News Category
From Date
To Date
Maximum Number of Result

චීනය කෙරෙහි විශ්වාසය තැබීම යනු හෙට දවස කෙරෙහි විශ්වාසය තැබීමයි- ශ්‍රී ලංකාවේ චීන තානාපති අතිගරු Qi Zhenhong

Jul 2, 2026 at 01:57 PM
|

චීන කොමියුනිස්ට් පක්ෂය (CPC) පිහිටුවීමේ 105 වැනි සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් සංවිධානය කළ විශේෂ සැමරුම් උත්සවයක් ඊයේ (ජූලි 1) කොළඹ Cinnamon Life හෝටලයේ Cumulus Ballroom පරිශ්‍රයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති අතිගරු  Qi Zhenhong මහතා සහ එම මැතිණිය Madame Jin Qian මහත්මියගේ සත්කාරකත්වයෙන් පැවති මෙම උත්සවයට ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම් ටිල්වින් සිල්වා මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, දේශපාලන පක්ෂ නියෝජිතයන්, අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල සාමාජිකයන් සහ විශේෂ ආරාධිත අමුත්තන් රැසක් එක්ව සිටියහ.

උත්සවය අමතමින් තානාපති කිව් ෂෙන්හොන්ග් මහතා, චීන කොමියුනිස්ට් පක්ෂයේ වසර 105ක ගමන්මඟ, චීනයේ සංවර්ධන ජයග්‍රහණ, ජනාධිපති ෂී ජින්පිං මහතාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන නවීකරණ වැඩපිළිවෙළ මෙන්ම චීන–ශ්‍රී ලංකා මිත්‍රත්වය සහ දේශපාලන, ආර්ථික හා ජනතා සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ වැදගත්කම පිළිබඳව විශේෂ දේශනයක් පැවැත්වීය.

එහිදී අදහස් දක්වමින් චීන තානාපතිවරයා, "චීනය සමඟ ගමන් කිරීම යනු අවස්ථාවන් සමඟ ගමන් කිරීමයි.චීනය කෙරෙහි විශ්වාසය තැබීම යනු හෙට දවස කෙරෙහි විශ්වාසය තැබීමයි.චීනයේ ආයෝජනය කිරීම යනු අනාගතයේ ආයෝජනය කිරීමයි.

මෙම නව ඓතිහාසික ආරම්භක ස්ථානයේ සිට, ලෝකයේ සියලු රටවල දේශපාලන පක්ෂ සහ ජනතාව සමඟ එක්ව,

ලෝකයේ නිවැරදි සංවර්ධන මාවත අනුගමනය කරමින්,වඩා යහපත් අනාගතයක් එක්ව නිර්මාණය කරමින්,යුගයේ වගකීම් උසුලමින්,ජයග්‍රාහී සහයෝගීතාවයේ (Win-Win Cooperation) නව පරිච්ඡේදයක් එක්ව ලියා තැබීමට අප සූදානම්ව සිටිමු" යනුවෙන් පැවසීය.


ඒ මහතාගේ සම්පූර්ණ දේශනය පහතින්,

ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම් ගරු ටිල්වින් සිල්වා මැතිතුමනි, සමගි ජන බලවේගයේ නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමනි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් ගරු සාගර කාරියවසම් මැතිතුමනි, එක්සත් ජාතික පක්ෂයේ සභාපති ගරු වජිර අබේවර්ධන මැතිතුමනි, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ගරු ජී. වීරසිංහ මැතිතුමනි, අනෙකුත් දේශපාලන පක්ෂවල ගරු නායකවරුනි, ගරු අමාත්‍යවරුනි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනි, රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලයේ අතිගරු තානාපතිවරුනි සහ සාමාජිකයිනි, ගරු ආරාධිත අමුත්තනි, මහත්ම මහත්මීනි, ආදරණීය මිතුරනි,

සුබ සන්ධ්‍යාවක් වේවා!

චීන කොමියුනිස්ට් පක්ෂය (CPC) පිහිටුවා වසර 105ක් සපිරීම සමරන මෙම අවස්ථාව සඳහා ඔබ සියලු දෙනා සමඟ එක්වීමට ලැබීම මට මහත් සතුටක් මෙන්ම ගෞරවයක් ගෙන දෙන්නකි. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය වෙනුවෙන්, අද මෙම උත්සවයට සහභාගී වූ සියලුම ගරු ආරාධිත අමුත්තන් වෙත මාගේ උණුසුම් සුබ පැතුම් සහ හෘදයාංගම කෘතඥතාව පළ කරමි.

