News Category
From Date
To Date
Maximum Number of Result

පසන් අමරසේන අධිකරණ සේවා සංගමයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි!

Jul 11, 2026 at 08:27 AM
|

කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අධිකරණ සේවා සංගමයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වේ.

එම සංගමයේ විධායක කමිටුව සමග ඇතිවූ මතභේදයක් හේතුවෙන් ඒ මහතා මෙසේ ඉල්ලා අස්වී ඇති බවයි සඳහන් වන්නේ.

උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම සඳහා ආණ්ඩුව ගෙනයන ක්‍රියාමාර්ගය පිළිබඳව සාච්ඡා කිරීමට අධිකරණ සේවා සංගමයේ විශේෂ මහා සභා රැස්වීමක් ජුලි 11 දිනයේදී පැවැත්වීමට නියමිත අතර එම විශේෂ මහා සභා රැස්වීමට යෝජනා කර තිබුණේ අධිකරණ සේවා සංගමයේ විධායක කමිටුව විසිනි. එහෙත් සභාපතිවරයා මෙම විශේෂ මහා සභා රැස්වීම පැවැත්වීමට විරුද්ධ වීම හේතුවෙන් මෙම මත ගැටුම හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පසන් අමරසේන මහතා සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙමින් අධිකරණ සේවා සංගමයේ සියලුම සාමාජිකයින් වෙත යවන ලද ලිපිය පහතින් දැක්වේ.

අධිකරණ සේවා සංගමයේ ගරු සාමාජිකයින් සියළු දෙනා වෙත,

මෙම තීරණාත්මක මොහොතේ අධිකරණ සේවා සංගමයේ සභාපතිවරයා ලෙසට වර්තමාන තත්වය පිළිබදව සමස්ථ සාමාජිකත්වය දැනුවත් කිරීම අත්නොහල යුතු වගකීමක් වන බැවින් මෙය පළ කරමි.

අධිකරණ සේවා සංගමය ආරම්භ කරන ලද්දේ සාමාජික විනිසුරුවරුන්ගේ සුභසාධනය සදහා ක්‍රියාත්මක වන සංගමයක් ලෙසටයි. අධිකරණ සේවා සංගමය කිසිදු අවස්ථාවකදී වෘත්තීය සමිතියක් ලෙසට ක්‍රියාත්මක වී නොමැති අතර එසේ ක්‍රියාත්මක වීමේ හැකියාවක්ද නොමැත. අධිකරණ සේවා සංගමය ලියාපදිංචි කරන ලද සංගමයක් නොවන අතරම, ලිඛිත ව්‍යවස්ථාවක්ද නොමැති, සම්ප්‍රදායන් සහ පූර්ව නිදර්ශන පෙරදැරි කරගෙන අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් ගෞරවාන්විත කාර්‍යභාරයක් සමස්ථ අධිකරණ පද්ධතියට සහ රටටම සිදුකරනු ලබන, ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන්ගේ පමණක් සාමාජිකත්වයෙන් පිහිටුවන ලද සංගමයකි.

අධිකරණ සේවා සංගමයේ සෑම සාමාජිකයකුම අධිකරණ සේවා කොමිෂන් සභාව යටතේ සේවයේ නියුතු විනිසුරුවරුන් වේ. වෘත්තීය සාරධර්ම සහ ස්වාධීනත්වය රැකගෙන අධිකරණ සේවා කොමිෂන් සභාවේ ආශිර්වාදය ඇතිව ශ්‍රී ලංකාවේ සමස්ථ අධිකරණ සේවයටම ආභරණයක් ලෙසට අධිකරණ සේවා සංගමය ආදර්ශමත් ගමනක් මෙතෙක් පැමිණ තිබේ.

ඉතිහාසයේ කවරදාකවත් සිදු නොවූ ආකාරයෙන්, විනිසුරුවරුන්ට නොගැලපෙන අයුරින් අධිකරණ සේවා සංගමය සහ එහි සාමාජිකත්වය අපකීර්තියට පත් කරමින්, සමස්ථ සාමාජිකත්වයම ඉතාම පහත්, භයානක තත්වයකට ඇද දමමින්, සාමාජිකයින් සහ සාමාජිකාවන් අතලොස්සක් සහ අධිකරණ සේවා සංගමයේ ලේකම්වරයා ප්‍රමුඛ විධායක කමිටු සාමාජික සාමාජිකාවන් පිරිසක් කටයුතු කරනු ලබන බව කණගාටුවෙන් සහ පිලිකුල්සහගතව සමස්ථ සාමාජිකත්වයට දැනුම් දීමට සිදුව තිබේ.

