ගෝඨාභයගේ පෙත්සම් විභාගය 23 වෙනිදා දක්වා කල් යයි..
පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම මේ මස 23 වනදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියම කළේය.
ඒ, මෙම පෙත්සම ඊයේ (09) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ හතරවන දිනටත් සලකා බැලූ අවස්ථාවේදීය.
එහිදී අදාල පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම් කර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු පිරිසක් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියාය.
“ස්වාමීනි… පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් වග උත්තරකාර ශානි අබේසේකර මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු ජනක් ද සිල්වා කොමිසම විසින් නිර්දේශ නිකුත් කර තිබෙන බවට පෙත්සම්කාර පාර්ශ්වය මීට පෙර අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණා.
මේක සම්පූර්ණයෙන්ම අධිකරණය නොමග හැරීමක් හැටියට සදහන් කරන්න පුළුවන්. ඒක සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශයක්. මේ කොමිෂන් සභා වාර්තාවේ නොකර හැරීම් යටතේ පොලිස් දෙපාර්තමේන්තුවට අදාලව නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.
පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු ලෙස කටයුතු කළ සිව් දෙනෙකු සහ තවත් නිලධාරීන් කිහිප දෙනෙකු පිලිබඳව එහි සඳහන් කර තිබෙනවා.
ඒ අතුරින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව දැනටමත් නීතිපතිවරයා විසින් අපරාධ නඩු ගොනු කර එහි තීන්දුව කල් ලබා තිබෙනවා. නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් නීතිපතිවරයා කරුණු අධ්‍යයනය කරමින් සිටිනවා.
මේ කොමිසම විසින් ඉදිරිපත් කළ නිර්දේශවල වග උත්තරකාර ශානි අබේසේකරට එරෙහිව කිසිවක් ප්‍රකාශ කර නෑ. ඒ නිසා පෙත්සම්කාර පාර්ශවය ඉදිරිපත් කළ එම කරුණු සම්පූර්ණයෙන්ම වැරදියි. ඒ වගේම මේ පෙත්සම්කරු ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු පත් කළ දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බැලු පරීක්ෂණ කොමිසම විසින් වග උත්තරකාර ශානි අබේසේකර වරදකරු කර ඇති බව පෙත්සමේ සඳහන් කර තිබෙනවා.
ඒත් ඒ කොමිසමේ නිර්දේශ සියල්ල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අහෝසි කර තිබෙනවා. මුලු කොමිෂන් සභා වාර්තාවම ශ්‍රේෂ්ඨාධිකරණය අහෝසි කර අවසන්. ඒ අනුව පෙත්සම්කරු හිතාමතාම අධිකරණය නොමග යවමින් කරුණු වසන් කිරීමට ක්‍රියා කර තිබෙනවා.”
එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රකාශ කළේ, ශානි අබේසේකර මහතා ද්වේෂ සහගතව කටයුතු කළ බව තහවුරු කරන කිසිදු සාක්ෂියක් පෙත්සම්කරු විසින් ඉදිරිපත් කර නොමැති බවය.
“ස්වාමීනි….මේ පෙත්සම්කරු ප්‍රකාශ කර තිබෙනවා අසාද් මවුලානා නමැති පුද්ගලයා තමන් හඳුනන්නේ නැති බවට. දේශපාලනයේදී මේ ආකාරයෙන් පුද්ගලයින් හමුවීම සාමාන්‍ය දෙයක් බවත් පෙත්සම්කරුගේ නීතිඥවරු ප්‍රකාශ කර තිබුණා. මේක පිලිගන්න බෑ ස්වාමිනී… මොකද අසාද් මවුලානා කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙක් නෙවෙයි. ඔහු පිල්ලයාන් ගේ ලේකම් වරයා. ඒ නිසා ඔහු හදුනන්නේ නෑ කියා පෙත්සම්කරුට කියන්න බෑ.”
මෙම පෙත්සම මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙසත් ඇය වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
“තමා ජනාධිපතිවරයා ලෙස පත්වූ පසු වග උත්තරකාර ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කර මාරු කළ බව ඇතැම් මාධ්‍යවල සඳහන් කර තිබූණේ යැයි පෙත්සම්කරු සිය පෙත්සමේ සඳහන් කර තිබෙනවා. ඒ නිසා වග උත්තරකරු තමා සමග ද්වේෂයෙන් කටයුතු කරන බව ප්‍රකාශ කර තිබෙනවා. මේක පිලිගන්න බෑ. මොකද පොලිස් මාරුකිරීම් කරන්නේ ජනාධිපති නෙවෙයි. එම මාරුකිරීම් කරන්නේ ජාතික පොලිස් කොමිසම විසින්. ඒ නිසා පෙත්සම්කරු ඉදිරිපත් කරන තර්කවල කිසිදු පදනමක් නෑ. ශානි අබේසේකර ද්වේෂ සහගතව කටයුතු කළ බව තහවුරු කරන කිසිදු සාක්ෂියක් පෙත්සම්කරු ඉදිරිපත් කර නෑ. නීතිවිරෝධී ලෙස සාක්ෂි නිර්මාණය කළේ යැයි ශානි අබේසේකර අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළා. දැන් ඔහු එම චෝදනා වලින් නිදහස් කර තිබෙනවා. එපමණක් නොව එම සිද්ධියේදී නීති විරෝධී ලෙස ගිනිඅවි තබා ගැනීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු පිරිසකට එරෙහිව නීතිපතිවරයා අධිචෝදනා ගොනුකර තිබෙනවා.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වර්තමානයේ පැවැත්වෙන්නේ ඉතා සංකීර්ණ විමර්ශනයක්. එය සතියකින් හෝ මාසයකින් අවසන් වේ යැයි කියන්න බෑ. ඊට බාධා රැසකුත් එල්ල වෙලා තිබෙනවා. වර්තමානයේ සේවයේ නිරත පොලිස් නිලධාරියෙකු වැදගත් ප්‍රකාශයක් ලබා දී තිබෙනවා. එහි පිටපතක් රහසිගත කවරයක බහා මා අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. දුරකථන ඇමතුම් වාර්තා ලබාගැනීම සිදුවෙනවා. වට්ස්ඇප්, ත්‍රිමා වැනි ඇමතුම් ජාල වලින් ලබාගෙන තිබෙන ඇමතුම් ගැනත් විමර්ශනයට භාජනය වී තිබේවා.ඒ සදහා ඇමරිකාවේ එම සමාජ මාධ්‍ය සමාගම් වලත් සහාය ලබා ගැනීම සිදු වෙනවා. ඒ නිසා මේක සංකීර්ණ අවස්ථාවක්.මේ අවස්ථාවේදී පෙත්සම්කරු ඉල්ලා සිටින සහනය ප්‍රදානය කරන්න බෑ..”
ඉන් අනතුරුව පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇතැම් ප්‍රතිපාදන දරදඬු බවය.
“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇතැම් ප්‍රතිපාදන දරදඬුයි. ඒ නිසා තමයි සෑම පාර්ශවයක්ම එම පනත සංශෝධනය කළයුතු බව පොරොන්දු වුණේ. මේ පනතෙන් මහේස්ත්‍රාත්වරයා ඉවත් කර තිබෙනවා. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ඉදිරිපත් කරන කරුණු අසා මා තුළ දැඩි කම්පාවක් ඇති වෙනවා”
ඉන් අනතුරුව වැඩිදුර කරුණු සලකා බැලීම අධිකරණය විසින් මේ මස 23 වෙනිදා දක්වා කල් තැබීමටද නියම කෙරුණි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්