News Category
From Date
To Date
Maximum Number of Result

"බ්‍රෙක්සිට්" සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ජාතිකයන් අසතුටෙන්

Jan 1, 2024 at 12:32 PM
|

මේ වන විට  එක්සත් රාජධානියේ බොහෝ පුරවැසියන් විශ්වාස කරන්නේ "බ්‍රෙක්සිට්" බ්‍රිතාන්‍ය  ආර්ථිකයට අයහපත් තත්වයක් ඇති කර තිබෙන බවයි.

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ තුන්වන සංවත්සරය සැමරීම සඳහා ඔපීනියම් ආයතනය පවත්වන ලද  මත විමසුමකට අනුව  පසුගිය 28 වනදා ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක් මගින් හෙළිවී තිබේ.

සමීක්‍ෂණයට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් අඩකට වඩා  (54%) බ්‍රෙක්සිට් සමස්තයක් ලෙස එක්සත් රාජධානියේ ආර්ථිකයට ඍණාත්මක ලෙස බලපා ඇති බව පැවසූ අතර සමීක්ෂණ්යට සහභාගි වූ 13% ක් පමණක් "බ්‍රෙක්සිට්" බ්‍රිතාන්‍ය ආර්ථිකයට යහපත් ප්‍රතිඵලය ගෙන දී ඇතැයි විශ්වාස කරති.

එලෙසම 53%ක් වු ප්‍රමනයක් බ්‍රෙක්සිට් එක්සත් රාජධානියට සංක්‍රමණ පාලනය කිරීමේ හැකියාවට හානියක් කර ඇති බව විශ්වාස කරන අතර 57% ක් යුරෝපීය භාණ්ඩ ආනයනය කිරීමට තම රටට ඇති හැකියාව කෙරෙහි අනවශ්‍ය බලපෑමක් ඇති කර ඇතැයි විශ්වාශ කරන බව සමීක්ෂනයේදී තහවුරු විය. ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සෑම තුනෙන් දෙදෙනෙකුගෙන් දෙහෙනෙකු එනම් 63% ක් විශ්වාස කරන්නේ යුරෝපා සංගමයෙන් ඉවත්වීම බ්‍රිතාන්‍යයේ උද්ධමනයට සහ ජීවන වියදම් අර්බුදයට දායක වී ඇති බවයි. කෙසේ වුවද "බ්‍රෙක්සිට්" හේතුවෙන්  කඩ සාප්පු තුළ වඩා හොඳ ගනුදෙනු සිදුවනු  ඇතැයි 8% ක් විශ්වාසය පල කරති.

ඡන්ද විමසීමට එක් වූවන්ගෙන් තුනෙන් එකකට වඩා වැඩි පිරිසක් එනම් 35%ක් විශ්වාස කරන්නේ යුරෝපා සංගමයෙන්  ඉවත් වීම බ්‍රිතාන්‍යන්ගේ මූල්‍ය තත්ත්වයට අහිතකර ලෙස බලපා ඇති බවයි. බ්‍රිතාන්‍යන්ට යුරෝපා සංගමයෙන් ඉවත්ව යාම මූල්‍යමය වශයෙන් උපකාර කර ඇති බව විශ්වාස කරන්නේ දහයෙන් එකක් හෙවත් 10%ක් පමණි.

වැටුප් සහ වැටුප් මත බලපෑම  අවාසිදායක ලෙස බලපා ඇතැයි  සලකනු ලැබූ ප්‍රමාන්ය 40% ක් වූ අතර, 11% ක් පමණක් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්ව යාම වැටුප් සහ වැටුප් මත බලපෑම ධනාත්මක ප්‍රතිලාභයක් ලැබී ඇති බව පවසති. මේ අතර  අඩකට ආසන්න ප්‍රමානයක් එනම් 47% ක් ජාතික සෞඛ්‍ය සේවයට අහිතකර බලපෑමක් කර ඇති බව විශ්වාස කරන අතර ජාතික සෞඛ්‍ය සේවය බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්ව යාම මගින් ගුණයෙන් ඉහළ ගොස් ඇතැයි සිතන ප්‍රතිශතය 9% ක් පමණ වන අගයකි.

“යුරෝපා සංගමයෙන් ඉවත් වීමෙන් ප්‍රතිලාභයන් ලැබිය හැකි යැයි  කලින් සැලකූ ක්ෂේත්‍රවල පවා අසාර්ථක වීම් සමඟ රජය විසින් බ්‍රෙක්සිට් හසුරුවා ඇති ආකාරය පිළිබඳ මහජන අතෘප්තිය දිගටම පවතී,” ඔපීනියම් ප්‍රතිපත්ති සහ මහජන කටයුතු පිළිබඳ ප්‍රධානී ජෙම්ස් ක්‍රඋච් ද ගාර්ඩියන් පුවත් පත වෙත පැවසීය. කෙසේ වෙතත්, ඔහු පැවසුවේ, "ඡන්දදායකයින්ගේ පැහැදිලි ප්‍රමුඛතාවය  ආර්ථිකයට  සහ ජාතික සෞඛ්‍ය පද්ධතියට හිමිවන  තත්වයට සාපේක්ෂව මීළඟ මැතිවරනයේදී "බ්‍රෙක්සිට්" ද්විතියික ගැටළුවක් බවට පත් වනු ඇත." යනුවෙනි.