අද දින බීජිං නුවරදී ද චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවා වසර 105ක් සපිරීම නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක් පවත්වනු ලැබුවා. එහිදී චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම් ජනාධිපති ෂී ජින්පිං මහතා වැදගත් දේශනයක් පවත්වමින්, පක්ෂය පසුගිය වසර 105 පුරා ගමන් කළ ගෞරවාන්විත ඉතිහාසය සමාලෝචනය කළ අතර, චීන කොමියුනිස්ට් පක්ෂයේත් චීන ජනතාවගේත් අනාගත සංවර්ධනය පිළිබඳ දීප්තිමත් දැක්මක් ඉදිරිපත් කරනු ලැබුවා. නවීකරණය කරා අඛණ්ඩව ගමන් කරන චීනය, ලෝකයට තවත් අවස්ථා රැසක් උදා කරමින්, ජාත්‍යන්තර සහයෝගීතාවට නව ජවයක් ලබා දෙමින්, මානව ප්‍රගතිය සඳහා තවදුරටත් වැදගත් දායකත්වයක් ලබා දෙනු ඇත.

අභියෝග සහ දුෂ්කරතා මැදින් ගත කළ වසර 105ක්, මුල් අරමුණට නොසැලී කැප වූ වසර 105ක් — චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉතිහාසය එලෙස විග්‍රහ කළ හැකිය. ජාතිය බරපතළ අර්බුදයකට මුහුණ දුන් සමයක උපත ලැබූ මෙම පක්ෂය, දුෂ්කර අරගල මැදින් වර්ධනය වූ අතර, ප්‍රතිසංස්කරණ සහ විවෘත කිරීමේ යුගයේදී අභිවෘද්ධියට පත්විය.

පක්ෂය බිහි වූ ෂිකුමෙන් සිට නව චීනය ප්‍රකාශයට පත් කළ ටියැන්අන්මෙන් දක්වාත්, පක්ෂයේ උපන් බිම වන සිංයේ මාර්ගයේ සිට ජාතික පුනර්ජීවනය සංකේතවත් කරන ෆුෂිං මාර්ගය දක්වාත්, අපගේ පක්ෂය සෑම විටම ජනතාව සමඟ එකම හුස්ම හෙළමින්, එකම ඉරණම බෙදා ගනිමින්, තම හදවත ජනතාව සමඟ බැඳ තබාගෙන සිටියේය.

ඉතිහාසය එක් ගැඹුරු සත්‍යයක් අපට ඉගැන්වීය. එනම්, චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය ඉතිහාසයේ තේරීමක් පමණක් නොව, ඊටත් වඩා වැදගත් ලෙස ජනතාවගේ තේරීමක් ද වන බවයි. එය ප්‍රායෝගික අත්දැකීම්වලින් බිහි වූ අනිවාර්ය ප්‍රතිඵලයක් මෙන්ම, යුගයේ අවශ්‍යතාවයක්ද වේ. 

ආදරණීය මිතුරනි!

චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික සම්මේලනයෙන් පසු, ෂී ජින්පිං මහතාගේ නායකත්වය යටතේ චීන කොමියුනිස්ට් පක්ෂය තම මූලික ප්‍රතිපත්ති රැකගනිමින් නව මාවත් විවෘත කළ අතර, කාලයේ වෙනස්කම් සමඟ ඉදිරියට ගමන් කරමින් නව යුගයක් සඳහා විශිෂ්ට ජයග්‍රහණ රැසක් ලබා ගත්තේය.

ජනතාවගේ සතුට වෙනුවෙන්, අපි දරිද්‍රතාවයට එරෙහි සටන ජයගෙන, සෑම අංශයකින්ම මධ්‍යස්ථ සමෘද්ධිමත් සමාජයක් ගොඩනැගීම සම්පූර්ණ කළෙමු. දරිද්‍රතාව අවම කිරීමේ අපගේ ජයග්‍රහණ ලොව පුරා ප්‍රශංසාවට ලක්ව ඇති අතර, ජනතාවගේ ජීවන තත්ත්වයේ වර්ධනය සෑම අයෙකුටම සාධාරණ ලෙස හිමිවී ඇත. නගර සහ ග්‍රාමීය ප්‍රදේශ යන දෙවර්ගයම ආවරණය වන පරිදි අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ සමාජ ආරක්ෂණ පද්ධති පූර්ණ ලෙස ක්‍රියාත්මක වීම හේතුවෙන්, චීනයේ බිලියන 1.4ක ජනතාවට සැබෑ ප්‍රතිලාභ, සතුට සහ ආරක්ෂාව පිළිබඳ ගැඹුරු හැඟීමක් අත්විඳීමට හැකි වී තිබේ.

