දැන් පෙට්‍රල් ලීටරයක් රුපියල් 220කට, ඩීසල් ලීටරයක් 235කට වරායෙන් බාගත හැකියි.. 400 ඉක්මවා තවදුරටත් ඉන්ධන අලෙවි කරන සූත්‍රය හෙළි කරනු! - පාඨලී චම්පික රණවක
ලෝක වෙළඳපොළේ තෙල් මිල පහත වැටී ඇති පසුබිමක, කිසිදු බදු අය කිරීමකින් තොරව පෙට්‍රල් ලීටරයක් රුපියල් 220කට සහ ඩීසල් ලීටරයක් රුපියල් 235කට කොළඹ වරායෙන් බාගත හැකි බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
මාධ්‍ය අමතමින් ඒ මහතා රජයට අභියෝග කළේ එසේ ලබාදිය නොහැකි නම් රුපියල් 400 ඉක්මවූ මිල ගණන්වලට තවදුරටත් ඉන්ධන අලෙවි කරන සූත්‍රය රටට හෙළි කරන ලෙසයි.
පසුගිය අප්‍රේල් 08 වැනිදායින් පසු ලෝක වෙළඳපොළේ තෙල් මිලෙහි විශාල වැඩිවීමක් සිදුව නොමැති බව පෙන්වා දුන් රණවක මහතා, යුද්ධය ආරම්භ වූ අවස්ථාවේදී පැරණි තොග සඳහා ද වහාම මිල වැඩි කළ රජය, දැන් මිල අඩු කිරීමට මැළිකමක් දක්වන බවට චෝදනා කළේය.
"ට්‍රැෆිගුරා (Trafigura) ආයතනයට ඩීසල් ලීටරයකට රුපියල් 98ක් වැඩියෙන් ගෙවා තිබෙනවා. තවත් ආයතනයකට රුපියල් 120ක් වැඩියෙන් ගෙවා තිබෙනවා. මේවා මහා පරිමාණ වංචා. මේවා වසා ගැනීමට රජය දැන් ජනතාව පලිගනිමින් සිටිනවා" යැයි ඔහු සඳහන් කළේය.
රජයේ අසාර්ථකත්වය විවේචනය කරන පිරිස් මර්දනය කිරීමට සහ හිරගෙවල්වල දැමීමට රජය උත්සාහ කළ ද, තමන් ඊට බිය නොවන බව හිටපු අමාත්‍යවරයා අවධාරණය කළේය. ජාතික ජන බලවේගය ඉලක්ක කරගනිමින් අදහස් දැක්වූ ඔහු, ජනතාව මීට වසර 50කට පෙර ප්‍රතික්ෂේප කළ ‘හාල් පොත’ හෝ ‘සලාක ක්‍රමය’ වැනි පැරණි ක්‍රමවේද හරහා රටේ ප්‍රශ්න විසඳිය නොහැකි බව ද කියා සිටියේය.
රජය එක් නීතියක් තමන්ටත්, තවත් නීතියක් විරුද්ධ පක්ෂයටත් ක්‍රියාත්මක කරමින් සිටින බවත්, පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාව තවදුරටත් මුළා නොකර සහන ලබාදීමට කටයුතු කළ යුතු බවත් චම්පික රණවක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාව පිළිබඳව නව වාර්තාව සම්බන්ධයෙන් ආචාර්ය සරත් වීරසේකරගෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා වෙත විවෘත ලිපියක්..
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන