ඉන්දියන් පොන්නි සම්බා..
පොළොන්නරැ දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය ශ්‍රී ලංකාවේ වැඩිම වී නිෂ්පාදනයක් ඇති ප්‍රදේශයකි. මහසෙන් රජුගේ අනුග්‍රහයෙන් ඔහුගේ නැගණිය වූ බිසෝබණ්ඩාර කුමරිය වසර 1700කට පෙර කර වූ කවුඩුළු වැව මැදිරිගිරි මහා ගොවි ජනපදයට දියවර සපයයි.
රට පුරා පැන නැගෙමින් ඇති වී ගොවිතැනේ ප්‍රශ්නය ගැන දැන ගැනීමට ඊයේ අපි එහි ගියෙමු. ප්‍රශ්නය ගොවීයාට වී සඳහා නිසි මිලක් නොලැබීමයි. වී සඳහා නිසි මිලක් නොලැබීම යනු බොහෝ පැරණි සටන් පාඨයකි. එහෙත් අද ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් කෘත්‍රිමව නිර්මාණය කළ ප්‍රශ්නයකි.
මැද පෙරදිග ඇති වූ යුධමය තත්ත්වය නිසා පොහොර මිල ඉහළ යෑමත් ට්‍රැක්ටර් සහ වී කැපුම් ගාස්තු ඉහළ යාමත් නිසා වී නිෂ්පාදන මිල ඉහළ යෑම තේරුම් ගත හැකි කරුණකි. ගොවි නායකයන් පවසන පරිදි අද වන විට වී කිලෝවක නිෂ්පාදන මිල රුපියල් 135 ඉක්මවා ඇත. ප්‍රශ්නය ඇත්තේ පෙර කන්නවල වී ගැනුම් මිල වූ රුපියල් 100-120 අගය පහළ ගොස් රුපියල් 80-90 ත් අතර අගයකට ඇද වැටීමයි. වී නිෂ්පාදන මිල ඉහළ යෑම නිසා ගැනුම් මිල වැඩිවිය යුතු වුවද සිදු වී ඇත්තේ තිබුණු මිලටත් වඩා ගැණුම් මිල අඩුවීමයි. එසේ සිදු වූයේ ඇයි?
ඊට ප්‍රධාන හේතුව ආණ්ඩුව උත්සව සමයට යැයි පවසමින් අතිවිශාල ඉන්දියන් පොන්නි සම්බා ප්‍රමාණයක් මෙරටට ආනනය කිරීමට ඉඩ සැලසීමයි. දැනගන්නට ඇති පරිදි එම ප්‍රමාණය මෙට්‍රික්ටොන් ලක්ෂ එකහමාර ඉක්මවා ඇත. එසේ ගෙන්වූ හාල් රජය සතොස මගින් ද රට පුරා බෙදා හැරීමට කටයුතු යොදන ලදි. සැබවින්ම සිංහල අවුරුද්ද කිට්ටුව හිඟයක් පැවතියේ කීරි සම්බා පමණි. මිල පාලනය නමින් කවරක් පැවසුවද වෙළඳපොලේ කීරි සම්බා කිලෝවක් රුපියල් 360ක පමණ මිලකට අලෙවි විය. රජය කළ යුතුව තිබුණේ කීරි සම්බා පරිභෝජනය ගණනය කර ඊළඟ කන්නයේ අස්වැන්න පැමිණෙන තෙක් අඩුපාඩුවට පොන්නි කීරි සම්බා ආනයනය කිරීමට ඉඩ සැලසීමයි.
ඒ වෙනුවට අවිචාරවත් ලෙස මුළු සහල් වෙළඳපොළම ඉන්දියන් පොන්නි කීරි සම්බාවලින් වසා දැමීමට ආණ්ඩුව ඉඩ සැලසීය. එහි කිලෝවක මිල රැපියල් 229කි. පාරිභෝගික ජනතාව නාඩු සහ සම්බා වෙනුවටද ඉන්දියන් පොන්නි කීරි සම්බා වෙත යොමු විය.
සිය මෝල්වල පැවති වීවලට ඉල්ලුම අඩුවීම නිසා වී මෝල් හිමියෝ වී මිලදී ගැනීම අඩු/ නතර කළහ. ප්‍රධාන වී මෝල් හිමියන් දේශීය සහල් වෙළඳපොළට නිදහස් කිරීම 40% කින් පමණද කුඩා සහ මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් දේශීය සහල් වෙළඳපොළට නිදහස් කිරීම 60%කින් පමණ ද අඩු විය. දේශීය සහල්වලට ඉල්ලුමක් නැති නිසා වී මිල පහත වැටිණි.
ඊයේ මැදිරිගිරියේදී මුණගැසුණු පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති ජගත් අරැණකීර්ති මහතා පැවසූයේ මෙතරම් වී නිෂ්පාදනය කරන මැදිරිගිරියේ සතොසේ ද පොන්නි කීරි සම්බා ඇති බවයි. බොරැනම් ගිහින් බලන ලෙස ඒ මහතා පැවසීය.
ඒ මහතා පැවසුවේ ඇත්තකි මා මැදිරිගිරියේ ලක් සතොස වෙළඳ සැලට ගොස් ඉන්දියන් පොන්නි සම්බා කිලෝ දෙකක් මිලදී ගතිමි. මේ එම බිල්පතයි.
ලංකාවේ වැඩිම වී නිෂ්පාදනයක් ඇති මැදිරිගිරියේ සතොසට ඉන්දියන් පොන්නි සබ්බා යවන පිරිසකගෙන් ගොවියාගේ ප්‍රශ්නයට විසඳුමක් බලාපොරොත්තු විය හැකිද?
(අචාර්ය චන්න ජයසුමනගේ මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්