විරෝධතා නොතකා ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් ඉහළ දැමීමට රජයේ සූදානමක්..
විරෝධතා නොතකා ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස තවත් වසර දෙකකින් දීර්ඝ කිරීම පිළිබඳව රජය අඛණ්ඩව සලකා බලමින් සිටින බව ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.
එම වාර්තාවට අනුව, පළපුරුදු විනිසුරුවරුන් වැඩි කාලයක් සේවයේ රඳවා තබාගැනීම සහතික කිරීම සඳහා රජය මෙම පියවර ගෙන ඇත. කෙසේවෙතත්, රජය අධිකරණයට බලපෑම් කිරීමට උත්සාහ කරන බවට විපක්ෂය සහ ජාත්‍යන්තර නීති සංගම් චෝදනා කරන පසුබිමක මෙම තීරණය කරළියට පැමිණ තිබේ.
අධිකරණ ක්ෂේත්‍රයේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා රජය විසින් යෝජනා කරන ලද පහළ සිට ඉහළට යන (bottom-up) ක්‍රමවේදය යටතේ, පහළ උසාවිවල පවතින පුරප්පාඩු පිරවීම සඳහා නව මහේස්ත්‍රාත්වරුන් 50 දෙනෙකු ද පත් කිරීමට නියමිත බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු පවසා ඇත.
මෙම යෝජනාවට අනුව, දැනට 65 වැනි වියේ පසුවන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 67 දක්වා ද, දැනට 63 වැනි වියේ පසුවන අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා ද දීර්ඝ කිරීමට නියමිතය. වත්මන් ක්‍රමවේදයට අනුව මහාධිකරණ විනිසුරුවරුන් අවුරුදු 61න් ද, දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් අවුරුදු 60න් ද විශ්‍රාම යති.
“අභියාචනාධිකරණයේ සහ මහාධිකරණවල ඉතා පළපුරුදු විනිසුරුවරුන් රැසක් සිටිනවා. ඔවුන්ට ඉහළ උසාවිවලට උසස්වීම් ලැබීමට සුදුසුකම් ලබන විට, ඔවුන් විශ්‍රාම වයසට පැමිණීම හෝ විශ්‍රාම යාමට ආසන්න වී තිබීම නිසා ඔවුන්ට ඉහළ උසාවිවල සේවය කිරීමට තිබෙන අවස්ථාව මඟහැරෙනවා. යෝජිත සංශෝධන සමඟින් ඔවුන්ට අවම වශයෙන් වසර දෙකක් හෝ තුනක් ඉහළ උසාවියේ සේවය කිරීමට අවස්ථාව ලැබෙනවා. වෘත්තීය අධිකරණ නිලධාරීන් ලෙස ඔවුන් සතු අත්දැකීම් සමස්ත පද්ධතියටම විශාල ප්‍රතිලාභයක් වේවි,” යැයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මුලින්ම නව මහේස්ත්‍රාත්වරුන් 50 දෙනකු පත්කර පහළ උසාවිවල පුරප්පාඩු පිරවීමටත්, ඉන් අනතුරුව ඉහළ උසාවිවල පවතින පුරප්පාඩු පිරවීමටත් කටයුතු කරන බව ද එම ආරංචි මාර්ග පවසයි.
මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු හතර බැගින් පවතී.
කෙසේවෙතත්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය සහ ආසියා සහ ශාන්තිකර කලාපීය නීති සංගමය ඇතුළු සංවිධාන රැසක්, මෙලෙස ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමෙන් වළකින ලෙස රජයෙන් ඉල්ලා ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..