බස් ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය..
ජුනි 30 වන දින සිට ක්‍රියාත්මක වූ ඉන්ධන මිල සංශෝධනය සැලකිල්ලට ගනිමින් ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද වාර්ෂික බස් ගාස්තු සංශෝධන යෝජනාව ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
දැනට ක්‍රියාත්මක බස් ගාස්තු ප්‍රතිපත්තිය අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් සෑම වර්ෂයකම ජූලි මස 01 වැනිදා බස් ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කළ යුතු වේ.
ඒ අනුව, 2026 වර්ෂයේ පෙබරවාරි මස සිට මැද පෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතු කොට ගෙන ඉන්ධන මිලෙහි නිරන්තරයෙන් සිදුවන උච්ඡාවචනයන් සහ ඒ හා බැඳුණු අනෙකුත් ධාවන වියදම්, දැනට භාවිත කරන බස් රථ මාදිලි, අමෙරිකානු ඩොලරයේ සිදුවන උච්ඡාවචනයන් අනුව බස්රථ අමතර කොටස්වල මිල කෙරෙහි වන බලපෑම, අධිවේගී මාර්ගවල ධාවනය වන බස් රථ සහ මෑතකදී හඳුන්වා දෙන ලද පත්ල පහත් ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් ප්‍රයිවට් ලිමිටඩ් යටතේ ධාවනය වන බස්රථ යන කරුණු කෙරෙහි අවධානය යොමු කරමින්, මහජනතාවට අඛණ්ඩ ප්‍රවාහන සේවාවක් සැපයීම සහ බස් කර්මාන්තයේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින්, දැනට පවත්නා බස් ගාස්තු සූත්‍රය (පිරිවැය දර්ශකය) සහ ගාස්තු ව්‍යුහය යාවත්කාලීන කිරීම, සංශෝධනය කිරීම සඳහාවන නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිසයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව කමිටුවක් පත් කර ඇත්තේ.
එකී කමිටුව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ අනුව, 2026-06-30 දින සිට ක්‍රියාත්මක වන පරිදි සිදු කර ඇති ඉන්ධන මිල සංශෝධනය ද සැලකිල්ලට ගනිමින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් බස් ගාස්තු සංශෝධනය කිරීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්