2026.07.11 දිනට පැවැත්වීමට විධායක කමිටුව විසින් සාමාජිකත්වයට යෝජනාකර තිබූ විශේෂ මහා සභා රැස්වීම*

2026.06.27 දින රැස්වූ විධායක කමිටුව විසින්, මේ වන විට සාකච්ඡාවට භාජනය වී ඇති විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අප සංගමයේ සාමාජිකයින්ගේ අදහස් විමසීම සදහා විශේෂ මහා සභාවක් පැවැත්වීමට සාමාජිකත්වයට යෝජනා කිරීමට තීරණය කරන ලදී.

මේ වන තෙක් අධිකරණ සේවා සංගමය විසින් පවත්වන ලද සියළුම විශේෂ මහා සභා රැස්වීම් පැවැත්වීමට පෙර අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත අදාල මාතෘකාව සම්බන්ධයෙන් වූ අප සංගමයේ විධායක සභාවේ සැලකිල්ලට බදුන් වූ හේතු (reasons for the concern) අධිකරණ සේවා කොමිෂන් සභාව සමග පවත්වන සම්මුඛ සාකච්ඡාවකදී හෝ අධිකරණ සේවා කොමිෂන් සභාවේ ගරු ලේකම්වරයා හරහා කොමිෂන් සභාවට දැනුම් දීමෙන් පසුව, අධිකරණ සේවා කොමිෂන් සභාවේද එකගතාවය (concurrence) මත පැවැත්වීම පිළිගත් සම්ප්‍රදාය බව ඔබ අප සියළු දෙනා දන්නා කරුණකි. කෙසේවුවද මේ අවස්ථාවේදී ද ඒ ආකාරයට අධිකරණ සේවා කොමිෂන් සභාව සමග සාකච්ඡාවක් පවත්වා මෙම මාතෘකාව සම්බන්ධයෙන් වූ අප සංගමයේ සැලකිලිමත්වීම (concern) දැනුම්දීමට මා විසින් විධායක කමිටුවට කරන ලද යෝජනාව විධායක කමිටුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ඉවත දමන ලදී. ඔවුන් හේතුව ලෙසට දකවා සිටියේ, අධිකරණ සේවා කොමිෂන් සභාව සමග සාකච්ඡා කිරීමට ගියහොත් තමන්ට මෙම මහා සභා රැස්වීම නොපවත්වන ලෙසට අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් අණ කරනු ලැබිය හැකි බවයි.

අධිකරණ සේවා සංගමය විසින් මෙතෙක් පවත්වන ලද විශේෂ මහා සභා රැස්වීම් පවත්වන ලද ක්‍රමවේදය, එදින විධායක කමිටු රැස්වීමට සහභාගී වූ සාමාජිකයින් අතුරින්, 2010 වර්ෂයෙන් පසුව පැවැති සෑම විශේෂ මහා සභා රැස්වීමකටම සහභාගී වී සිටි සාමාජිකයකු වන මා විසින් විධායක කමිටුව වෙත 2026.06.27 දින පැවැති කමිටු සාකච්ඡාවේදී මනාව පැහැදිලි කරන ලදී.

එසේ විශේෂ මහා සභා රැස්වීමක් පැවැත්වීම සිදු කරනු ලබන්නේ;

සමස්ථ සාමාජිකත්වයෙන් 1/3ක් විසින් කරනු ලබන ඉල්ලීමක් මත; හෝ,

⁠එසේ සමස්ථ සාමාජිකත්වයෙන් 1/3 කගේ ඉල්ලීමක් නොමැති අවස්ථාවකදී විධායක කමිටුව විසින් විශේෂ මහා සභා රැස්වීමක් පැවැත්වීමට යෝජනාවක් සාමාජිකත්වයට දැනුම් දී, සමස්ථ සාමාජිකත්වයෙන් 1/3 ක වත් සාමාජිකයින් සංඛ්‍යාවක් එම විශේෂ මහා සභා රැස්වීමට සහභාගී වන බවට තහවුරු කළහොත්;

