර ගෙන තිබෙන ගිවිසුම්වල නීත්‍යනුකූලභාවය පිළිබඳව යළි සලකා බැලීමට වත්මන් අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි නීතිපතිවරයා අද (ජූලි 10) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය.
ඉකුත් රජය සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගම්වලට පැවරීමට එවක අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය අභියෝගයට ලක් කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජනාධිපති නීතීඥ එම්.ඒ. සුමන්දිරන්, පාඨලී චම්පික රණවක සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (ජූලි 10) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන එය දැනුම් දුන්නා ය.
E – Visa නිකුත් කිරීම පෞද්ගලික සමාගම්වලට පැවරීමට ගත් තීරණයට එරෙහි පෙත්සම ගැන අධිකරණය තීරණයක් ගනී
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි හා අර්ජුණ ඔබේසේකර යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් කැඳවනු ලැබ තිබිණි.
අදාළ පෙත්සම් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පෞද්ගලික සමාගම් සමග ඇති කර ගත් ගිවිසුම්වල නීත්‍යනුකූලභාවය පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා වත්මන් අමාත්‍ය මණ්ඩලය විසින් අනුකමිටුවක් පත් කරනු ලැබ ඇති බව පැවසුවා ය.
එම කමිටුව අදාළ කරුණු අධ්‍යයනය කරමින් සිටින බව සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය එම කටයුතුවල ප්‍රගතිය දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා ය.
එම අවස්ථාවේදී පෙත්සම්කරුවෙකු වූ ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ, මෙම ගනුදෙනුව අවලංගු කිරීමට වත්මන් රජය තීරණය කර තිබුණ ද මෙම පෙත්සම ඉදිරියට පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බව ය.
වත්මන් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති බව ද ජනාධිපති නීතිඥවරයා පැවසුවේය.
ඒ අනුව, වත්මන් අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්ට නොතීසි නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස පෙත්සම්කාර පාර්ශවයට නියම කළ විනිසුරු මඩුල්ල, මෙම පෙත්සම යළි සැප්තැම්බර් මස 29 වන දා කැඳවන ලෙස ද නියෝග කර තිබේ.
- BBC සිංහල
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්