News Category
From Date
To Date
Maximum Number of Result

ෂී ජින්පිං: චීනයේ පාලනය (5 වන වෙළුම) මගින් චීන ලක්ෂණ සහිත සමාජවාදය ලෝක වාසී ජනයාට සාමය සහ සමෘද්ධිය ගෙන එන ආකාරය පැහැදිලි කරනවා- ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු ගරු චී ෂෙන්හොං මහතා

Jul 6, 2026 at 02:08 PM
|

පසුගිය ජූලි 3 වැනිදා කොළඹ හිල්ටන් හෝටලයේදී චීන-ශ්‍රී ලංකා පාඨක සංසදය මගින් සංවිධානය කළ  "ෂී ජින්පිං: චීනයේ පාලනය (5 වන වෙළුම)" කෘතිය ශ්‍රී ලංකාවේ පාඨකයන් වෙත හඳුන්වා දීම සඳහා උත්සවයක් පැවැත්වුණි. චීනයේ සංස්කෘතික හා සදාචාරමය ප්‍රගතිය සඳහා වන මධ්‍යම කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ගරු හු කයිහොං මහතා,ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ගරු ජගත් වික්‍රමරත්න මහතා,අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ගරු මධුර සෙනෙවිරත්න මහතා, චයිනා ඉන්ටර්නැෂනල් කොමියුනිකේෂන්ස් ගෘප්හි උප සභාපති ගරු යූ තාඕ මහතා,ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ගරු ජී. වීරසිංහ මහතා ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසක් මෙම උත්සවය සඳහා සහභාගි වී සිටියහ. එහිදී රැස්ව සිටි පිරිස අමතමින් චීන තානාපති ගරු චී ෂෙන්හොං මහතා පිරිස අමතමින්, මෙම කෘතියෙන්  නව යුගය සඳහා චීන ලක්ෂණ සහිත සමාජවාදය පිළිබඳ ෂී ජින්පිං චින්තනය පුළුල්, ගැඹුරු මෙන්ම කාලය සමඟ ඉදිරියට ගමන් කරන චින්තන පද්ධතියක් බව පැහැදිලි වනවා යැයි පැවසුවේය. එලෙසම එම කෘතිය චීන සංස්කෘතියේ සහ අපේ යුගයේ චීන ආත්මයේ විශිෂ්ටතම සාරය ඒකාබද්ධ කරමින්, චීන නවීකරණය තුළින් ශ්‍රේෂ්ඨ රාජ්‍යයක් ගොඩනැගීම සහ ජාතික පුනර්ජීවනය සියලු අංශයන්ගෙන් ඉදිරියට ගෙන යාම සඳහා විද්‍යාත්මක මාර්ගෝපදේශයක් ලෙස ක්‍රියා කරන බව අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු චී ෂෙන්හොං මහතා කළ සම්පූර්ණ කතාව පහතින්...

චීනයේ සංස්කෘතික හා සදාචාරමය ප්‍රගතිය සඳහා වන මධ්‍යම කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ගරු හු කයිහොං මහතානෙණි,ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ගරු ජගත් වික්‍රමරත්න මහතානෙණි,අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ගරු මධුර සෙනෙවිරත්න මහතානෙණි, චයිනා ඉන්ටර්නැෂනල් කොමියුනිකේෂන්ස් ගෘප්හි උප සභාපති ගරු යූ තාඕ මහතානෙණි,ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ගරු ජී. වීරසිංහ මහතානෙණි, සම්භාවනීය ආරාධිත අමුත්තනි, නෝනාවරුනි, මහත්වරුනි, ආදරණීය මිතුරනි,

ඔබ සැමට සුබ සන්ධ්‍යාවක් පළමු කොටම ප්‍රාර්ථනා කරමි!

"ෂී ජින්පිං: චීනයේ පාලනය (5 වන වෙළුම)" කෘතිය වෙනුවෙන් සංවිධානය කර ඇති චීන-ශ්‍රී ලංකා පාඨක සංසදයේදී අද ඔබ සියලු දෙනා සමඟ එක්වීමට ලැබීම මා හට මහත් ගෞරවයකි. මෙම කෘතියේ අන්තර්ගත ගැඹුරු න්‍යායික අදහස් සහ පොහොසත් ප්‍රායෝගික ජයග්‍රහණ පිළිබඳව අපි අද එක්ව විමසා බැ,ලීමට කටයුතු කිරීමට අභිලාශ කරගෙන සිටිනවා.

අද් මෙහි පැමිණ සිටින සියලු සම්භාවනීය අමුත්තන් උණුසුම් ලෙස පිළිගන්නා අතර, චීනය සහ චීන-ශ්‍රී ලංකා සබඳතා සම්බන්ධයෙන් දිගු කලක් තිස්සේ අවධානය යොමු කරමින් සහාය ලබා දුන් සමාජයේ විවිධ ක්ෂේත්‍රවල මිතුරන්ට මාගේ හෘදයාංගම කෘතඥතාවය පළ කර සිටිනවා.

