දයාසිරි අත්අඩංගුවට ගන්න හදනවා.. - සජිත් හෙළිකරයි..
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඉලක්ක කරගනිමින් ආණ්ඩුව දේශපාලන දඩයමක් ක්‍රියාත්මක කරමින් සිටින බවත්, ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය පසුබිම මේ වන විට සකස් කරමින් පවතින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.
තමන් සතු සමාජ මාධ්‍ය ජාල සහ විවිධ පාර්ශව උපයෝගී කරගනිමින් දයාසිරි ජයසේකර මහතාට එරෙහිව ජනමතයක් ගොඩනැගීමට ආණ්ඩුව උත්සාහ කරන බව පැවසූ විපක්ෂ නායකවරයා, මෙය ඉතා ලැජ්ජා සහගත ක්‍රියාවක් බව ද අවධාරණය කළේය.
2019 වසරේදී දයාසිරි ජයසේකර මහතාට වෛද්‍ය ප්‍රතිකාර සඳහා රුපියල් ලක්ෂ පහක දීමනාවක් හිමිව ඇති බවත්, ඔහු සිය ප්‍රතිකාර සඳහා රුපියල් 868,000ක මුදලක් වැය කර ඇති බවත් එම දීමනාව ලබා දීමේදී ඉදිරිපත් කළ බිල්පත්වල දෝෂ පවතින බව පවසමින් ඔහුව අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව සූදානම් වන බව සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.
"කරුණා සහගත දීමනාවක් කියන්නේ විධායක ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි ලබා දෙන ප්‍රදානයක්. ඒ සඳහා බිල්පත් ඉදිරිපත් කළ යුතු බවට කොහේවත් සඳහන් වෙලා නැහැ. එවැනි තත්ත්වයක් තුළ බිල්පත්වල ගැටලු පවතින බව පවසමින් ඔහුව අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීම පැහැදිලිවම දේශපාලන පළිගැනීමක්," යැයි විපක්ෂ නායකවරයා පැවසීය.
රටේ පවතින බරපතළ ගැටලු පිළිබඳව අවධානය යොමු කරනවා වෙනුවට ආණ්ඩුව මෙවැනි දේශපාලන දඩයම්වල නිරත වීම කණගාටුදායක බව ද ඔහු සඳහන් කළේය.
බන්ධනාගාර පද්ධතිය කළමනාකරණය කිරීම, කඩා වැටෙන ආර්ථිකය පණ ගැන්වීම, දිළිඳුකම සහ මන්දපෝෂණය පිටුදැකීම මෙන්ම සීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝගය මර්දනය කිරීම වැනි අත්‍යවශ්‍ය කාර්යයන් පසෙකලා ආණ්ඩුව මෙලෙස දේශපාලන පළිගැනීම්වල නිරත වන බවට ඔහු චෝදනා කළේය.
දයාසිරි ජයසේකර මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් තමන් ඇතුළු විපක්ෂය ඕනෑම අවස්ථාවක පෙනී සිටින බව ද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්