ජාතියේ පුනර්ජීවනය වෙනුවෙන්, චීන නවීකරණය ස්ථාවරව මෙන්ම වේගවත්ව ඉදිරියට ගමන් කරමින් සිටී. චීනයේ සමස්ත ආර්ථික නිෂ්පාදනය යුවාන් ට්‍රිලියන 140 ඉක්මවා ඇති අතර, ලොව විශාලතම වෙළඳ රාජ්‍යය ලෙස එහි ස්ථානය තවදුරටත් ශක්තිමත්ව පවතී. "Chang'e" චන්ද්‍ර ගවේෂණ වැඩසටහනේ සිට "Fendouzhe" ගැඹුරු මුහුදු ගවේෂණ යානය දක්වාත්, රට පුරා ධාවනය වන අධිවේගී දුම්රිය ජාලයේ සිට 5G තාක්ෂණයේ ලෝක නායකත්වය දක්වාත්, චීනයේ තාක්ෂණික නවෝත්පාදනය සෑම දිනකම නව ඉතිහාසයක් නිර්මාණය කරමින් සිටී. එමෙන්ම ජාතික උපායමාර්ගික උපකරණ හා තාක්ෂණික හැකියාවන් නිරන්තරයෙන් නව සන්ධිස්ථාන කරා ළඟා වෙමින් සිටී. මේ සමඟම චීන ජාතියේ මහා පුනර්ජීවනය ආපසු හැරවිය නොහැකි ඓතිහාසික ගමන් මඟකට පිවිස ඇත.

මානව සංහතියේ ප්‍රගතිය සහ ලෝක සාමය වෙනුවෙන්, ජනාධිපති ෂී ජින්පිං මහතා "මානව වර්ගයාගේ පොදු අනාගතයක් සහිත ප්‍රජාවක්" (Community with a Shared Future for Mankind) ගොඩනැගීමේ සංකල්පය ඉදිරිපත් කළ අතර, එය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යෝජනා සම්මතයන්ට ද ඇතුළත් වී, ගෝලීය එකඟතාවක් බවට පත්ව ඇත.

එක් තීරයක් – එක් මාවතක් (Belt and Road Initiative) වැඩසටහන මහාද්වීප හා සාගර සම්බන්ධ කරමින් ගෝලීය සංවර්ධනයට ශක්තිමත් ගාමක බලවේගයක් සපයයි. චීන–යුරෝපීය දුම්රිය සේවාව (China-Europe Railway Express) කිලෝමීටර් දහස් ගණන් ගෙවා දමමින් භාණ්ඩ ප්‍රවාහනය කරමින් ජාත්‍යන්තර වෙළඳාමට නව ජීවයක් ලබා දෙයි.

එමෙන්ම ගෝලීය සංවර්ධන මුලපිරීම (Global Security Initiative), ගෝලීය ආරක්ෂක මුලපිරීම (Global Civilization Initiative), ගෝලීය ශිෂ්ටාචාර මුලපිරීම (Global Civilization Initiative) සහ ගෝලීය පාලන මුලපිරීම (Global Governance Initiative) යන ප්‍රධාන ගෝලීය යෝජනා හතර තුළින්, චීනය වර්තමාන යුගය, ඉතිහාසය සහ ජනතාව ඉදිරියේ පවතින ප්‍රශ්නවලට ක්‍රමානුකූල පිළිතුරු ලබා දී ඇති අතර, චීන දැනුම සහ චීන විසඳුම් ලෝකයට ඉදිරිපත් කර තිබේ.

මෙම චීන යෝජනා සහ මුලපිරීම් සඳහා රටවල් 160කට ආසන්න සංඛ්‍යාවක් සහ ජාත්‍යන්තර සංවිධාන රැසක් සහාය පළ කර තිබේ.චීනය සැමවිටම ලෝක සාමයේ ගොඩනඟන්නෙකු, ගෝලීය සංවර්ධනයේ දායකයෙකු සහ ජාත්‍යන්තර පද්ධතියේ ආරක්ෂකයෙකු ලෙස තම වගකීම ඉටු කරමින් සිටී.

