News Category
From Date
To Date
Maximum Number of Result

මාලිමාවේ ‘ලස්සන ජීවිතය’ ගොවියා මහමඟට ඇද දමලා.. රනිල් - ජේ. ආර්. ගිය නව ලිබරල් මඟ යමින් මාලිමා රජය ගොවි ජනතාව පාවා දීලා.. - ජයන්ත සමරවීර

Jul 2, 2026 at 03:20 PM
|

වත්මන් ජාතික ජන බලවේග (මාලිමා) ආණ්ඩුව බලයට පත් වුණේ මේ රටේ පොදු ගොවි ජනතාවගේ සහ වැඩකරන ජනතාවගේ කරමතින් වුවද, බලයට පත්වූ වහාම ඔවුන් ගොවියා පාවා දී මහා පීඩාවකට ඇද දමා ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා චෝදනා කරයි. බත්තරමුල්ලේ පිහිටි පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ, “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” දෙන බව කියා බලයට පැමිණි පාලකයින් අද වන විට රටේ සමස්ත ගොවි ජනතාවම හිඟමනට පත් කර මහමඟට ඇද දමා ඇති බවයි.

විශේෂයෙන්ම, මේ දිනවල වී ගොවියා බරපතල අර්බුදයකට මුහුණ දී සිටින බව පෙන්වා දුන් සමරවීර මහතා, මහ කන්නයේ අස්වැන්න පවා විකුණාගත නොහැකිව නිවෙස්වල ගොඩගැසී තිබියදී, මේ වන විට යල කන්නයේ අස්වැන්න ද නෙළීමට පටන්ගෙන ඇති බව සඳහන් කළේය. වත්මන් රජය යටතේ ගොවියාට තමන්ගේ වී කිලෝවක් අලෙවි කිරීමට සිදුව ඇත්තේ රුපියල් 70, 80 සහ 90 වැනි සොච්චම් මිලකට බවත්, වගාවට අවශ්‍ය පොහොර ටික නොමැතිව සහ අස්වැන්නට සාධාරණ මිලක් නොමැතිව ගොවීන් රට පුරා වීදි සටන්වල නිරත වන බවත් ඔහු පැවසීය.

රටේ ජනාධිපතිවරයා, කෘෂිකර්ම අමාත්‍යවරයා සහ වෙළඳ අමාත්‍යවරයා යන තිදෙනාම රජරට ගොවි පවුල්වලින් පැමිණි, ගොවියාගේ දුක හොඳින්ම හඳුනන අය බව පැවසූ ජයන්ත සමරවීර මහතා, ගොවි ජනතාව ඔවුන් කෙරෙහි තැබූ විශ්වාසය අද වන විට සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇතැයි ද කියා සිටියේය. 

“ගොවියාගේ කරමතින් බලයට ඇවිත්, අද ගොවියාගේ ප්‍රශ්න විසඳන්න බැරි වුණාම ආණ්ඩුව නිකන් මඤ්ඤං කතා කියනවා. එක් පැත්තකින් වෙළඳ අමාත්‍යවරයා කියනවා රාජ්‍ය සේවකයන්ට හාල් කිලෝ 20 ගානේ කල්බදු ක්‍රමයට දෙනවා කියලා. ඒක කැබිනට් මාධ්‍ය ප්‍රකාශකගෙන් ඇහුවහම කියනවා එහෙම එකක් නැහැ, ඒක යෝජනාවක් විතරයි කියලා. දකුණු අත කරන දේ වම් අත දන්නේ නැති ආණ්ඩුවක් මේක,” යැයි ඔහු ප්‍රකාශ කළේය.

