News Category
From Date
To Date
Maximum Number of Result

ලැජ්ජයි, හිරිකිතයි දිලීප..

Jul 2, 2026 at 08:54 AM
|

ඊයෙ අධිකරණයේදී විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකුට "පපුවේ තහඩු කැබලි එල්ලාගෙන එනවා " යැයි ඔබ විසින් සිදු කළ අශිෂ්ඨ ප්‍රකාශයට කලගුණ දත් ශිෂ්ඨ සම්පන්න මිනිසුන්ගෙන් නම් කිසිදා සමාවක් ලැබෙන්න නැත..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රටේ සේනාධිනායකයා වන ගරු ජනාධිපතිවරයා විසින් පිරිනමනු ලබන, රජයේ නිල ගැසට් නිවේදන මඟින් තහවුරු කර ඇති, හමුදා පනත්වලින් නීතිමය ආරක්ෂාව සලසා ඇති උත්තරීතර රාජ්‍ය  සම්මානවලට "තහඩු කැබලි" යැයි කීම වෘත්තීය ආචාරධර්මවලට එකඟ වුවද, මානුෂීය සහ සදාචාරාත්මක සීමාවන් ඉක්මවා යාමකි. 

ඔබ ඔබගෙ නීතිඥ වෘත්තියේ ඇති භාෂණයෙ අයිතිය භක්ෂණය කරමින් ඇත..

ඔබ ඔබගෙ වෘත්තීය අයිතිවාසිකම් වල සීමා මායිම් අභිබවා යමින් ඇත...

පපුවේ පැළඳි පදක්කම් නිකම්ම නිකම් "තහඩු කැබලි" නොවේ. 

පාස්කු ප්‍රහාර නඩුවේ 3 වන සැකකරු වන සුරේෂ් සලේට අදාළ  විමර්ශන කටයුතු විභාග වූ අවස්ථාවේදී, ඊට අගතියට පත් පාර්ශවයක් ලෙස මැදිහත් වීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික බලලත් නිලධාරියෙකු වූ අජිත් ශාන්ත කුමාර ජයතිලක මහතා ඉල්ලීමක් කර තිබුණි. 

ඔහු පැළඳ සිටියෙ  "වීර වික්‍රම විභූෂණ" පදක්කමය.. 

එය ජීවත්ව ඉන්න හමුදා නිළධාරියෙකුට සටන් බිමේ ඉටුකරන වීරක්‍රියා වෙනුවෙන් ලැබිය හැකි ඉහලම පදක්කම.

දිලීප අපහාස කරන්නෙ එම පදක්කමට..

නීතිමය තර්ක ඉදිරිපත් කිරීමට සහ එම ඉල්ලීමේ සුදුසුකම් ප්‍රශ්න කිරීමට නීතිඥවරුන්ට අයිතියක් ඇත. 

නමුත්, ඒ වෙනුවෙන් එම විශ්‍රාමික නිලධාරියා ඉලක්ක කර ගනිමින්, "පපුවේ තහඩු කැබලි (පදක්කම්) එල්ලාගෙන එනවා" යනුවෙන් පොදුවේ හමුදා පදක්කම් සුළු කොට තැකීම, මේ මව්බිම වෙනුවෙන් දිවි පරදුවට තබා සේවය කළ වීරයන්ට සිදුකළ දැඩි අගෞරවයකි.

දිලීප.., ඒ පපුව මත, ඒ උරහිස මත මත දිදුළන පදක්කම්, කඩසාප්පුවලින් මුදලට ගත් සෙල්ලම් බඩු හෝ නිකන්ම නිකන් තහඩු කැබලි නොවේ...

දිලීප.. කකුල් දෙක පද්ද පද්ද, සුවපහසු  AC කාමර ඇතුළේ සිට, ටයි පටි පැළඳ වචන හරඹ කරන උදවියට මේ පදක්කම්වල බර සහ ගෞරවය නොදැනීම පුදුමයක් නොවේ...

දිලීප.., ඔබ නිදහසෙ තාරුණ්‍යයේ සිහින දකිද්දී මේ රණවිරුවන් තමන්ගේ තාරුණ්‍යය, තමන්ගේ පුද්ගලික අරමුණු සහ ලස්සන සිහින සියල්ල මව්බිම වෙනුවෙන් සංග්‍රාම භූමියේ වළලා දැමූහ..

දිලීප.., ඔබ සුවපහසුව විඳිද්දී, ඔවුන් අව්ව, වැස්ස නොතකා, ටොන් ගණන් බරැති අවි ආයුධ සිය උර මත තබාගෙන මඩ, කටුක කැලෑ මැද, වන මෘගයින් මැද, , බිම්බෝම්බ මතින් ඉදිරියට ඇදුණේ "හෙට දවසේ මේ රටේ දරුවන්ට නිදහස් රටක් ඉතිරි කළ යුතුයි" යන එකම අරමුණෙනි..

දිලීප.. ඔබ මුදල් හොයන්නට වචන පටලවද්දී ඔවුන් තමන්ගේ දෑස් ඉදිරියේ තමන්ගේම සහෝදර සෙබළුන්ගේ සිරුරු කැබලිවලට කැඩී යන අයුරු බලා සිටිමින්, එම ලේ තැවරුණු දෑතින්ම තුවක්කුව අල්ලාගෙන සතුරාට මුහුණ දුන්හ. 

ඔවුහු අපේ නිදහස වෙනුවෙන් ඔවුන්ගෙ නිදහස කැප කළ උත්තම විරුවන්ය..