මීට සුළු වේලාවකට පෙර ගරු හු කයිහොං මහතා, චීන-ශ්‍රී ලංකා සහයෝගීතාව සහ හුවමාරු පිළිබඳව අවධානය යොමු කරමින්, "ෂී ජින්පිං: චීනයේ පාලනය (5 වන වෙළුම)" කෘතියේ මූලික මූලධර්ම සහ එහි ගැඹුරු සාරය පිළිබඳ සවිස්තරාත්මක හා ක්‍රමානුකූල විග්‍රහයක් ඉදිරිපත් කරනු ලැබුවා. එමගින් එහි අන්තර්ගත ස්ථාවරයන්, දෘෂ්ටිකෝණයන් සහ ක්‍රමවේදයන් පිළිබඳ ඔබ සැමට වඩාත් ගැඹුරු අවබෝධයක් ලැබී ඇතැයි මම විශ්වාස කරනවා.

තවදුරටත්, ගරු යූ තාඕ මහතා පසුව ඒ පිළිබඳ වැඩිදුර පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරනු ඇත. එමෙන්ම, මාගේම අධ්‍යයනය තුළින් ලබාගත් අදහස් කිහිපයක් මෙම අවස්ථාවේදී ඔබ සමඟ බෙදා ගැනීමට කැමැත්තෙන් සිටිනවා.

මෙම කෘතියෙන් පැහැදිලි වන්නේ නව යුගය සඳහා චීන ලක්ෂණ සහිත සමාජවාදය පිළිබඳ ෂී ජින්පිං චින්තනය පුළුල්, ගැඹුරු මෙන්ම කාලය සමඟ ඉදිරියට ගමන් කරන චින්තන පද්ධතියක් බවයි. මෙම චින්තනය වර්තමාන චීනයේ සහ 21 වැනි සියවසේ මාක්ස්වාදය නියෝජනය කරනවා. එය චීන සංස්කෘතියේ සහ අපේ යුගයේ චීන ආත්මයේ විශිෂ්ටතම සාරය ඒකාබද්ධ කරමින්, චීන නවීකරණය තුළින් ශ්‍රේෂ්ඨ රාජ්‍යයක් ගොඩනැගීම සහ ජාතික පුනර්ජීවනය සියලු අංශයන්ගෙන් ඉදිරියට ගෙන යාම සඳහා විද්‍යාත්මක මාර්ගෝපදේශයක් ලෙස ක්‍රියා කරනවා.

එමෙන්ම, සංස්කෘතික හුවමාරු සහ අන්‍යෝන්‍ය ඉගෙනීම ප්‍රවර්ධනය කිරීම, එක්ව නවීකරණය අත්පත් කර ගැනීම සහ මානව වර්ගයා මුහුණ දෙන පොදු අභියෝගයන්ට විසඳුම් සෙවීම සඳහා ලෝකයේ සියලු රටවල ජනතාවටද මෙම චින්තනය ගෝලීය දායකත්වයක් සපයනවා.

"ෂී ජින්පිං: චීනයේ පාලනය (5 වන වෙළුම)" කෘතියේ පළමු වෙළුම් හතර (I සිට IV දක්වා) නව යුගය සඳහා චීන ලක්ෂණ සහිත සමාජවාදය පිළිබඳ ෂී ජින්පිං චින්තනයේ වර්ධන ගමන්මඟ සහ එහි ප්‍රධාන අන්තර්ගතයන් ක්‍රමානුකූලව ඉදිරිපත් කරනු ලබනවා. මෙම කෘති මාලාව ප්‍රකාශයට පත් වූ දා සිට ජාත්‍යන්තර ප්‍රජාවගේ පුළුල් අවධානයට ලක්ව ඇති අතර, චීනයේ සංවර්ධන මාර්ගය, චීනයේ පාලන ක්‍රමවේදය සහ චීනයේ දර්ශනය පිළිබඳව ලෝකයට සම්පූර්ණ හා නිවැරදි අවබෝධයක් ලබාදීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කර තිබ්නෙනවා.