රජයට සිය පොරොන්දු ඉටු කිරීමට නොහැකි වීමෙන් හටගත් ආතතිය නිසා, ඔවුන් දැන් ගොවි ජනතාවට තර්ජනය කරමින් සහ අපහාස කරමින් සිටින බව සමරවීර මහතා පෙන්වා දුන්නේය. පොළොන්නරුවේ උපන් රාජ්‍ය නායකයෙකු ගොවීන්ව “කසිප්පුකාරයින්” ලෙස හඳුන්වද්දී, කෘෂිකර්ම අමාත්‍යවරයා “ගොවියා මඩ සෝදාගත් කල රජකමටත් සුදුසුයි” යන ඓතිහාසික ප්‍රස්තාව පිරුළ “පචයක්” ලෙස හෑල්ලුවට ලක් කර ඇති බවට ඔහු චෝදනා කළේය. 

එසේම, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා රොබට් නොක්ස්ගේ “එදා හෙළදිව” කෘතිය වැරදියට අර්ථකථනය කරමින්, එම ප්‍රස්තාව පිරුළ අදාළ වන්නේ උඩුනුවර සහ යටිනුවර උසස් කුලවල ගොවියන්ට විතරක් බව ප්‍රකාශ කරමින්, සමාජයෙන් තුරන් වෙමින් පවතින “කුලවාදය” නැවත කරළියට ගෙනවිත් ඇතැයි ඒ මහතා දැඩිව විවේචනය කළේය. නූතන මනුෂ්‍යත්වය ගැන කතා කළ ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් අද ගොවියා පහත් කර සැලකීමට කුලවාදය පාවිච්චි කිරීම පිළිකුල් සහගත බව හෙතෙම සඳහන් කළේය.

ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙන්නේ මාලිමා ආණ්ඩුව ගමන් කරමින් සිටින්නේ ජේ.ආර්. ජයවර්ධන සහ රනිල් වික්‍රමසිංහ මහත්වරුන් හඳුන්වා දුන්, ගොවියාව අනාථ කළ 'නව ලිබරල්වාදී' විවෘත ආර්ථික ගමනෙම බවයි. මෙම ආර්ථික ප්‍රතිපත්තිය තුළ ගොවියාට කිසිදා සාධාරණ මිලක් හෝ ලස්සන ජීවිතයක් අත් නොවන බවත්, පෙරදා මාධ්‍යයට සහ ජනතාවට හිතකාමී වූ ලාල් කාන්ත වැනි නායකයින් අද ජනතාවට සහ මාධ්‍යයට හතුරන් වී ඇත්තේ මේ ආර්ථික ගමනේ ඇති වූ අර්බුදය නිසා බවත් ඔහු කීය.

ගොවි ජනතාව මුහුණ දෙන මෙම ඛේදනීය තත්ත්වයෙන් ඔවුන් මුදාගැනීම සඳහා ජාතික නිදහස් පෙරමුණ විසින් රජයට යෝජනා මාලාවක් ඉදිරිපත් කරනු ලැබීය. එහි පළමු පියවර ලෙස ගොවියාගේ වී තොග නිවෙස්වල තිබියදී පිටරටින් සහල් ආනයනය කිරීම මුළුමනින්ම නතර කළ යුතු බවත්, පසුගියදා සහල් මෙට්‍රික් ටොන් 45,000ක් රට තුළට ගෙන්වීම වී මිල පහත වැටීමට ප්‍රධාන හේතුව වූ බවත් පෙන්වා දෙන ලදී. දෙවැනිව, පාරිභෝගිකයා සහ ගොවියා යන දෙදෙනාම රැකෙන පරිදි සහල් සඳහා ස්ථාවර පාලන මිලක් නියම කළ යුතු අතර, සහල් වෙළඳපොළ පාලනය කිරීම සඳහා වත්මන් යල කන්නයේ සමස්ත වී නිෂ්පාදනයෙන් අවම වශයෙන් 10%ක් (දහයෙන් එකක්) වත් වී අලෙවි මණ්ඩලය හරහා රජය සෘජුව මිලදී ගත යුතු බව අවධාරණය කෙරිණි.