ආදරණීය මිතුරනි!

චීනය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය ඈත අතීතය දක්වා දිව යන්නකි. දෙරටේ දේශපාලන පක්ෂ අතර පවතින හුවමාරු සහ සහයෝගීතාව මගින් ද මෙම මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් වී තිබේ. චීන කොමියුනිස්ට් පක්ෂය සහ ශ්‍රී ලංකාවේ විවිධ දේශපාලන පක්ෂ, අන්‍යෝන්‍ය ගෞරවය සහ සමානාත්මතාවය යන මූලධර්ම මත එකිනෙකා සමඟ සබඳතා පවත්වාගෙන යති. රාජ්‍ය පාලනය පිළිබඳ අත්දැකීම් සහ අදහස් හුවමාරු කර ගනිමින්, පොදු සංවර්ධනය සඳහා සුදුසු මාර්ග එක්ව සොයා යාම අපගේ අරමුණයි.

ජනාධිපති ෂී ජින්පිං මහතා සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාර්ථක හමුව, චීන–ශ්‍රී ලංකා සබඳතා සඳහා නව සැලැස්මක් සහ දීර්ඝකාලීන දැක්මක් සකස් කර දී ඇත.

දේශපාලන පක්ෂ අතර සබඳතා, චීන–ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතාවල වැදගත් අංගයක් වන අතර, එම හුවමාරු දෙරට අතර සන්නිවේදනය හා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට විශාල දායකත්වයක් ලබා දී ඇත.

"ස්වාධීනත්වය, සම්පූර්ණ සමානාත්මතාව, අන්‍යෝන්‍ය ගෞරවය සහ එකිනෙකාගේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් නොවීම" යන මූලධර්ම මත පදනම්ව, චීන කොමියුනිස්ට් පක්ෂය ශ්‍රී ලංකාවේ සියලු දේශපාලන පක්ෂ සමඟ රාජ්‍ය පාලන අත්දැකීම් හුවමාරු කර ගැනීමට සූදානම්ව සිටී.

එමෙන්ම, දරිද්‍රතාව අවම කිරීම, ඩිජිටල් නගර සංවර්ධනය, සහ ජනතාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම යන ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගීතාව ඉදිරියට ගෙන යාමටත්, දෙරටේ පොදු අවශ්‍යතා සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ තවදුරටත් වර්ධනය කිරීමටත් අපි කැපවී සිටිමු.

අනාගතය දෙස බලන විට, දෙරටේ රාජ්‍ය නායකයන් අතර ඇතිකරගත් වැදගත් එකඟතා සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව සමඟ එක්ව කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙමු.

එසේම, එක් එක් රටේ ජාතික තත්ත්වයන්ට ගැළපෙන සංවර්ධන මාවත් එක්ව ගවේෂණය කරමින්, උපායමාර්ගික වැදගත්කමකින් යුත් පොදු අනාගතයක් සහිත චීන–ශ්‍රී ලංකා ප්‍රජාවක් (China–Sri Lanka Community with a Shared Future) ගොඩනැගීම ප්‍රවර්ධනය කර, දෙරටේ ජනතාවට තවත් ප්‍රතිලාභ සහ වැඩි සමෘද්ධියක් උදා කිරීමට අපි අපේක්ෂා කරමු.

මහත්ම මහත්මීනි, ආදරණීය මිතුරනි!

අද ලෝකය තුළ ශතවර්ෂයක් තිස්සේ නොදුටු විශාල වෙනස්කම් වේගයෙන් සිදුවෙමින් පවතී. එවැනි තත්ත්වයක් තුළ, රටවල් සහ ජනතාව එකමුතුවෙන් සිටිමින් එකිනෙකාට සහයෝගය ලබා දීම කාලයේ අවශ්‍යතාව බවට පත්ව ඇත.

