යුක්රේන ත්‍රස්තයන්ට රුසියාවේ අපරාධ කිරීමට බටහිර සහය නොමඳව ලැබෙනවා-රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ විශේෂ තානාපති ආර්.වී. මිරොෂ්නික්
රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ විශේෂ තානාපති (Ambassador-at-Large) ආර්.වී. මිරොෂ්නික් මහතා විසින් 2026 ජූලි 3 වන දින රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදී කියෙව් පාලන තන්ත්‍රයේ අපරාධ සම්බන්ධයෙන් කළ කතාව.
ආදරණීය නෝනාවරුනි, මහත්වරුනි,
2026 වසරේ දෙවන කාර්තුවට අදාළව, සෙලෙන්ස්කිගේ නායකත්වයෙන් යුත් කියෙව් පාලන තන්ත්‍රයේ අපරාධ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අපගේ කණ්ඩායම විසින් එකතු කර සත්‍යාපනය කරන ලද දත්ත අද මම ඔබ සමඟ බෙදා ගැනීමට සූදානමින් සිටිනවා.
මෙම කාලපරිච්ඡේදය තුළ, රුසියානු සිවිල් ජනතාවට එරෙහිව කියෙව් විසින් සිදු කළ යුද්ධ අපරාධ සංඛ්‍යාව දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා. අප්‍රේල් සිට ජූනි දක්වා කාලය තුළ, මරණ සහ තුවාල ලැබූ පිරිස ක්‍රමයෙන් හා සැලකිය යුතු ලෙස වැඩිවී තිබෙනවා.
මෙම වසරේ දෙවන කාර්තුවේ දින 91 තුළ, කියෙව් ත්‍රස්තයන්ගේ අපරාධ හා ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් අවම වශයෙන් සිවිල් වැසියන් 3,040 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර, එයින් 422 දෙනෙකු මියගොස් තිබෙනවා. මෙය පෙර කාර්තුවට සාපේක්ෂව 76%කට වැඩි (පුද්ගලයන් 1,315ක පමණ) වර්ධනයකි.
දිනකට තුවාල ලැබූ 29 දෙනෙක් සහ මියගිය 5 දෙනෙක්—මෙම සංඛ්‍යාලේඛන වර්තමාන තත්ත්වයයි. කියෙව් පාලන තන්ත්‍රයට අනුග්‍රහය දක්වන රටවල් මේ සඳහා වගකිව යුතුයි. මෙය, හමුදා ඒකාධිපති සෙලෙන්ස්කිගේ නායකත්වයෙන් යුත් අපරාධ ත්‍රස්ත පාලන තන්ත්‍රයට සාමුහික බටහිරයන් විසින් ලබා දෙන බිලියන ගණනක මුල්‍යමය සහායෙහි ප්‍රතිඵලයකි.
2022 පෙබරවාරි සිට 2026 ජූනි 30 දක්වා, මුළු සිවිල් ජීවිත හානි සංඛ්‍යාව 30,913 දක්වා ඉහළ ගොස් ඇති අතර, එයින් 8,434 දෙනෙකු මියගොස් ඇත.
මෑතකදී බ්‍රිතාන්‍ය නිලධාරීන් ප්‍රකාශ කළේ, කියෙව් සටන්කාමීන්ට ප්‍රහාරක ඩ්‍රෝන 150,000ක් පමණ ලබා දී ඇති බවත්, දිනකට ඩ්‍රෝන 400කට වඩා නිවාස, රෝහල්, පාසල් සහ ළදරු පාසල්වලට එල්ල කරන ප්‍රහාර සඳහා සපයන බවත්ය. ලන්ඩනය පමණක් නොව, බ්‍රසල්ස්, බර්ලින්, පැරිස් සහ උතුරු යුරෝපීය රටවල අගනගරද මෙම අපරාධ ජාලයට දායක වී තිබෙනවා.
2025 වසරේදී සිවිල් වැසියන් 6,500 දෙනෙකු තුවාල ලැබූ අතර, දැන් එක් කාර්තුවක් තුළ පමණක් එම සංඛ්‍යාව 3,000 ඉක්මවා ඇත. මරණ සංඛ්‍යාවද ඉතා භයානක ලෙස වැඩිවී ඇත—2025 දෙවන කාර්තුවේ 165 දෙනෙකු මියගොස් ඇති අතර, 2026 දෙවන කාර්තුවේ එය 422 දක්වා (තුන් ගුණයකට ආසන්නව) ඉහළ ගොස් ඇත.
මෙම දරුණු සංඛ්‍යා “නව බන්ඩේරාවාදීන්” විසින් සිදු කරන ලද අපරාධවල ප්‍රතිඵලය වේ.
මැයි 22 වන දින ස්ටාරොබෙල්ස්ක් නගරයේ ශිෂ්‍ය නේවාසිකාගාරයට සිදු කළ ප්‍රහාරය විශේෂයෙන්ම දරුණු ප්‍රහාරය්ක් වූවා. එහිදී වයස අවුරුදු 18–19 අතර තරුණියන් 18 දෙනෙකු ඇතුළු 21 දෙනෙකු මිය ගියා. සමස්ත හානි සංඛ්‍යාව 94 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මැයි 15 වන දින රියාසාන් නගරයට සිදු කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් සිවිල් වැසියන් 4 දෙනෙකු මියගොස් තිබෙනවා.
