ඉරානය සහ රුසියාව දෙරට අතර ගනු දෙනුවලදී ඩොලරය භාවිත කිරීම නිල වශයෙන් නවතා දමයි
ඉරානය සහ රුසියාව දෙරට අතර ගනු දෙනු වලදී රූබල් සහ රියාල් මගින් ගෙවීම් කිරීම වෙනුවෙන් ගිවිසුම් ගත වීමෙන් පසු එක්සත් ජනපද ඩොලරය ගනු දෙනු වලදී භාවිතය නිල වශයෙන් අතහැර දමා ඇති බව ඉරාන පුවත් ඒජන්සිය වන IRNA පසුගියදා වාර්තා කළේය.
දෙරටේ මහ බැංකු ප්‍රධානීන් අතර රුසියාවේදී පැවති සාකච්ඡාවකින් පසු මෙම ගිවිසුමට අත්සන් තැබූ බව IRNA පුවත් සේවය පවසයි.
"නව මූල්‍ය සහ බැංකු වේදිකාවක් පිහිටුවීම මගින් ඉරානය සහ රුසියාව අතර සබඳතාවල 'නව පරිච්ඡේදයක්' විවෘත කර ඇත," ඉරාන මහ බැංකුව උපුටා දක්වමින් IRNA වාර්තා කළේය. SWIFT නොවන මුදල්-පණිවිඩ පද්ධති මගින් විකල්ප මූල්‍ය සහ බැංකු වේදිකා නිර්මාණය කිරීමටහ් ඒවා භාවිතා කිරීමට බැංකු සහ වෙනත් ව්‍යවසායකයින්ට ඉඩ සලසයි. එමෙන්ම ජාතික මුදල් ඒකකවල ද්විපාර්ශ්වික තැරැව්කාර සබඳතා ඇති කර ගැනීමට ද ඉඩ ප්‍රස්ථාව සැලසේ.
එක්සත් ජනපද සම්බාධකවලට දරුණු ලෙස මුහුණ දී සිටින ඉරානය සහ රුසියාව, 2022 ජූලි මාසයේදී දෙරට අතර අන්‍යෝන්‍ය වෙළඳාමේ දී එක්සත් ජනපද ඩොලරය වෙනුවට ඔවුන්ගේ ජාතික මුදල් භාවිතා කිරීමට සැලසුම් කරන බව ප්‍රථමයෙන් ප්‍රකාශයට පත් කරන ලදී. පසුගිය දෙසැම්බර් මස අවසානයේදි, රුසියාව ප්‍රමුඛ යුරේසියානු ආර්ථික සංගමයේ (EEU) සාමාජිකයින් ඉරානය සමඟ සම්පූර්ණ නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් තැබූහ.
ජුලි මාසයේදී ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි, එක්සත් ජනපද මුදල් බටහිර ආධිපත්‍යයේ මෙවලමක් ලෙස භාවිතා කර ඇති බව පවසමින් ගෝලීය වෙළඳාමෙන් ඩොලරය අත්හැර දැමිය යුතු බව අවධාරණය කළේය.
පසුගිය වසර පුරා මොස්කව් සහ ටෙහෙරානය බටහිර ආර්ථික සම්බාධක හමුවේ ආර්ථික සහයෝගීතාව සැලකිය යුතු ලෙස ශක්තිමත් කර ඇත. නිල දත්ත වලට අනුව ද්විපාර්ශ්වික වෙළඳ පිරිවැටුම 2019 දී ඩොලර් බිලියන 1.6 සිට 2022 දී ඩොලර් බිලියන 4.6 දක්වා තුන් ගුණයකින් වැඩි වී ඇත. https://www.rt.com/business/589836-iran-russia-ditch-dollar/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්