"ලෝකයට කුමක් සිදුවෙමින් පවතීද? එයට අප ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද?" යන යුගයේ මූලික ප්‍රශ්නයට පිළිතුරු සෙවීමේදී, චීන කොමියුනිස්ට් පක්ෂය ගෝලීය ප්‍රධාන මුලපිරීම් හතර මගපෙන්වීමක් කර ගනිමින්, සියලු රටවල් සමඟ අත්වැල් බැඳගෙන ස්ථාවර සාමය, පොදු ආරක්ෂාව, හවුල් සමෘද්ධිය, විවෘතභාවය සහ සියල්ලන් ඇතුළත් කරගන්නා සුන්දර හා පිරිසිදු ලෝකයක් ගොඩනැගීමට කැපවී සිටී.

වසර 105ක් යනු ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් පමණක් නොව, නව ගමනක ආරම්භක ලක්ෂ්‍යය ද වේ.

චීන කොමියුනිස්ට් පක්ෂය සැමවිටම ජනතාව සමඟ එක්ව ගමන් කරන අතර, යුගයේ වෙනස්කම් සමඟ ඉදිරියටම ගමන් කරයි.

අද පැහැදිලිව පෙනෙන්නේ,

චීනය සමඟ ගමන් කිරීම යනු අවස්ථාවන් සමඟ ගමන් කිරීමයි.චීනය කෙරෙහි විශ්වාසය තැබීම යනු හෙට දවස කෙරෙහි විශ්වාසය තැබීමයි.චීනයේ ආයෝජනය කිරීම යනු අනාගතයේ ආයෝජනය කිරීමයි.

මෙම නව ඓතිහාසික ආරම්භක ස්ථානයේ සිට, ලෝකයේ සියලු රටවල දේශපාලන පක්ෂ සහ ජනතාව සමඟ එක්ව,

ලෝකයේ නිවැරදි සංවර්ධන මාවත අනුගමනය කරමින්,වඩා යහපත් අනාගතයක් එක්ව නිර්මාණය කරමින්,යුගයේ වගකීම් උසුලමින්,ජයග්‍රාහී සහයෝගීතාවයේ (Win-Win Cooperation) නව පරිච්ඡේදයක් එක්ව ලියා තැබීමට අප සූදානම්ව සිටිමු.

දැන්, කරුණාකර ඔබ සැමට මගේ ජය පැන් සංග්‍රහ ආරාධනය පිළිගන්නා ලෙස ඉල්ලා සිටිමි.

චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවා වසර 105ක් සපිරීම වෙනුවෙන්,අද මෙහි රැස්ව සිටින සියලු ගරු ආරාධිත අමුත්තන්ගේ සෞඛ්‍යය සහ සමෘද්ධිය වෙනුවෙන්,ලෝකයේ සියලු ජනතාව අතර ගැඹුරු මිත්‍රත්වය සහ පොදු සමෘද්ධිය වෙනුවෙන්,

ඔබ සැමට සුභ පැතුම්!

ස්තුතියි!

සම්බන්ධිත පුවත් | Related News

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කණ්ඩායම දේශපාලන බලය ලබා ගැනීමට පෙර ආරක්ෂාව ලැබුවේත්, යැපුණේත් බෞද්ධ විහාරස්ථාන සහ සංඝරත්නය සෙවණේ බවත් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.
ඉන්දියාවේ කොක්‍රෝච් ජනතා පක්ෂයේ නායක අභිජීත් දීප්කේ එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.
මහානායක හිමිවරුන් විසින් ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම පිළිබඳව කනස්සල්ල පළ කරමින් යැවූ ලිපියට ඉතා ඉක්මනින් ජනාධිපතිවරයා ප්‍රතිචාර දක්වද්දී, 22 සංශෝධනයට විරෝධය කළ කරමින් උන්වහන්සේලා යැවූ ලිපියට ජනාධිපති උපාසක මහතාගේ ප්‍රතිචාරයක් නොතිබූ බවත්, ජනාධිපති උපාසක මහතා බොරුවක් කළ බව දැන් රටම දන්නා කරුණක් බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.
වත්මන් රජය විසින් අත්තනෝමතික ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගනු ලැබූ ක්‍රියාමාර්ග තරයේ හෙළා දකින බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකගේ සිවුර ඉවත් කිරීමේ ක්‍රියාවලිය බන්ධනාගාරයේ පවතින නීති රෙගුලාසි මත පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සම්බන්ධයෙන් තීරණය කිරීමේ පූර්ණ බලය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරයි.
සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස සහ සිවුර ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වන අරගලයේ පළමු පියවර අද (10) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවෙන් ආරම්භ කර තිබේ.

ප්‍රධාන පුවත්

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.