News Category
From Date
To Date
Maximum Number of Result

තමන්ට එරෙහිව පවතින විමර්ශනයකට සැකකරුවන්ට සහය දෙන්නැයි බල කරන්න අධිකරණයටවත් අයිතියක් නෑ.. - උදය ගම්මන්පිල

Jul 3, 2026 at 05:37 AM
|

පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

"පසුගියදා අමාත්‍ය මණ්ඩල මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස ඇමතිතුමා රජයේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා, සුරේෂ් සලෙයි මැතිතුමා දුක් විඳින්නේ එයාගේ වරදින්, එයාට හැකියාව තිබෙනවානේ තමන් ගාව තිබෙන මුරපද ලබා දීලා මේ විමර්ශනයට සහය දෙන්න කියලා. ඇත්තෙන්ම, ඇත්තෙන්ම රජයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ඇමතිතුමා යෝජනා කළේ නීති විරෝධී කටයුත්තක්. අපරාධ නඩු විධාන සංග්‍රහය අනුව, සැකකරුවෙකුට විමර්ශනයට සහය දෙන්න කියලා කිසිවෙකුට බල කිරීමට හැකියාවක් නෑ. ඒක නීති විරෝධී කටයුත්තක්. අන්න ඒ නීති විරෝධී කටයුත්ත තමයි නලින්ද ජයතිස්ස ඇමතිතුමා කළේ.

ඊයේ දිනයේ කොටුව මහේස්ත්‍රාත්තුමා තමන්ගේ ජංගම දුරකථනයේත් පරිගණකයේත් මුරපද රහස් පොලීසියට ලබා දෙන්න කියලා සුරේෂ් සලෙයි මැතිතුමාට නියෝග කරලා තිබෙනවා. අපි ඒ අධිකරණ නියෝගයට ගරු කරනවා. නමුත් ඒ අධිකරණ නියෝගය සමග එකඟ වෙන්නේ නෑ. මොකද, සමස්ත විශ්වයම පිළිගත් මූලධර්මයක් තමයි තමන්ට එරෙහිව පවතින විමර්ශනයකට සැකකරුවන්ට සහය දෙන්නැයි බල කරන්න අධිකරණයටවත් අයිතියක් නෑ කියන එක. ඇත්තෙන්ම, හඳුනාගැනීමේ පෙරට්ටුවට සහභාගි වීමට නියෝග කිරීම හැරුණකොට සැකකරුවෙකුට විමර්ශනයේ කිසිම කටයුත්තකට සහය දෙන්න නියෝග කිරීමට හැකියාවක් නැහැ.

ඇත්තටම මම හිතනවා මේ කාරණය සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවට ගරු කරමින්, නමුත් අධිකරණ තීන්දුවට එකඟ නොවන නිසා සලෙයි මැතිතුමාගේ නීතිඥවරුන් මෙම නියෝගයට එරෙහිව අභියාචනා කරන්න කටයුතු කරාවි කියලා. මෙතැනදී සුරේෂ් සලෙයි මැතිතුමාට තමන්ගේ මුරපද පොලීසියට ලබා නොදීමට සාධාරණ හේතු හතරක් තිබෙනවා.

පළවෙනි හේතුව තමයි, ඔය කලින් කිව්ව ආකාරයට අපරාධ නඩු විධාන සංග්‍රහයට අනුව සැකකරුවෙකුට තමන්ට එරෙහිව කරන විමර්ශනයට සහය දෙන්න කිසිම බැඳීමක් නෑ. ඇත්තටම ඔහුට අවශ්‍ය නම් කිසිම ප්‍රකාශයක් නොදී නිහඬව ඉන්න පුළුවන්. වෙන රටවල් නම් "ඔබට නිහඬව සිටීමේ අයිතියක් ඇත. ඔබ යම් ප්‍රකාශයක් කළොත්, එය ඔබට එරෙහිව පාවිච්චි කිරීමට අපට සිද්ධ වෙනවා" කියලා අත්අඩංගුවට ගන්න මොහොතේම කියනවා. අපේ රටේ මොකක්ද කියන්නේ? අරන් ගිහිල්ලා දෙකක් ඇනලා කියනවා "කතා කරපිය, කියපිය වුනේ මොකක්ද" කියලා පහර දෙමින් බලහත්කාරයෙන් ප්‍රකාශ ගන්නවා. හැබැයි නීතිය කියන්නේ සැකකරුවාට අයිතියක් තියෙනවා විමර්ශනයට සහය නොදී නිහඬව ඉන්න.

