"වත්මන් පාලනයෙන් සහනයක් නෑ.. දේශීය ගොවියා අනාථයි" - දේශයේ ගොවි හඬ සංවිධානයෙන් චෝදනා
පිටරටින් අසීමිත ලෙස කෘෂිකාර්මික ඵලදාවන් ආනයනය කිරීම හේතුවෙන් දේශීය ගොවියා දැඩි ආර්ථික පරිහානියකට පත්ව ඇති බව "දේශයේ ගොවි හඬ" සංවිධානය පවසයි. නුවරඑළියේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංවිධානයේ සභාපති තරිඳු රත්නායක, මධ්‍යම පළාත් නියෝජිත නලින්ද සේනාරත්න, නුවරඑළිය ගොවි සන්ධානයේ ලේකම් හසිත වීරසිංහ සහ නුවරඑළිය තරුණ ගොවිසභාවේ සභාපති සම්පත් ගුණරත්න යන මහත්වරුන් මේ බව අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජිතයන් කියා සිටියේ, වාර්ෂිකව අර්තාපල් ආනයනය කිරීම සඳහා පමණක් මෙරටින් විදේශයන්ට ඇදී යන ඩොලර් මිලියන 50ක මුදල දේශීය ගොවියා නගාසිටුවීමට යෙදවූයේ නම් ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන රට තුළම ලබාගත හැකිව තිබූ බවයි. එසේම පිටරටින් ගෙන්වන අලවල සොලනීන් බැක්ටීරියාව අන්තර්ගත වීම නිසා දේශීය පාරිභෝගිකයන් දැඩි සෞඛ්‍ය අවදානමකට ලක්ව ඇති බවට ඔවුහු චෝදනා කරති. මහජන පරිභෝජනයට නුසුදුසු මෙවැනි අර්තාපල් වෙළෙඳපොළේ තිබියදී වගකිවයුතු නාගරික සෞඛ්‍ය පරීක්ෂකවරුන් නිහඬව සිටීම ගැටලුසහගත බවත්, පරිභෝජනයට නුසුදුසු අර්තාපල් අලෙවි කරන ස්ථාන වහාම වැටලීමට ලක් කර ඒවා වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කළ යුතු බවත් මෙහිදී ප්‍රකාශ විය.
සහල් මිල පිළිබඳව අදහස් දක්වමින් ඔවුන් පෙන්වා දුන්නේ සහල් කිලෝවක් නිෂ්පාදනය කිරීමට වී කිලෝ එකහමාරක් අවශ්‍ය වන අතර, ඒ අනුව සහල් කිලෝවක උපරිම මිල විය යුත්තේ රුපියල් 150ක් පමණක් බවයි. නමුත් වත්මන් වෙළෙඳපොළ මිල අනුව සහල් කිලෝවකින් රුපියල් 60ත් 70ත් අතර මුදලක් ගොවියාට හෝ පාරිභෝගිකයාට නොලැබී අතුරුදහන් වන බව ඔවුහු පවසති. මේ පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කළ හැකි වුවත්, රටේ පවතින දූෂණ නඩු විභාග කිරීමේ ක්‍රියාවලිය ඉතා මන්දගාමී බැවින් එම විමර්ශන අවසන් වන විට ගොවියා ජීවතුන් අතර සිටීද යන්න පවා සැකසහිත බව ඔවුහු සඳහන් කරති. එබැවින් වී සඳහා වහාම ස්ථාවර මිලක් ලබා දී, පිටරටින් සහල් ආනයනය කිරීම සහමුලින්ම නැවැත්විය යුතු බව ඔවුහු ඉල්ලා සිටිති.
වත්මන් දේශපාලන අධිකාරිය විවේචනය කරමින් දේශයේ ගොවි හඬ සංවිධානය කියා සිටියේ, වත්මන් රජය ක්‍රියාත්මක කරන්නේ නව වැඩපිළිවෙළක් නොවන බවත්, එය මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ පාලන කාලවල සිදුවූ දේවල කවලමක් පමණක් බවයි. එමෙන්ම ගොවීන්ට ජලය සහ පහසුකම් ලැබීම රජයේ විශේෂ වරප්‍රසාදයක් නොවන බවද ඔවුහු සිහිපත් කරති. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගොවි ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට එම දිස්ත්‍රික්කයේම මැතිඇමැතිවරුන් කාලය ලබා නොදුන් බවත්, ඒ වෙනුවට පක්ෂ භේදයකින් තොරව කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුචිත සංජය පෙරේරා මහතා මේ වෙනුවෙන් හඬ නැඟීම අගය කරන බවත් ඔවුහු පැවසූහ. රජය සාකච්ඡා සඳහා කැඳවා ඇත්තේ ඔවුන්ගේම හිතවත්, රජයේ අවශ්‍යතාවලට වැඩ කරන පිරිසක් පමණක් බවත්, සැබෑ ගොවි ගැටලුවලට සාධනීය විසඳුම් සෙවීමට නම් තමන් වැනි සැබෑ ගොවියන් සම්බන්ධ කරගත යුතු බවත් ඔවුහු අවධාරණය කරති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්