නැත්ත වෙනුවට ඇත්ත..
නැත්ත වෙනුවට ඇත්ත කියන්නේ එවකට ජනතා විමුක්ති පරමුණේ ප්‍රචාරක ලේකම් සහ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා වුණු විමල් වීරවංශ මතවාදි ගැටලුවක් නිසා 2008 වර්ෂයේ පක්ෂයෙන් ඉව්ත් වීමෙන් පසු ඒ ඉවත් වීමට අදාළ දේශපාලන අදහස ප්‍රකාශයට පත් කරන්න ඔහු විසින් පළ කළ ග්‍රන්ථය. එහි අඩංගු වුනේ ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය තුල 2005 ජනාධිපතිවරණයේදීත් 2005න් පසු ගත යුතු දේශපාලන උපායමාර්ග පිළිබඳවත් සාකච්චා වුනු දේශපාලන කරුණු.
එදි විමල් වීරවංශ විසින් පක්ෂයට ලියූ ලිපි 4 කුත් එවකට පක්ෂ නායකයා වුනු සෝමවංශ අමරසිංහ මහතා ලියූ ලිපි 6 කුත් නන්දන ගුණතිලක මහතාගේ ලිපියකුත් ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ලියූ ලිපි 2ක වූ කරුණුත් අඩංගු කරල තිබුණා.
මේ පොත ප්‍රකාශයට පත් වුනු 2008 කාලේ ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රධාන චෝදනාව වුනේ පක්ෂයෙන් ඉවත් වෙන්න සිදු වෙච්ච නිසා විමල් වීරවංශ පාර්ශවය විසින් බොරු ගොතා ප්‍රචාරය කරනවා කියලා.මෙහි තිබෙන කරුණු ඔවුන් ප්‍රතික්ෂේප කළා.
නමුත් මේ නඩු කටයුත්ත නිසා ඔවුන්ට පිළිගන්න වුනා මේ ඉදිරිපත් කරල තියෙන කරුණු සැබෑවටම ඔවුන්ගේ අදහස් බව. ඒවා ඇත්ත ලේඛන බව. බුද්ධිමය දේපළ නඩුවක් කියන්නේම ඒවා ඇත්ත ලේඛන කියල පිලිගැනීමක්.
පසුව සෝමවංශ අමරසිංහ මහතාත් මේ ග්‍රන්ථයේ ඇති කරුණු නිවැරදි බව ප්‍රසිද්ධියේ තහවුරු කළා.
2019 වර්ෂයේ මේ නඩුවට අදාළ තීන්දුව දෙමින් මේ ග්‍රන්ථය පළ කිරීම වාරණය කළා.ඒ වෙද්දිත් එහි මුද්‍රණ දස දහස් ගණනක් විකිණිලා තිබ්බා.බුද්ධිමය දේපල අනවසරෙයෙන් ඵල කිරීමේ වරදට විමල් වීරවංශ මහතාට ලක්ෂ 10ක මුදලක් පැමිණිලිකාර ටිල්වින් සිල්වාට ගෙවන්න නියෝග කළා වාණිජ අධිකරණය මගින්.
විමල් වීරවංශ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එයට විරුද්ධව ඉදිපත් කළ අභියාචනයේ තීන්දුවයි පසුගියදා ලැබුනේ. එහිදී ටිල්වින් සිල්වා මහතාට ගෙවන්නට නියෝග කළ ලක්ෂ 10 වන්දිය ඉවත් කිරීමට ඉල්ලූ අභියාචනය ශේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරා. නමුත් නැත්ත වෙනුවට ඇත්ත ග්‍රන්ථය පළ කිරීම වාරණය කරමින් දී තිබූ නියෝගය සංශෝධණය කරමින් ටිල්වින් සිල්වා මහතාගේ ලිපි නොමැතිව ග්‍රන්ථය පල කිරීමට අවසර ලබා දුන්නා..
මේ ඒ පොතේ පොත ගැන පළ කළ සටහන
"ජනතා විමුක්ති පෙරමුණ තුළ ඇති වූ විශාලතම අභ්‍යන්තර දෙදරීම පිටුපස වන සැබෑ හේතු මෙතෙක් නිවැරදිව අනාවරණය වී නැත. ඒ වෙනුවට එළිදක්වා ඇත්තේ පටු චෝදනා හෝ අවලාද පමණි.මෙම කෘතිය ප්‍රථමවරට එම පක්ෂයේ අභ්යන්තරයේ දෙවසරකට වඩා වැඩි කාලයක් සිදු වූ එහි වර්තමාන පිපිරීම කෙරෙහි සෘජුවම බලපෑ හේතු අනාවරණය කරයි.
ජවිපෙ මධ්‍යම කාරක සභාව තුළ පැවති විවාදයට අදාළ අප්‍රකට තොරතුරු රැසක් මෙමගින් අනාවරනය කෙරී තිබේ.පාඨකයාට මෙම කෘතිය වැදගත් වන්නේ ජවිපෙ දෙකඩ වීමේ සැබෑ හේතු හඳුනා ගැනීමට මෙමගින් මග සලසා දී ඇති බැවිනි."
පක්ෂ අභ්‍යන්තරයේ දෙවසරකට අධික කාලයක් පැතිරුණු දේශපාලන විවාදය සහ ජවිපෙ දෙකඩ වීමේ සැබෑ හේතු සාධක වටහා ගැනීමට ලාංකීය දේශපාලනය ගැන උනන්දු හැමෝම කියවිය යුතු පොතක්.
(Kelum Niranjana ගේ මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්