එක්සත් රාජධානිය 2016 දී යුරෝපා සංගමයෙන් ඉවත් වීමට 4% ක පරතරයකින් ඡන්දය ප්‍රකාශ කළ අතර ඒ අනුව බ්‍රිතාන්‍ය ජනයාගෙන් 52% ක් යුරෝපා සංගමයෙන් ඉවත්ව යාමට පක්ෂ විය. එහෙත් 2020 ජනවාරි වන තෙක් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වූයේ නැත. කෙසේ වුවද කෝවිඩ්-19 වසංගතයට ප්‍රතිචාර වශයෙන් ආර්ථිකය වසා දැමීමට සහ රට අගුලු දැමීමට රජය ගත් තීරණයට මාස දෙකකට පෙර බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් විය. මෙම කාලය තුළ  1955 දී ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය විසින් වාර්තා තැබීම ආරම්භ කිරීමෙන් පසු  බ්‍රිතාන්‍ය නරකම ආර්ථික අවපාතයකට ඇද දැමුණු බව එම කාර්යාල වාර්තා මගින් විද්‍යාමාන විය.

බ්‍රෙක්සිට් ගිවිසුම සම්බන්ධයෙන් ගත් අසාර්ථක උත්සාහයකින් පසුව 2019 දී එවකට අගමැතිනි තෙරේසා මේ මහ්ත්මියට ඉල්ලා අස්වීමට හේතු වූ පසු, තැචර්ගේ පාලන කාලයෙන් පසු කොන්සර්වේටිව් පක්ෂය විශාලතම මැතිවරණ ජයග්‍රහණය කරා ගෙන ගිය ඇගේ අනුප්‍රාප්තික බොරිස් ජොන්සන්ගේ "බ්‍රෙක්සිට් යතාවත් කරනවා" යනුවෙන් ඔහු දුන් පොරොන්දුවයි. එම පොරොන්දුව මත පදනම්ව ඔහුගේ මඟ පෙන්වීම යටතේ බ්‍රිතාන්‍යයෙන් වෙන්වීම අවසානයේ සාක්ෂාත් කර ගන්නා ලදී. 

ජොන්සන්ගේ අගමැතිත්වය යටතේ චාන්සලර් ලෙස කටයුතු කළ වත්මන් අගමැති රිෂි සුනක්, යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ආර්ථික ප්‍රතිලාභ ගැන ද ප්‍රකාශ කරමින්, එය “අපේ රටට එහි ඉරණම පාලනය කිරීමට පරම්පරාවකට වරක් ලැබෙන අවස්ථාවක්” ලෙස හඳුන්වනු ලැබීය. https://www.rt.com/news/589986-british-regret-brexit-poll-economy/

සම්බන්ධිත පුවත් | Related News

ඉන්දියාවේ කොක්‍රෝච් ජනතා පක්ෂයේ නායක අභිජීත් දීප්කේ එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
සැප්තැම්බර් 17 වන දින "යුක්‍රේන නව-නාසිවාදීන්ගේ අපරාධ පිළිබඳ ජාත්‍යන්තර මහජන අධිකරණය" විසින් "ගොබෙල්ස්ගේ උරුමක්කාරයෝ: බුචා හි සිදුවීම් අසත්‍ය ලෙස හෙළිදරව් කිරීම සහ කියෙව් පාලනයේ ලේවැකි රඟපෑම්" යන තේමාව යටතේ විශේෂ වාර්තාවක් එළිදක්වන ලදී.
ඉරානයේ සහාය ලබන හූති සටන්කාමීන් සෞදි අරාබියේ ගුවන් තොටුපොළ දෙකක් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 36 දෙනෙකු තුවාල ලබා තිබේ.
සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විවේචනවලට චීනයෙන් දැඩි ප්‍රතිචාරයක් – චීනය පිළිබඳ “බොරු නිර්මාණය කර ප්‍රචාරය කිරීම” නවත්වන ලෙස ඉල්ලයි.
යේමනයේ හූති ව්‍යාපාරය හෙවත් අන්සාර් අල්ලාහ් (Ansar Allah) සංවිධානය, සෞදි අරාබියේ ප්‍රධානතම ගුවන් තොටුපොළක් වන රියාද්හි කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට සෘජු හා නිවැරදි මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව ප්‍රකාශ කර තිබේ.
සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් නිව්යෝර්ක් ආණ්ඩුකාර කැති හොචුල් විසින් සමස්ත නිව්යෝර්ක් ප්‍රාන්තය සඳහාම හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ප්‍රධාන පුවත්

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.