පමණක් බව මේ වන විට අධිකරණ සේවා සංගමය විසින් සිදු කරනු ලබන ක්‍රමවේදය බව මා විසින් පැහැදිලි කිරීමෙන් පසුව, සමස්ථ සාමාජිකත්වයෙන් 1/3 ක සංඛ්‍යාවකගේ ඉල්ලීමක් නොමැති බැවින්, ඉහත කී දෙවන ක්‍රමවේදය අනුව සමස්ථ සාමාජිකත්වයෙන් 1/3 ක් සහභාගීත්වය තහවුරු කළහොත් 2026.07.11 දින විශේෂ මහා රැස්වීමක් පැවැත්වීමට විධායක කමිටුව විසින් ඒකමතිකව තීරණය කරන ලදී. එකී තීරණය අනුව ලේකම්වරයා විසින් JSA Members Official Whatsapp Group හි 2026.07.02 දිනැති සහභාගීත්වය තහවුරු කිරීමේ (confirmation of participation) පණිවුඩය පළ කරන ලදී. ඒ අනුව මෙම විශේෂ මහා සභා රැස්වීම පැවැත්වීමට නම් අප සංගමයේ සාමාජිකයින් 86 දෙනකු විසින් තම සහභාගීත්වය තහවුරු කළ යුතු වේ. නමුත් සහභාගීත්වය තහවුරු කිරීමේ කාලය අද උදෑසන අවසාන වූ පසුවත් මේ වන විට සාමාජිකයින් 46 ක් පමණක් තම සහභාගීවීම තහවුරු කර තිබේ. ඒ අනුව පිළිගත් සම්ප්‍රදාය අනුව මෙම යෝජිත විශේෂ මහා සභා රැස්වීම පැවැත්වීමේ හැකියාවක් නැත.

විශේෂ මහා සභා රැස්වීමක් පැවැත්වීමට ප්‍රමාණවත් සාමාජිකයින් සංඛ්‍යාවක් සහභාගීත්වය තහවුරු නොකරන බවත්, ඒ අනුව විශේෂ මහා සභා රැස්වීම පැවැත්වීමට නොහැකි බවට හැගීයාම හේතුවෙන්, කෙසේ හෝ විශේෂ මහා සභා රැස්වීමක් පවත්වා විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අධිකරණ සේවා සංගමය එරෙහි බවට යෝජනාවක් සම්මත කර, එය මාධ්‍ය මගින් ප්‍රචාරය කර, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහි වී ඇති පාර්ශවයන්ට සහ සමහර දේශපාලන උවමනාවන්ට සහාය දැක්වීමේ කණගාටුදායක සහ නිර්ලජ්ජිත උත්සාහයක අප සංගමයේ ලේකම්වරයා, විධායක කමිටුවේ සාමාජිකයින් කිහිප දෙනෙකු සහ සාමාජිකයින් කිහිප දෙනෙකු නිරත වන බව මේ වන විට පැහැදිලිව පෙනී යයි. සහභාගීත්වය තහවුරු කිරීමේ කාලය ඉක්මයාමටද මත්තෙන් ඊයේ දින වනවිටම ලේකම්වරයා විසින් විශේෂ මහා සභා රැස්වීම අනිවාර්යයෙන්ම පවත්වනු ලබන බවට නිවේදනය කිරීමෙන්ම මෙම උත්සාහය පිළිබදව මනාව පැහැදිලි වේ. තවද, ඉතාම පැහැදිලිව ගන්නා ලද විධායක කමිටු තීරණ වෙනස් කරමින් විටින් විට වෙනස් තීරණ විධායක සභාවට දැනුම් දීම මගින් ලේකම්වරයා විසින් රැස්වීම් සටහන් සිතාමතාම වෙනස් කර තමන්ට අවශ්‍ය තීරණය විධායක සභාව විසින් ගත් තීරණය බවට ව්‍යාජව දන්වමින් කටයුතු කරන බවද පෙනී යයි.

මෙම මහා සභා රැස්වීම සෙනසුරාදා දිනයකදී විවෘත අධිකරණ ශාලාවකදී පැවැත්වීමට නියමිත නමුත්, කඩුවෙල මහේස්ත්‍රාත්වරයා විසින් මෙතෙක් ඒ සදහා අධිකරණ සේවා කොමිෂන් සභාවේ අවසරයද ලබාගෙන නොමැත.

මේ ආකාරයෙන් විනිසුරුවරුන් විසින් අධිකරණ සේවා කොමිෂන් සභාවේ අවසරයකින් තොරව, සම්ප්‍රදායෙන් බැහැරව, සමස්ථ සාමාජික සංඛ්‍යාවෙන් 1/3 කගේ වත් සහභාගීත්වය තහවුරුවකින් තොරව විශේෂ මහා සභා රැස්වීමක් පැවැත්වීම නීත්‍යානුකූල නොවන අතර, නීත්‍යානුකූල නොවන රැස්වීමකට සහභාගී වී සභාපතිවරයා ලෙසට මුලසුන දැරීම, මෙම රැස්වීමට සහභාගීවන බවට තහවුරු කර නැති අති බහුතර සාමාජිකත්වයට (සාමාජිකයින් 212) සහ අධිකරණ සේවා කොමිෂන් සභාවට ද අගෞරවයක් බවට සලකමි.

විධායක කමිටුව විසින් 2026.07.11 දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්වීමට සාමාජිකත්වයට යෝජනා කරන ලද විශේෂ මහා සභා රැස්වීම ඉහත කරුණු මත මුලසුන ගෙන පැවැත්වීමට සභාපතිවරයා ලෙසට මා හට නොහැකි බවට දැනුම් දෙමි.