මීට අමතරව, ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල අඩු වීමේ වාසිය ගොවියාට ලබා දෙමින් කෘෂිකාර්මික යෙදවුම්, තෙල් සහ පොහොර මිල උපරිමයෙන් අඩු කළ යුතු බවත්, ණය බර නිසා වැසී ගොස් ඇති කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් නැවත පණගැන්වීම සඳහා ‘ගොවිජන බැංකුව’ හෝ ‘සමෘද්ධි බැංකුව’ හරහා සහන පොලී යටතේ කාරක ප්‍රාග්ධනය සැපයිය යුතු බවත් යෝජනා කෙරිණි. එමඟින් වී ගොවියාම සහල් නිෂ්පාදකයා බවට පත් කළ හැකි බව සමරවීර මහතා පැවසීය.

රටේ බෝ නොවන රෝග සහ දරුවන්ගේ ස්ථූලතාවය ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වන පාන් පිටි පරිභෝජනය අධෛර්යමත් කර, දේශීය හාල් පිටි පරිභෝජනය ප්‍රවර්ධනය කිරීමට රජය වහා මැදිහත් විය යුතු බව ද මෙහිදී ප්‍රකාශ විය. බත සපයන ගොවියා මඩ සෝදාගත් කල රජකමට සුදුසු බව අදටත් වලංගු සත්‍යයක් බවත්, ගොවියාට කරන අපහාස නින්දා වහාම නතර කර මෙම යෝජනා ක්‍රියාත්මක කරමින් ගොවි ජනතාවට ජීවිතය ලබා දීමට ආණ්ඩුව වහා මැදිහත් විය යුතු බවත් ජයන්ත සමරවීර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලෙයි මහතා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සමරවීර මහතා කියා සිටියේ, සලෙයි මහතාට CIDය තුළ සිදුවූ වදහිංසා සහ නින්දාවන්ට එරෙහිව තමන් දිගින් දිගටම හඬ නැඟූ බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට සහන ලැබුණු බවත්, නීතිඥ උපදෙස් මත ඔහු උපවාසය අත්හැරියත්, පරීක්ෂණ නතර කරන ලෙස තමන් කිසිවිටකත් නොඉල්ලූ බවත් ඔහු පැවසීය. ත්‍රස්තවාදය පරාජය කිරීමට කැපවූ වීරවරයෙකුට අවම මනුෂ්‍යත්වයක් ලබා දෙමින් විමර්ශන කළ යුතු බව පැවසූ ඒ මහතා, සලෙයි මහතා "නහයෙන් කෑවා, දැන් කටින් කනවා" යැයි කියමින් කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා කරන ප්‍රකාශ සිනහවට කරුණක් බවත්, ත්‍රස්තවාදය පරාජය කිරීමට එදා මහින්ද රාජපක්ෂ මහතා මෙහෙයවූයේ ද වත්මන් මාලිමා නායකයින්ගේ එදා දේශපාලන ව්‍යාපාරය (ජවිපෙ) බව නලින්ද ජයතිස්ස මහතාට අමතක වී ඇතැයි ද පවසමින් මාධ්‍ය සාකච්ඡාව අවසන් කළේය.

සම්බන්ධිත පුවත් | Related News

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදම් පිල්ලේ 2026 වසරේ නොබෙල් සාම ත්‍යාගයෙන් අද (9) පිදුම් ලැබීය.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
මාගම්පුර වරාය පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම සඳහා එහි ගොඩගසා තිබූ කළුගල් තොගයක් මාලදිවයින වෙත අපනයනය කිරීමට 2024 වසරේදී පෞද්ගලික සමාගමකට එක්වරක් පමණක් වලංගු වන විශේෂ බලපත්‍රයක් නිකුත් කර තිබූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් අතර විශේෂ හමුවක් අද (09) පෙරවරුවේ පවත්වා තිබේ.
බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.