බන්ධනාගාර ගැටුම ‘පත්තු කළ’ බව කියන කටුවැල්ලේගම සුරේෂ්ට පුංචි තුවාලයක්වත් නෑ.. මුල් දවසේ දෙදෙනකු මරා දැමීම මොහුගේ ප්‍රධානත්වයෙන් වුණ වැඩක් බවටත් හෙළිවෙයි..
බූස්සට රැගෙන යයිමීගමුව බන්ධනාගාරය එකම යුද පිටියක් බවට පත්කළ ගැටුම ආරම්භයට හේතු වූ එහි රැඳවියන් දෙදෙනකුට අමානුෂික ලෙස පහර දී ඝාතනය කිරීමේ සිද්ධිය සම්පූර්ණයෙන්ම මෙහෙයවා ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කටුවැල්ලේගම සුරේෂ් නමැත්තා විසින් බව විමර්ශනවලින් හෙළි වී ඇති බව දිවයින පුවත් පත වාර්තා කර තිබේ.
දින දෙකක් තිස්සේ බන්ධනාගාරය තුළ දරුණු ගැටුම් ඇති වුව ද මෙම ගැටුම ඇති කළ කටුවැල්ලේගම සුරේෂ් නමැති ජාවාරම්කරුට කිසිදු තුවාලයක් හෝ අනතුරක් සිදුවී නැති බව පොලිසිය පවසයි.
මෙම පුද්ගලයන් දෙදෙනා මෙසේ ඝාතනය කර තිබුණේ ඔවුන් විසින්, සුරේෂ් බන්ධනාගාරය තුළ සිදු කරන මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව තොරතුරු බන්ධනාගාර නිලධාරීන්ට ලබා දුන් බව කියන සිදුවීමක් මත බව මේ වනවිට හෙළි වී ඇති බවයි පැවසෙන්නේ.
මෙසේ ඝාතනයට ලක්වූ රැඳවියන් දෙදෙනා කලක් කටුවැල්ලේගම සුරේෂ්ගේ කල්ලියට සම්බන්ධ වී සිටි ඔහුගේ සමීපතමයන් දෙදෙනෙකු බවත් අනාවරණය වී ඇති බව වාර්තා වේ.
එහෙත් පසුව ඔවුන් සුරේෂ්ගේ කල්ලියෙන් වෙන් වී වෙනම සංවිධානාත්මක පිරිසක් සමග බන්ධනාගාරය තුළ සිට ඇත. බන්ධනාගාර නිලධාරීන්ට තම මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව තොරතුරු ලබාදුන් බව කියන සිද්ධිය මුල් කරගෙන සුරේෂ් සිය සගයන් සමග එක්ව සිය ප්‍රතිවාදීන්ට මෙසේ අමානුෂික ලෙස පහර දී ඇති බව හෙළි වී තිබේ.
ඉදිරි විමර්ශනකටුවැල්ලේගම සුරේෂ් කොල්ලකෑම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, විවිධ පුද්ගලයන්ට පහර දී කපා කොටා තුවාල කිරීම් සම්බන්ධයෙන් චෝදනා ලැබූ අයෙකි. මීගමුව අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව මොහු මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි බව ද මේ වනවිට අනාවරණය වී ඇත.
කටුවැල්ලේගම සුරේෂ් නමැත්තාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) ඉදිරියේදී ප්‍රශ්න කිරීමට නියමිත බවත් වාර්තා වේ.
මූලාශ්‍ර - දිවයින පුවත්පත
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..