මාස 4කට පසු ටෙහෙරානයම හඬවමින් ඇරඹි අවමංගල්‍යය: අයතුල්ලා අලි කමේනිගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ඉරාන ජනයා දහස් ගණනින් පෙළගැසෙති..
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ ඉරානයේ හිටපු උත්තරීතර ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍ය උත්සවය අද (4) අලුයම ටෙහෙරාන් නුවරදී නිල වශයෙන් ආරම්භ විය.
පසුගිය පෙබරවාරි 28 වැනිදා එල්ල වූ ප්‍රහාරයෙන් ඔහු මියගිය ද, එකල පැවති දැඩි යුද වාතාවරණය හේතුවෙන් ඉස්ලාමීය සම්ප්‍රදායානුකූල භූමදාන කටයුතු සිදු කිරීමට නොහැකි විය. ඒ අනුව, මාස 4කට පසු තම ආධ්‍යාත්මික නායකයාට අවසන් ගෞරව දැක්වීමේ අවස්ථාව ඉරාන ජනතාවට මේ වන විට හිමිව ඇත.
දැනට ටෙහෙරාන් නුවර ග්‍රෑන්ඩ් මොසල්ලා ඉස්ලාම් දේවස්ථානයේ තැන්පත් කර ඇති දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අලුයම සිටම දහස් සංඛ්‍යාත ජනතාවක් දිගු පෝලිම්වල රැඳී සිටිති. මෙම අවස්ථාවට ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙශ්කියන් ඇතුළු දේශපාලන හා මිලිටරි ප්‍රබලයින් රැසක් එක්ව සිටිති.
වසර 37ක් පුරා ඉරානය මෙහෙයවූ මෙම නායකයාගේ අවමංගල්‍ය උත්සවයට රටවල් 100කට වැඩි සංඛ්‍යාවක නියෝජිතයින් සහභාගී වීමට නියමිත අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායක රිස්වි සාලි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් යන මහත්වරු එක්ව සිටිති. මීට අමතරව පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් ඇතුළු ලෝක නායකයින් රැසක් ද මීට සහභාගී වේ.
අවමංගල්‍ය උත්සවය වෙනුවෙන් ටෙහෙරාන් නුවර දැඩි ආරක්ෂක විධිවිධාන යොදා ඇති අතර ගුවන් සීමාවන් ද තාවකාලිකව වසා දමා ඇත. දින 3ක් ටෙහෙරාන් නුවර තැන්පත් කර තැබෙන දේහය, අනතුරුව ෂියා දහමේ ශුද්ධ වූ නගර වන කොම්, නජාෆ් සහ කර්බාලා වෙත රැගෙන යාමට නියමිතය. අවසානයේ ඔහුගේ උපන් නගරය වන මෂාඩ් හි පිහිටි ඉමාම් රේසා දේවස්ථානයේදී භූමදාන කටයුතු සිදු කෙරෙන අතර, ඉන් පසුව දින 40ක නිල ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..