හර්ෂණට ඇමතිකමෙන් ඉල්ලා අස්වෙන්නැයි කියයි..
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ දරුණු ගැටුම්කාරී තත්ත්වයේ වගකීම රජය වෙනුවෙන් භාරගන්නා බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කර තිබුණද, ඔහු වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට විපක්ෂයේ මන්ත්‍රීවරුන් බලකර සිටිති.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්ත මහතා කියා සිටියේ, අමාත්‍යවරයා වගකීම භාරගන්නා බව පැවසීමෙන් පමණක් පලක් නොවන බවයි.
වැලිකඩ බන්ධනාගාර සිදුවීමේදී මෙන්ම මෙහිදී ද පාලකයන්ගේ රහස් රකින රැඳවියන් ඝාතනය කරන්නේද යන බරපතළ සැකය ඔහු මතු කළේය.
එසේම, බන්ධනාගාර පද්ධතිය පිළිබඳ මනා අවබෝධයක් තිබූ දක්ෂ නිලධාරීන් ඉවත් කර පරිපාලනය දුර්වල කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම විනාශය සිදු වූ බවත්, ඒ පිළිබඳ වගකීමෙන් අමාත්‍යවරයාට මිදිය නොහැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ පිළිබඳව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අවධාරණය කළේ, අහිමි වූ මිනිස් ජීවිත නැවත ලබා දීමට අමාත්‍යවරයාට නොහැකි බැවින් වගකීම භාරගැනීම යන ප්‍රකාශයට කිසිදු අර්ථයක් නොමැති බවයි.
වත්මන් ජනාධිපතිවරයා මීට පෙර මෙවැනි සිදුවීම්වලදී එවකට පැවති රජයන්ට චෝදනා කළ අයුරු සිහිපත් කළ මන්ත්‍රීවරයා, අධිකරණ අමාත්‍යවරයාට තවදුරටත් ධුරයේ රැඳී සිටීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් වහාම ඉල්ලා අස්විය යුතු බවත් ප්‍රකාශ කළේය.
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා මෙම සිදුවීම සම්බන්ධයෙන් රජය වෙනුවෙන් කණගාටුව පළ කරමින් වගකීම භාරගන්නා බව ප්‍රකාශ කළ ද, විපක්ෂය නගන මෙම ඉල්ලා අස්වීමේ ඉල්ලීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.
පුද්ගලයන් 26 දෙනෙකුට ජීවිත අහිමි කරමින් සහ සියයකට අධික පිරිසකට තුවාල සිදු කරමින් මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ මෙම ප්‍රචණ්ඩකාරී තත්ත්වය ශ්‍රී ලංකාවේ බන්ධනාගාර ඉතිහාසයේ කළු පැල්ලමක් ලෙස සටහන් වන බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්