“ඩොලර් බිලියනයක මහා පරිමාණ විනිමය වංචාවක්”.. මහ බැංකු අධිපති ඇතුළු ප්‍රධානීන් වහාම මුදල් කමිටුව හමුවට කැඳවා ප්‍රශ්න කරන්නැයි කියයි..
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෑතකදී අනාවරණය කරන ලද ඇමරිකානු ඩොලර් බිලියනයක දැවැන්ත විදේශ විනිමය වංචාව සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවෙන් (COPF) හදිසි ඉල්ලීමක් කර තිබේ.
මේ සම්බන්ධයෙන් මුදල් කමිටුවේ සභාපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් මන්ත්‍රීවරයා අවධාරණය කර ඇත්තේ, මෙම බරපතළ චෝදනා පිළිබඳව කඩිනමින් විමර්ශනය කිරීම කාරක සභාව සතු ව්‍යවස්ථාපිත වගකීමක් වන අතර, එය ප්‍රමාද කිරීම රාජකාරිය පැහැරහැරීමක් වන බවයි.
ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා ලෙස කළ ප්‍රකාශයන් පෙන්වා දෙමින් ඔහු සඳහන් කරන්නේ, 2024 වසරේ සිට වංචනික ටෙලිග්‍රාෆ් පණිවිඩ (TTs) සහ කිසිදු භාණ්ඩයක් රට තුළට නීත්‍යානුකූලව ඇතුළු නොවුණු ආනයන (Phantom Imports) සඳහා කල්තියා මුදල් ගෙවීම් කිරීම හරහා ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියනයක පමණ දැවැන්ත අලාභයක් සිදුව ඇති බවයි.
එසේම, ව්‍යාජ සමාගම් සහ නීති විරෝධී ගනුදෙනු හරහා බිලියන ගණනක මුදල් විදේශගත කර ඇති වෙළෙඳාම පාදක කරගත් මුදල් විශුද්ධිකරණ ජාලයක් පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා කළ අනාවරණයන් ද ඔහු මෙහිදී සිහිපත් කරයි.
මෙතරම් විශාල මුදලක් රටින් පිටවෙද්දී මහ බැංකුවේ මුදල් විශුද්ධිකරණ විරෝධී සහ මූල්‍ය නිරීක්ෂණ පද්ධති ක්‍රියාත්මක නොවූයේ මන්දැයි ප්‍රශ්න කරන මන්ත්‍රීවරයා, ක්‍රිප්ටොකරන්සි (Cryptocurrency) මඟින් සිදුවන අවදානම් පිළිබඳව තමන් 2025 ජනවාරි මාසයේදීම මුදල් කමිටුව දැනුවත් කළ බව පවසමින් මෙහි ඇති නියාමන දුර්වලතා ද පරීක්ෂාවට ලක්කළ යුතු බව කියා සිටී.
ඒ අනුව මුදල් කමිටුවේ මීළඟ රැස්වීමේ න්‍යාය පත්‍රයට මෙම විෂය ඇතුළත් කර, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ආනයන හා අපනයන පාලක ජනරාල්වරයා, ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙන්ම මෙම ගනුදෙනුවලට සම්බන්ධ බවට සැක කෙරෙන වාණිජ බැංකු 13ක ප්‍රධාන අනුකූලතා නිලධාරීන් (Chief Compliance Officers) සහ අනෙකුත් සියලුම රාජ්‍ය නීති බලාත්මක කිරීමේ ආයතන වහාම කැඳවන ලෙස රවී කරුණානායක මහතා වැඩිදුරටත් ඉල්ලා සිටී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..