පෙර වෙළුම්වලම චින්තන පදනම මත ගොඩනැගුණු 5 වන වෙළුම, නව යුගය සඳහා චීන ලක්ෂණ සහිත සමාජවාදය පිළිබඳ ෂී ජින්පිං චින්තනයේ නවතම ජයග්‍රහණ ක්‍රමානුකූලව ඉදිරිපත් කරන බලයලත් කෘතියක්. චීන නවීකරණය ඉදිරියට ගෙන යාම සඳහා වන නව උපායමාර්ග, නව දෘෂ්ටිකෝණ, නව අදහස් සහ නව අවශ්‍යතා එහි පැහැදිලිව ඉදිරිපත් කර තිබෙනවා. එමෙන්ම ජනතාවට ප්‍රමුඛත්වය ලබාදීම, ප්‍රතිසංස්කරණ සහ විවෘතභාවය තවදුරටත් ගැඹුරු කිරීම, මූලික මූලධර්ම ආරක්ෂා කරමින් නවෝත්පාදනයන් සිදු කිරීම වැනි චීන කොමියුනිස්ට් පක්ෂයේ රාජ්‍ය පාලන අත්දැකීම්ද එමගින් විස්තර කරනු ලබනවා.

මෙම කෘතිය ලෝකයේ රටවලට සැබෑ චීනය අවබෝධ කර ගැනීම සඳහා අවශ්‍ය "බුද්ධිමය යතුර" තවදුරටත් ලබාදෙන අතර, චීනයේ පාලන සාර්ථකත්වයේ රහස නිවැරදිව තේරුම් ගැනීමටද උපකාරී වෙනවා.

මෙම කෘතිය මගින් ගෝලීය අභියෝගවලට මුහුණදීම සඳහා ලෝකයේ ප්‍රධාන ප්‍රවණතා නිවැරදිව හඳුනාගෙන නිවැරදි මාර්ගය අනුගමනය කිරීම පිළිබඳ චීනයේ නවතම ප්‍රවේශයන් ද පැහැදිලි කරනවා.

වර්තමානයේ ජාත්‍යන්තර පරිසරය කැළඹීම් සහ පරිවර්තනයන්ට ලක්වෙමින් පවතිනවා. එවැනි පසුබිමක් තුළ, 5 වන වෙළුම මානව වර්ගයා සඳහා පොදු අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීමේ දැක්මේ ගැඹුරු අර්ථයන් සහ ප්‍රායෝගික ජයග්‍රහණ පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් ඉදිරිපත් කරනවා. එමෙන්ම, වෙනස් වන ලෝකයකට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන අත්‍යවශ්‍ය ප්‍රශ්නයට විද්‍යාත්මක පිළිතුරක්ද සපයනවා.

ඊට අමතරව, වඩා යහපත් ලෝකයක් ගොඩනැගීම සඳහා ගෝලීය සංවර්ධන මුලපිරීම (Global Development Initiative), ගෝලීය ආරක්ෂක මුලපිරීම (Global Security Initiative) සහ ගෝලීය ශිෂ්ටාචාර මුලපිරීම (Global Civilization Initiative) ලබා ඇති ප්‍රගතියද මෙම කෘතියෙන් විස්තර කරනවා.

තවද, චීනයේම නව සංවර්ධනය තුළින් ලෝකයට නව ජවයක් සහ නව අවස්ථා ලබාදීමේදී චීනය සතු පුළුල් දැක්ම සහ වගකීම් සහගත ආකල්පය මෙම කෘතිය මනාව විදහා දක්වනවා.

5 වන වෙළුම ප්‍රකාශයට පත්වීමෙන් අනතුරුව, ෂී ජින්පිං ජනාධිපතිවරයා SCO ටියැන්ජින් සමුළුවේදී ගෝලීය පාලන මුලපිරීම (Global Governance Initiative) ඉදිරිපත් කළ අතර, වඩාත් සාධාරණ හා සමානාත්මතාවයෙන් යුතු ගෝලීය පාලන පද්ධතියක් ගොඩනැගිය යුතු බවට යෝජනා කරනු ලැබුවා.

මෙම ප්‍රධාන ගෝලීය මුලපිරීම් හතර එකිනෙකට සම්බන්ධ වී, එකිනෙක සම්පූර්ණ කරමින්, මඟ සොයන ලෝකයට ඉදිරි දිශාව පෙන්වන අතර, සැමට සමෘද්ධිය සහ යහපැවැත්ම සහිත පොදු අනාගතයක් ගොඩනැගීම සඳහා චීනයේ ප්‍රඥාව සහ විසඳුම් ලෝකයට දායක කරනවා.