දෙවැනි හේතුව තමයි, මුරපදය ලබා දෙන්න කියලා කවුරුහරි සුරේෂ් සලෙයි මැතිතුමාට බලපෑමක් කරනවා නම්, බලහත්කාරයක් කරනවා නම් , මේ නීතියේ කියනවා කාරණා දෙකක් කරන්න බෑ කියලා. එකක් බලපෑම් කරන්න බෑ, බලහත්කාර කරන්න බෑ. බලපෑම් කරනවා කියන්නේ "ඔයා මේක දුන්නොත්, ඔයාට හැමදාම නෝනාට කතා කරන්න අපි අවස්ථාව දෙන්නම්. ඔයාව අපි රජයේ සාක්ෂිකාරයෙක් කරගන්නම්. ඔයා මේ තොරතුරු ටික අපිට දුන්නොත් අපි ඔයාව මේ ඩී.ඕ එක ගහනවා වෙනුවට අධිකරණයට ඉදිරිපත් කරලා රක්ෂිත බන්ධනාගාර ගතවෙන්න අර ඇප ලබාගන්න දෙන්නම්, ඇප ඉල්ලනකොට අපි විරුද්ධ නොවී ඉන්නම්" ඒ වගේ අල්ලස් දෙන්න හැකියාවක් නෑ. 

එහෙම නැතුව තර්ජනය කරන්න, "තොපිට මීයෝ ගොඩේ බුදියගන්න වෙන්නේ, තොට කන්න දෙන්නේ රාබුයි බතුයි විතරයි, නිරුවත් කරනවා අනෙක් අය ඉදිරියේ" මේ වගේ කියලා තර්ජනය කරන්නත් බෑ. ඒ වගේම මොනවා හරි පෙළඹවීම් කරන්නත් බෑ. ඒක අයතු බලපෑමක් වෙනවා. මේ වන විට නලින්ද ජයතිස්ස ඇමතිතුමා, සිරිල් ගාමිණී පියතුමා ඇතුළු මාලිමාවේ මන්ත්‍රීවරු රැසක් මාධ්‍ය හරහා ඒ අයතු බලපෑම කරමින් ඉඳලා තියෙනවා. ඒ වගේම ඒ සියලු දෙනාම අයතු බලපෑම කියන වරද සිදු කරලා තිබෙන බව අපි සඳහන් කරන්න ඕනේ.

ඒ වගේම මුරපද ලබා නොදෙන තුන්වන හේතුව තමයි, මේ ජංගම දුරකථනයේ, ඒ වගේම පරිගණකයේ තමන්ගේ තොරතුරුකරුවන් පිළිබඳ සංවේදී තොරතුරු තිබීම. මම දැක්කා නලින්ද ජයතිස්ස ඇමතිතුමාත්, සිරිල් ගාමිණී පියතුමාත් ප්‍රකාශ කරනවා ඔහු දැන් විශ්‍රාමිකයි, විශ්‍රාම ගන්නකොට බුද්ධි තොරතුරු ආයතනයට බාර දී පැමිණිය යුතුයි කියලා; දන්න තරම තමයි. බුද්ධි තොරතුරු බාර දිය යුතුයි, හැබැයි බුද්ධි තොරතුරු දුන්න තොරතුරුකරුවන් පිළිබඳ විස්තර තියෙන්නේ අදාල නිලධාරියා ගාව පමණයි. තමන්ගේ ආයතනයේදී තමන්ගේ තොරතුරුකරුගේ නම ගම කියලා කියන්නේ නෑ, ඒ වෙනුවට පාවිච්චි කරන්නේ සංකේත නාමයක්. තමන්ගේ තොරතුරුකරුගේ නම ලියලා වාර්තාවල සඳහන් කරන්නේ නෑ. "අහවලාගෙන්" කියන සංකේත නාමයක් පාවිච්චි කරලා තමයි තොරතුරු දෙන්නේ. තොරතුරුකරුවන් අතර ඉන්න පුළුවන් සමහර වෙලාවට පෞද්ගලික විශ්වාසය මත තොරතුරු දෙන අය ඉන්නවා, බැඳීම් මත තොරතුරු දෙන අය ඉන්නවා. සමහර අය ගිහිල්ලා තොරතුරු ලබාගන්න කසාද කරගන්නවා, තොරතුරු ලබාගන්න ආයතන අස්සේ රැකියා කරනවා, තොරතුරු ලබාගන්න සංවිධානවලට බැඳෙනවා. මේ අය තමන්ගේ ජීවිතය පරදුවට තබා තමයි තොරතුරු ලබාදෙන්නේ. සමහර වෙලාවට බිරිඳ තමයි සැමියා ගැන තොරතුරු ලබාදෙන්නේ. පාස්කු ප්‍රහාරය පිළිබඳව ලොකු විශ්වාසයක් තිබුණානේ සාරා ජස්මින් තමයි හස්තූන් පිළිබඳ තොරතුරු ඉන්දීය බුද්ධි අංශවලට ලබාදුන්නේ කියලා. එහෙම අනන්තවත් ලෝකේ වෙලා තියෙනවා. "හනි ට්‍රැප්" (Honey trap) කියලා ඒකට කියන්නේ; පෙම්වතියන්, බිරිඳේවරුන් භාවිතා කරලා තොරතුරු ලබාගන්නවා. ඒ වගේමයි සමහරවිට තාත්තා එක්ක තරහට දුව තොරතුරු ලබාදෙනවා. තොරතුරු අංශ බුද්ධි අංශවලට දුන්නත්, දුවගේ හෝ බිරිඳගේ තොරතුරු අර නිලධාරියා ගාව පමණයි තියෙන්නේ. ඒවා හෙළිදරව් වීම අතිශයින්ම සංවේදියි. වසර 38ක් පුරාවට දැවැන්ත තොරතුරු ජාලයක් ගොඩනගා ගත්ත බුද්ධි නිලධාරියෙක් විදිහට එතුමාගේ දුරකථනයේ, ඒ වගේම පරිගණකයේ තොරතුරු තියෙන්න පුළුවන්. මම දැක්කා කවුදෝ කියනවා "ආ දැන් පරිගණකය ළඟදි ගත්ත එකක්, දුරකථනයත් එහෙමයි, එයා දැන් විශ්‍රාම අරන් ගොඩක් කල්නේ, ඒකේ කොහොමද ඒවා තියෙන්නේ" කියලා. මම හිතන්නේ පරිගණක, දුරකථන භාවිතා කරන අය දන්නවා, ඒ ඉස්සර කාලේ තමයි එහෙම වුණේ; දැන් අපිට පුළුවන් ක්ලවුඩ් (Cloud) එකකට සියලු තොරතුරු උඩුගත කරලා, අපි පරණ දුරකථනයෙන් අලුත් දුරකථනයට සියලුම තොරතුරු ගන්නවා. ඉස්සර වගේ එකින් එක ඇතුළු කරන්න ඕනේ නෑ. පරණ දුරකථනයෙන් අලුත් දුරකථනයට, පරණ පරිගණකයෙන් අලුත් පරිගණකයට සියලු තොරතුරු ගේනවා.

හතරවෙනි කාරණය ඉතාම වැදගත්; මේ මුරපදය රැකගන්න හදන්න, තමන්ගේ ජීවිතය පරදුවට තබා සලෙයි මැතිතුමා මේ මුරපදය රැකගන්න හතරවෙනි හේතුව අතිශයින්ම වැදගත්. ඒ තමයි මීට පෙර බුද්ධි තොරතුරු රහස් පොලීසිය අතට පත්වීමෙන් මහා විනාශයන් වීමේ තිත්ත අත්දැකීම් අපේ ඉතිහාසය පුරා ලියැවිලා තිබෙනවා. එයින් වඩාත්ම සමාජ ආන්දෝලනයක් ඇති කරපු කාරණය තමයි 2002දී සිදුවුණු මිලේනියම් සිටි පාවාදීම. ඔබ දන්නවා මේ අතුරුගිරියේ තියෙන මිලේනියම් සිටි කියන නිවාස සංකීර්ණයේ තිබුණා යුද හමුදා බුද්ධි අංශයේ ආරක්ෂිත නිවසක් (Safe house). 

මෙතැන මේ අය උතුරේ මෙහෙයුම්වලට අවශ්‍ය කරන ආයුධ ද සියල්ල තියාගෙන හිටියා. මේ නිවසේ හැබැයි පොලීසිය මේ නිවස වටකරලා, මේවා අත්අඩංගුවට අරන් රටට කිව්වා "අගමැතිතුමා මරන්න යුද හමුදා බුද්ධි අංශය සැලසුම් කරමින් සිටියදී අපි අත්අඩංගුවට ගත්තා" කියලා. කරලා මේ බුද්ධි අංශවල ඉන්න නිලධාරීන්ගේ තොරතුරු සියල්ල බී වාර්තා හරහා ප්‍රසිද්ධ කරා. ප්‍රතිඵලය මොකක්ද? ලංකාව බිහිකළ විශිෂ්ටතම බුද්ධි නිලධාරියෙක් වෙන කර්නල් තුවාන් මුතාලිෆ් මැතිතුමා ඇතුළු බුද්ධි නිලධාරීන් සහ තොරතුරුකරුවන් 73ක් කොටි සංවිධානයට බිලිවීමයි.

මම ඉතාම ආඩම්බරයෙන් කියනවා, ඒ තුවාන් මුතාලිෆ් කියන්නේ මගේ පාසල බිහිකරපු විශිෂ්ට රණවිරුවෙක්. ඒ විතරක් නෙවෙයි, ඒ මහා පාවාදීමෙන් පස්සේ අපේ බුද්ධි අංශ පොල්වල්ල උස්සලා පොළොවේ ගැහුවා වගේ සීසීකඩ ගියා. දැන් පොලීසිය පස්සෙන් එනවා බුද්ධි අංශ නිලධාරීන්ගේ. එතකොට බුද්ධි අංශ නිලධාරීන් සීසීකඩ විසිරිලා ගියා. එතනට නායකත්වය දුන්න හමීඩ් නිලාම් කියන නිලධාරියා ලංකාවෙන් විදෙස්ගත වුණා, විදෙස්ගත වුණාමයි, අදටත් ලංකාවට පැමිණ නැහැ. 

අපි මිලේනියම් සිටි පාවාදීම අවස්ථාවෙත් අපි රණවිරුවන්, බුද්ධි රණවිරුවන් වෙනුවෙන් හුදකලා සටනක් කළා. ඒ කාලේ මම සිහල උරුමයේ ප්‍රචාරක ලේකම්. ඒ අපි එදා ඔවුන් වෙනුවෙන් කරපු සටනට කළගුණ සලකන්න ඒ නිලධාරියා අදටත් අපෙත් එක්ක සබඳතා පවත්වන් යනවා. නමුත් ඇතිවෙච්ච කලකිරීමට වසර විසි ගණනක් ගිහිල්ලා, ඒ සිදුවීම වෙලා වසර 24ක් වුණත් අදට ලංකාවට අඩිය තියන්නවත් එන්න කැමති නැහැ.

මේ කාරණා මත සුරේෂ් සලෙයි මැතිතුමාට තමන්ගේ මුරපද ලබා නොදීමට සාධාරණ හේතු තිබෙන බවයි අපි විශ්වාස කරන්නේ. නමුත් අධිකරණය නියෝගයක් ලබා දුන්නම, අධිකරණ නියෝගයක් හරි වුණත් වැරදි වුණත් අපි බැඳිලා ඉන්නවා එයට ගරු කරන්න; ඉංග්‍රීසියෙන් කියනවා "කම්ප්ලයි ඇන්ඩ් කම්ප්ලේන්" (Comply and complain). මුලින්ම ඒකට අනුගත වෙලා ඊට පස්සෙයි ඒ දොසක් තිබෙනවා නම් ඒ ගැන පැමිණිලි කළ යුත්තේ. ඉතින් සුරේෂ් සලෙයි මැතිතුමාගේ නීතිඥවරුන් මේ පිළිබඳව කඩිනමින් ක්‍රියා කරනවා ඇතැයි අපි විශ්වාස කරනවා."

සම්බන්ධිත පුවත් | Related News

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදම් පිල්ලේ 2026 වසරේ නොබෙල් සාම ත්‍යාගයෙන් අද (9) පිදුම් ලැබීය.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
මාගම්පුර වරාය පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම සඳහා එහි ගොඩගසා තිබූ කළුගල් තොගයක් මාලදිවයින වෙත අපනයනය කිරීමට 2024 වසරේදී පෞද්ගලික සමාගමකට එක්වරක් පමණක් වලංගු වන විශේෂ බලපත්‍රයක් නිකුත් කර තිබූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් අතර විශේෂ හමුවක් අද (09) පෙරවරුවේ පවත්වා තිබේ.
බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.