මුදල් අමාත්‍යාංශයේ ටොන් ගණන් සල්ලි තියෙනවා.. - ඇමති බිමල්..
පාසල්, රෝහල්, පාලම් සහ මහාමාර්ග ඇතුළු රටේ සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මුදල් අමාත්‍යාංශය සතුව ඕනෑතරම් පවතින බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා අවධාරණය කළේ, "ඇත්ත කතාව කිව්වොත් මුදල් අමාත්‍යාංශයේ ටොන් ගණන් සල්ලි තියෙනවා. ඉස්කෝල, පාලම් හදන්න අවශ්‍ය ප්‍රතිපාදන තියෙනවා," යනුවෙනි.
රජයේ ඉදිරි සැලසුම් පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා, 2025 වසර ආර්ථිකය, නීතිය සහ සමාජය ස්ථාවර කරන වසරක් ලෙසත්, 2026 සිට 2028 දක්වා කාලය සෑම ක්ෂේත්‍රයකම පූර්ණ සංවර්ධනයක් ඇති කරන වසර ලෙසත් හඳුන්වා දුන්නේය. 2029 වසර වන විට රටේ පූර්ණ පරිවර්තනයක් සිදු කිරීම රජයේ ඉලක්කය බවද ඔහු සඳහන් කළේය.
ප්‍රවාහන ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, වසර ගණනාවක් තිස්සේ නොසලකා හැර තිබූ මෙම ක්ෂේත්‍රය සුරක්ෂිත සහ සුවපහසු මට්ටමකට ගෙන ඒමට තවත් වසර 4ක් හෝ 5ක් ගතවනු ඇති බවයි.
කෙසේ වෙතත්, මේ වන විටත් මෙට්‍රෝ බස් සේවාව ආරම්භ කර ඇති අතර, ලංගම සඳහා තවත් බස් රථ 800ක් ඉදිරි වසර තුළ ලබා ගැනීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.
දුම්රිය මාර්ග පද්ධතියේ පවතින අඩුපාඩු මඟහරවා ගනිමින් රඹුක්කන, පේරාදෙණිය සහ නාවලපිටිය දක්වා වූ කොටස්වල සංවර්ධන කටයුතු කඩිනම් කරන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
මුදල් පැවතියද, පසුගිය පාලන සමයන්හිදී රාජ්‍ය අංශය දුර්වල කර තිබීම සහ තාක්ෂණික නිලධාරීන්ගේ හිඟය වත්මන් රජය මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් බව පෙන්වා දුන් බිමල් රත්නායක මහතා, කසළ කළමනාකරණය, පානීය ජලය සැපයීම සහ හරිත බලශක්තිය වෙනුවෙන් ඉදිරි වසරේදී වැඩිම මුදලක් වෙන් කරන බවද ප්‍රකාශ කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්