මෙම කෘතිය චීනය සහ ශ්‍රී ලංකාව අතර අඛණ්ඩ සංවර්ධනය, පුනර්ජීවනය සහ දෙපාර්ශ්වයටම වාසිදායක සහයෝගිතාව සඳහා නව ආශ්වාදයක් හා මඟපෙන්වීමක් සපයන බව මම අවධාරණය කරනවා. වසර දෙදහසකට අධික ඉතිහාසයක් පුරා පැවති චීන–ශ්‍රී ලංකා මිත්‍රත්වය සැමවිටම ගැඹුරින් මුල් බැසගෙන, සමෘද්ධිමත්ව පවතින එකක් වී තිබෙනවා. චීනය “චීන ලක්ෂණ සහිත නවීකරණය” මඟින් සම්පූර්ණ ජාතික පුනර්ජීවනයක් අරමුණු කර ගනිමින් ශක්තිමත් රටක් ගොඩනැගීමේ නව ගමනක ඉදිරියට යන අතර, ශ්‍රී ලංකාවද ආර්ථික සංවර්ධනය ශක්තිමත් කරමින්, ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමටත්, “සමෘද්ධිමත් රටක්, සුන්දර ජීවිතයක්” යන දැක්ම සඵල කර ගැනීමටත් උත්සාහ කරමින් සිටිනවා.

Xi Jinping: The Governance of China (Volume V) කෘතියේ සඳහන් වන, සම්පූර්ණ විවෘතභාවය පුළුල් කිරීම, උසස් මට්ටමේ විවෘත ආර්ථිකයක් ව්‍යාප්ත කිරීම, උසස් ගුණාත්මක සංවර්ධනයක් සාක්ෂාත් කර ගැනීම සහ “තීරයක් සහ මාවතක්” සහයෝගිතාව ඉදිරියට ගෙන යාම යන මාර්ගෝපදේශ හා ප්‍රායෝගික ක්‍රමවේද ශ්‍රී ලංකාවටද ප්‍රයෝජනවත් මෙන්ම ආශ්වාදයක්ද සපයනවා. මෙම අන්තර්ගතයන් දෙරටටම නව අවස්ථා විවර කරමින් නවීකරණය ඉදිරියට ගෙන යාමට සහ පොදු සෞභාග්‍යය සාක්ෂාත් කර ගැනීමට එක්ව කටයුතු කිරීමේ නව දෘෂ්ටිකෝණයක් ද ඉදිරිපත් කරනවා.

ඊළඟ වසර චීන–ශ්‍රී ලංකා රාජතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 70 වන සංවත්සරය වනවා. චීනය, සංවර්ධන උපායමාර්ගික එකඟතාව තවදුරටත් ශක්තිමත් කරමින්, වරාය ආර්ථිකය, නවීන කෘෂිකර්මය, ඩිජිටල් ආර්ථිකය, නව ශක්ති ප්‍රභව සහ දරිද්‍රතා අඩුකිරීම වැනි ක්ෂේත්‍රවල හුවමාරු හා සහයෝගිතාව ගැඹුරු කරමින් ශ්‍රී ලංකාව සමඟ දිගටම එක්ව කටයුතු කිරීමට සූදානම්ව සිටිනවා. අපගේ ඒකාබද්ධ උත්සාහයන් මඟින්, පොදු අනාගතයක් සහිත චීන–ශ්‍රී ලංකා සමාජයක් ගොඩනැගීමේ අතිවිශිෂ්ට චිත්‍රයක් අපට එක්ව නිර්මාණය කළ හැකි වනු ඇතැයි අප විශ්වාස කරනවා.

චීන-ශ්‍රී ලංකා පාඨක සංසදය සංවිධානය කළ  සම්මන්ත්‍රණය චීනයට පමණක් නොව ලෝකයටම අයත් එකක්. එය නවීකරණය දෙසට ගමන් කරන පුරාණ ශිෂ්ටාචාරයක ගවේෂණය සහ අත්දැකීම් සටහන් කරනවා. එය මනුෂ්‍යත්වයේ අනාගතය පිළිබඳ විශාල රටක සිතුවිලි හා වගකීමද ගෙනහැර දක්වනවා. මෙම වෙළුම  ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රයන්හි ජනතාවට නව යුගයේ චීනය අවබෝධ කර ගැනීමට කවුළුවක් වනු ඇතැයි මට විශ්වාසයි.

අපි සංවාද මගින් එකඟතාව ගොඩනගමු, අන්‍යෝන්‍ය ඉගෙනීම මගින් එකිනෙකා ආලෝකවත් කරමු, සහ සහයෝගිතාව මගින් අනාගතය ගොඩනගමු. එක්ව, පොදු අනාගතයක් සහිත චීන–ශ්‍රී ලංකා සමාජයක් නිර්මාණය කිරීම මගින් අප දෙරටේ ජනතාවට වැඩි ප්‍රතිලාභ ලබාදිය හැකි වනු ඇත.

අවසන් වශයෙන්, මෙම චීන-ශ්‍රී ලංකා පාඨක සංසදයේ ඉදිරි වැඩ කටයුතු වලදී සම්පූර්ණ සාර්ථකත්වය අත්පත් වේවායි ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට ස්තූතියි!

සම්බන්ධිත පුවත් | Related News

එදා අපි නුඹලාට ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරලා රට නිදහස් කරලා දුන්නා
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.

ප්‍රධාන පුවත්

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.