සාමසාධක මෙහෙයුමේදී ජීවිත 14ක් බේරාගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වීරත්වය එක්සත් ජාතීන්ගේ ඇගයීමට..
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක බලකායට (MINUSCA) අනුයුක්තව රාජකාරියේ නියුතු ශ්‍රී ලංකා ගුවන් හමුදා බලඇණිය අතිශය අවදානම් සහගත තත්ත්වයක් හමුවේ සතුරු ප්‍රහාර මධ්‍යයේ සුවිශේෂී ජීවිත ගලවාගැනීමේ මෙහෙයුමක් (CASEVAC) සාර්ථකව නිම කර තිබේ.
ජුනි මස 30 වැනිදා සිදු කළ මෙම මානුෂීය මෙහෙයුම මඟින්, එක්සත් ජාතීන්ගේ සාමසාධක ගුවන් ඉතිහාසයේ හදිසි මෙහෙයුමකදී එකවර තුවාලකරුවන් 14 දෙනෙකු සාර්ථකව මුදාගත් පළමු අවස්ථාව ලෙස වාර්තා පොත් අතරට එක්වේ.
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ 'අම් ඩැෆොක්' (Am Dafok) ප්‍රදේශයේ සාමසාධක රාජකාරි මුරසංචාරයක නිරතව සිටි සැම්බියානු බලඇණියේ සෙබළුන් ඉලක්ක කරගනිමින් හඳුනානොගත් සන්නද්ධ කණ්ඩායමක් විසින් දරුණු ප්‍රහාරයක් එල්ල කර තිබුණි.
මෙම ප්‍රහාරයෙන් සැම්බියානු සෙබළුන්, සිවිල් වැසියන් සහ එරට ආරක්ෂක අංශ සාමාජිකයින් ඇතුළු පිරිසක් තුවාල ලැබීය.
තත්ත්වය බරපතළ වීම හේතුවෙන් තුවාල ලැබූවන් මුදාගැනීමට ප්‍රථමයෙන් පකිස්ථාන ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් කැඳවීමට උත්සාහ කළද, පවතින අයහපත් කාලගුණය හේතුවෙන් එය අසාර්ථක විය.
ඒ අනුව, සාමසාධක බලකායේ ප්‍රධාන අණදෙන නිලධාරියා (Force Commander) විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම භයානක ජීවිත ගලවාගැනීමේ මෙහෙයුම ශ්‍රී ලංකා ගුවන් හමුදාව භාර ගත්තේය.
තත්ත්වයේ බරපතළකම වටහාගත් ශ්‍රී ලංකා බලඇණියේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ආසිරි පතිරගේ ඇතුළු කාර්ය මණ්ඩලය, අයහපත් කාලගුණික තත්ත්වයන්ද නොතකා වහාම ක්‍රියාත්මක වී තිබුණි.
ගෲප් කැප්ටන් ආසිරි පතිරගේ ප්‍රධානත්වයෙන් සහ ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් දිල්හාෂ් අතපත්තුගේ සහය නියමු දායකත්වයෙන් යුතු, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් UNO 325P දරන Mi-17 හෙලිකොප්ටර් යානය එදින පෙරවරු 07:30 ට (Bria) ගුවන් තොටුපොළෙන් ගුවන්ගත වී මෙහෙයුම අරඹා තිබුණි.
මෙම වීරෝදාර කණ්ඩායමට ඇතුළත් නිලධාරීන් අතර ගුවන් ඉංජිනේරු බලපංති සැරයන් හෙට්ටිආරච්චි, ලෝඩ් මාස්ටර්: බලපංති සැරයන් මනෝජ්, ගුවන් අවිකරුවන් වන කෝප්‍රල් විජේතුංග සහ නායක ගුවන් භට අබේසිංහ, ගුවන් වෛද්‍ය ඉවත් කිරීමේ කණ්ඩායම (AMET): ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් යාදීෂ රත්නසිරි, බලලත් නිලධාරි ඩී.එම්. සුමතිපාල සහ බලපංති සැරයන් කේ.පී.ඩී. රුවන්කුමාර සිටියේය.
සටන් පවතින කලාපයේ තත්ත්වය වේගයෙන් දරුණු අතට හැරීම හේතුවෙන්, ප්‍රධාන අණදෙන නිලධාරියාගේ නියෝගය පරිදි සෘජුවම සටන් බිම වෙත යානය පියාසර කරවීමට නියමුවන් තීරණය කර තිබුණි.
පැය දෙකයි විනාඩි දහයක අඛණ්ඩ පියාසර කාලයකින් පසු, යානය සතුරු ප්‍රහාර එල්ල වන අතිශය අනතුරුදායක සටන් කලාපයට ළඟා වූ බවයි වාර්තා වුණේ.
හෙලිකොප්ටර් යානය ගොඩබැස්වීම පවා අනාරක්ෂිත වූ අතර, එහෙත් ජීවිත අවදානම පසෙකලා ක්‍රියාත්මක වූ ශ්‍රී ලාංකික ගුවන් නියමුවන්, යානයේ එන්ජිම පණගන්වා තිබියදීම ඉතා කෙටි කාලයක් තුළ තුවාල ලැබූවන් 14 දෙනෙකු යානයට නංවාගෙන වහාම එම ප්‍රදේශයෙන් පිටත් වීමට සමත්ව තිබුණි.
ජීවිත ආරක්ෂාවට වඩා මානුෂීය මෙහෙයුමට මුල්තැන දෙමින් ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිස් දැක්වූ මෙම අසමසම නිර්භිතතාවය සහ වෘත්තීය නිපුනත්වය එක්සත් ජාතීන්ගේ සාමසාධක බලකායේ ප්‍රධාන අණදෙන නිලධාරියාගේ (Force Commander) ඉහළම ඇගයීමට ලක්ව තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්