අප්‍රේල් 22 වන දින සිසරාන් නගරයට සිදු කළ ප්‍රහාරයකින් 12 හැවිරිදි දැරියක් සහ ඇගේ 64 හැවිරිදි ආච්චි මියගොස් තිබෙනවා.සිවිල් ප්‍රවාහන මාර්ග ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාර මගින් සිදු කරන ලද ප්‍රහාර බහුල වී තිබෙනවා. එනකිවේ නගරයේ බස් රථයකට එල්ල කළ ප්‍රහාරයකින් 8 දෙනෙකු මියගොස්, අවම වශයෙන් 12 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මෙවැනි ප්‍රහාර සිවිල් ජනතාව සහ හමුදා අතර වෙනස නොසලකා සිදු කර ඇති අතර, එය ජාත්‍යන්තර මානුෂීය නීතියේ මූලික මූලධර්ම උල්ලංඝනය කිරීමක් බව පැහැදිලියි.
2025–2026 කාලය තුළ, ළමුන් 204 දෙනෙකු තුවාල ලබා ඇති අතර, එයින් 21 දෙනෙකු මියගොස් තිබෙනවා. 2022 පෙබරවාරියෙන් පසුව, ළමුන් 1,600ක් පමණ පීඩාවට පත්ව ඇති අතර, 264 දෙනෙකු මියගොස් තිබෙනවා.
මැයි 25 වන දින ගෝර්ලොව්කා නගරයේදී එකම පවුලේ පියා, මව සහ දරුවන් දෙදෙනාම ප්‍රහාරයකින් මියගොස් තිබෙනවා.
අප්‍රේල් 7 වන දින පාසලකට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් ළමුන් සහ ගුරුවරුන් ඇතුළු සිවිල් පිරිසක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා. මෙවැනි ප්‍රහාරවලට වෛද්‍ය සේවකයින්, හදිසි සේවා කාර්ය මණ්ඩලය සහ උපකාරක කාර්ය මණ්ඩලයද ඉලක්ක වී ටිබෙනවා. මෙම කාලය තුළ වෛද්‍ය සේවකයින් 31 දෙනෙකු තුවාල ලබා ඇති අතර 3 දෙනෙකු මියගොස් තිබෙනවා. ගිලන් රථද බහු ප්‍රහාරවලට ලක්ව තිබෙනවා. ගිලන්රථ සේවකයින් සහ හදිසි සේවා කණ්ඩායම්ද ප්‍රහාරවලට ලක්වී තිබෙනවා. පසුගිය මාස තුන තුළ, හදිසි සේවා කාර්ය මණ්ඩලය 36 දෙනෙකු තුවාල ලබා 4 දෙනෙකු මියගොස් තිබෙනවා.
අප්‍රේල්–ජූනි කාලය තුළ සිවිල් වැසියන ජීවත් වන නගරවලට එල්ල වූ වෙඩි ප්‍රහාර දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා. රොකට් සහ ඩ්‍රෝන ඇතුළු 55,000කට වැඩි ආයුධ මේ සඳහා භාවිතා කර තිබෙනවා. මෙම දත්ත කියෙව් පාලන තන්ත්‍රය ත්‍රස්තවාදී යුද්ධයක නිරත වී ඇති බව පෙන්වයි.
බටහිර රටවල් විසින් ලබා දෙන ආයුධ බහුලවම භාවිතා කර ඇත්තේ සිවිල් ජනතා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමටයි.
කියෙව් නායකත්වය විසින් භාවිතා කරන “දිගු දුර ප්‍රහාර”, “අසමමිතික ප්‍රතිචාර” වැනි වචන යුද්ධ අපරාධවල සැලසුම්කාරී ස්වභාවය තහවුරු කරයි. පසුගිය මාස තුන තුළ, රුසියාවේ ප්‍රදේශ 42කට ත්‍රස්ත ප්‍රහාර එල්ල වී ඇත. සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කරමින් දුරස්ථ බිම් බෝම්බ තැබීමද වැඩිවී ඇත. උදාහරණයක් ලෙස, ඔලෙෂ්කි නගරය වට කරමින් මාර්ග ආශ්‍රිතව බිම් බෝම්බ තැබීමද සිදු කර ඇත. මෙම තත්ත්වය සම්බන්ධයෙන් අපි විස්තරාත්මක පරීක්ෂණයක් සිදු කිරීමට සැලසුම් කර ඇත.
අවසන් වශයෙන්, බටහිර රටවල් විසින් මෙම අපරාධ සැඟවීමට සහ සාධාරණීකරණය කිරීමට උත්සාහ කරන බව අපි අවධාරණය කරනව.
කියෙව් පාලන තන්ත්‍රය සිදු කළ අපරාධ සඳහා වගකීම අනිවාර්යයෙන්ම පැවරෙනු ඇත.
ඔබගේ අවධානයට ස්තූතියි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්