මුළු.ලෝකය රණවිරුවන්ට ගරු කරද්දී, අපේ රටේ තත්ත්වය ඛේදනීයයි...

ලෝකයේ දියුණු රටවල් තමන්ගේ රණවිරුවන්ට සලකන ආකාරය දෙස බලන්න. රුසියාවේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වැනි ලෝක නායකයින්, මහා ධාරාණිපාත වැසි මැද කුඩයක්වත් නොමැතිව තෙමෙමින්, තමන්ගේ රට වෙනුවෙන් දිවි දුන් රණවිරුවන්ගේ ස්මාරක ඉදිරියේ හිස නමා ආචාර කරන්නේ සමස්ත ලෝකයටම ආදර්ශයක් දෙමිනි. 

ඇමරිකාව, බ්‍රිතාන්‍යය වැනි රටවල හමුදා නිල ඇඳුමක් හැඳි අයෙකු දුටු තැන සාමාන්‍ය ජනතාව නැගිට ගෞරව දක්වති.

නමුත් අපේ රටේ..? 

වත්මන් ජනාධිපතිවරයා රණවිරු දින උත්සවවලට සහභාගී වන්නේද බලහත්කාරයෙන්  ඇදගෙන ගොස්ය..

රාජ්‍ය නායකයාගේ සිට පහළටම රණවිරුවන් කෙරෙහි දක්වන මෙම කැත උදාසීන ප්‍රතිපත්තිය මහජනතාව තුළ විශාල සැකයක් උපදවන්නකි 

මෙය තවත් ඩයස්පෝරාවේ සැලැස්මක්ද..? රණවිරුවන්ට අපහාස, උපහාස කිරීමෙ අරමුණු ඇත්තෙ කාටද...?

උත්තරීතර අධිකරණ ශාලා තුළ නිලධාරීන්ගේ ගෞරවනීය පදක්කම්  " නිකම්ම නිකම් තහඩු කැබලි" ලෙස හෑල්ලුවට ලක්වීමත්, රජයේ නායකයින් රණවිරු සැමරුම් මඟහැරීමට හෝ අකමැත්තෙන් සහභාගී වීමට උත්සාහ කිරීමත් හුදෙක් අහම්බයන් විය නොහැක. 

වසර 30 ක යුද්ධයෙන් මේ රට බෙදන්නට බැරි වූ බාහිර බලවේග සහ බෙදුම්වාදී ඩයස්පෝරාව, අද අපේම රටේ නීතිය සහ දේශපාලනය හරහා රණවිරුවන්ගේ මානසිකත්වය බිඳ දැමීමේ ක්‍රමානුකූල සැලැස්මක් ක්‍රියාත්මක කරන්නේද යන සාධාරණ සැකය අද රටේ බහුතරයක් ජනතාවට ඇතිවී තිබේ...

දිලීප පීරිස්ට අධිකරණය තුළ නඩුවකට අදාළව කරුණු දැක්වීමට නෛතික පසුබිමක් (Absolute Privilege - නිරපේක්ෂ වරප්‍රසාදය) හිමිවන බව සැබෑය..

ඒ කියා ඕනෑම කුණුහරුපයක් කීමෙ අයිතිය ඔහුට නැත..

නීතිඥ සාරධර්ම (Legal Ethics) අනුව අධිකරණයේ ස්වාධීනත්වය රැකීම ඔබගෙ වගකීමකි..

හමුදා නිලධාරියෙකු සේවයෙන් විශ්‍රාම ගියද, ඔහු රට වෙනුවෙන් කළ සේවය සහ ඔහු උපයාගත් ව්‍යවස්ථාපිත ගෞරවය කිසිදා විශ්‍රාම යන්නේ නැත.

නීතිය සැමට සමාන විය යුතුය, ඒ ගැන විවාදයක් නැත..

රටක් කම්පා කළ බරපතළ ත්‍රස්ත ප්‍රහාරයක සුලමුල සෙවීම වෙනුවෙන් ස්වාධීන විමර්ශන සිදුවිය යුතුය. ඒ ගැනද විවාදයක් නැත..

නමුත්, 

ඒ නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් තර්ක කරන මුවාවෙන් රටක ජාතික වීරත්වයට සහ සන්නද්ධ සේවාවන්හි උත්තරීතර ඇගයීම්වලට නින්දා කිරීමට, බාහිර න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමට කිසිවෙකුටත් සදාචාරාත්මක අයිතියක් නැත.

අප තවමත් ජීවත් වන්නේ ඒ වීරයන් රැකදුන් නිදහස් දේශයක බව කිසිවෙකුත් අමතක නොකළ යුතුය..

දිලීප.., ඔබ ඔබගෙ සැරයටිය කැරකැවීමෙ නිදහසෙ කොණ කොතනදැයි දැනගත යුතුය..

ඔබලා මිනිසුන්ට ගරහන්නෙ තමන්ගෙ වෘත්තීය අයිතිවාසිකම් වලට මුවා වෙලාය.. එහෙත් රට වෙනුවෙන් කැප වූ වීරෝදාර රණවිරුවන්ට සංග්‍රාම භූමියෙ තම ජීවිතය ආරක්ෂා කර ගැනීමට මුවා වෙන්නටත් තැනක්වත් තිබ්බෙ නැත.

මනුෂ්‍යත්වය, සදාචාරය සහ සාරධර්ම තිබෙන්නෙ කළු කබායට වඩා බොහෝ ඉහලින්ය...

- නිලන්ත සත්සර ගමගේ  

(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

එදා අපි නුඹලාට ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරලා රට නිදහස් කරලා දුන්නා
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.

ප්‍රධාන පුවත්

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.