මීගමුව බන්ධනාගාර සිද්ධිය පැහැදිලිවම වත්මන් රජයේ අසාර්ථකත්වයක්..- නිර්මාල්
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් විශාල පිරිසක් මියයාම වත්මන් රජයේ පැහැදිලි අසාර්ථකත්වයක් බවත්, මෙය රජය මුහුණ දෙන බරපතළ අභියෝගයක් බවත් ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි මහතා පවසයි.
කොළඹදී පැවති ජන බලය සංවිධානයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්යවරයා පෙන්වා දුන්නේ බන්ධනාගාර පද්ධතිය තුළ පවතින දැඩි අසහනකාරී තත්ත්වය හමුවේ මෙවැනි සිදුවීමක් ඕනෑම මොහොතක බලාපොරොත්තු විය හැකිව තිබූ බවයි.
"මේ ආණ්ඩුවට බන්ධනාගාර ප්‍රතිසංස්කරණය පිළිබඳව පැහැදිලි වැඩපිළිවෙළක් හෝ ප්‍රවේශයක් තිබුණේ නැහැ. බන්ධනාගාර පද්ධතියේ පවතින අසතුටුදායක තත්ත්වය ගැන අවබෝධයක් තිබියදීත්, එය රජයේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම තිබිය යුතුව තිබුණා. නමුත් ආණ්ඩුව මේ තත්ත්වය කලින් බලාපොරොත්තු වී එය වැළැක්වීමට පියවර ගත්තේ නැහැ," යැයි ඔහු පැවසීය.
රජය ක්‍රියාත්මක කරන මෙහෙයුම් හරහා මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කිරීමට උත්සාහ කළ ද, බන්ධනාගාර ප්‍රතිසංස්කරණය තොරව එය සාර්ථක කරගත නොහැකි බව ඔහු අවධාරණය කළේය.
බන්ධනාගාර තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු දූෂිත ක්‍රියාවලට බන්ධනාගාර නිලධාරී තන්ත්‍රයේ සහයෝගය ද ලැබෙන බවත්, මෙය හුදෙක් රැඳවියන්ගේ ප්‍රශ්නයක් පමණක් නොව සමස්ත පද්ධතියේම බිඳවැටීමක් බවත් ඔහු පෙන්වා දුන්නේය.
මෙම ගැටලුව මෙරට අධ්‍යාපන ක්‍රමයේ පවතින දුර්වලතා සමඟ ද බද්ධ වී පවතින බව ආචාර්යවරයා මෙහිදී ප්‍රකාශ කළේය. පාසල් පද්ධතියෙන් අතරමග ගිලිහෙන පිරිස් පාතාලයට සහ මත්ද්‍රව්‍ය ජාවාරමට යොමුවීම වැළැක්වීමට රජය අපොහොසත් වී ඇති බවත්, බන්ධනාගාර අර්බුදයට විසඳුම් සෙවීමේදී මෙම සමාජීය සාධක ද සැලකිල්ලට ගත යුතු බවත් ඔහු පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්