කෙසේවුවද, ඉහත දක්වන ලද කරුණු වලට පටහැනිව විශේෂ මහා සභා රැස්වීමක් 2026.07.11 දින පැවැත්වීමට කවරකු හෝ සංවිධානය කළහොත්, එම රැස්වීම සම්බන්ධයෙන් සභාපතිවරයා ලෙසට මා කිසිදු වගකීමක් භාර නොගන්නා බවද, නීත්‍යානුකූල නොවන විශේෂ මහා සභා රැස්වීමකට සභාපතිවරයා ලෙස මුලසුන ගැනීමට මා හට හැකියාවක් නොමැති බවද සමස්ථ සාමාජිකත්වයට ගෞරවයෙන් දැනුම් දෙමි.

තවද, පසුගිය දින කිහිපයෙහි අධිකරණ සේවා සංගමයේ ලේකම්වරයා සහ විධායක කමිටුවේ සමහර සාමාජිකයින් හැසිරුණු ආකාරය ඉතාම කණගාටුදායක අතර, කිසිදු වෘත්තීයභාවයක් නොපෙන්වමින්, අසත්‍ය ප්‍රකාශ කරමින්, කිසිදු පැකිලීමකින් තොරව කිසිදා අධිකරණ සේවා සංගමයේ සිදු නොවූ ආකාරයෙන් විධායක කමිටු තීරණ සහ සටහන් (Exco Minutes) විටින් විට වෙනස් කරමින් සදාචාරාත්මක නොවන අයුරින් හැසිරුණු ආකාරය ඉතාම ශෝචනීයය. සමහර විධායක කමිටු රැස්වීම් සදහා සහභාගී නොවූ විධායක කමිටු සාමාජිකයින් පවා තමන් සහභාගී නොවූ රැස්වීම් වලදී ගත් තීරණ සම්බන්ධයෙන් අසත්‍ය කරුණු දැක්වීම් සිදු කිරීම් කරන ලද්දේ තමන්ගේ වෘත්තීය ගෞරවය පවා කෙලෙසා ගනිමිනි.

කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි විධායක කමිටුවකට තවදුරටත් නායකත්වය සැපයීමට මා හට කිසිදු අවශ්‍යතාවයක් නොමැත. අධිකරණ සේවා සංගමයේ වර්තමාන ලේකම්වරයා සහ විධායක කමිටුවේ බහුතර සාමාජිකයින් පිළිබදව කිසිදු විශ්වාසයක් මා හට නොමැති බැවින් අධිකරණ සේවා සංගමයේ සභාපතිධූරයෙන් වහාම ඉල්ලා අස්වීමට මා තීරණය කළ බවද දැනුම් දීමට කැමැත්තෙමි.

කිසිදු බාහිර බලපෑමකට යටත් නොවී තම මතය නිර්භයව අවංකව ප්‍රකාශ කළ ප්‍රතිපත්තිගරුක විධායක කමිටු සහ අනෙකුත් සාමාජිකයින් කිහිපදෙනාට ගෞරවපූර්වක ස්තුතිය පිරිනමමි.

පසුගිය වාර්ෂික මහා සභා රැස්වීමේදී මා සභාපතිධූරයට ඒකමතිකව පත් කරන ලද සමස්ථ සාමාජිකත්වයට ද මාගේ හෘදයාංගම ස්තුතිය පිරිනමමි.

ස්තුතියි.

- පසාන් අමරසේන

සභාපති,

අධිකරණ සේවා සංගමය.

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.
ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ගමන් වියදම් දීමනාව ඉහළ නොදැමීම සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ග්‍රාම නිලධාරින් හෙට (10) සහ අනිද්දා (11) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා දමා සේවයට වාර්තා නොකර සිටීමට තීරණය කර තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
විශ්වාසභංග යෝජනාවෙන් අධිකරණ ඇමතිවරයාව බේරා ගැනීමට කටයුතු කළද එයින් කිසිදු යහපත් ප්‍රතිඵලයක් හෝ වැඩක් සිදු නොවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසයි.
පිරිපහදු නොකළ පොල්තෙල් ආනයනය කළ සමාගම් පහක් පසුගිය 2024 වසරේ හිඟ බදු ලෙස රුපියල් මිලියන 2,891ක් ගෙවිය යුතුව ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති නිශාන්ත ජයවීර පාර්ලිමේන්තුවේදී ඊයේ (06) ප්‍රකාශ කළේය. මෙලෙස ගෙවීමට ඇති හිඟ බදු ප්‍රමාණයෙන් මිලියන 2,723ක් එකතු කළ අගය මත බද්ද (VAT) වන අතර මිලියන 168ක් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

ප්‍රධාන පුවත්

ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.

NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.