සලේ අධි අවදානම් කාණ්ඩයට.. යම් හානියක් වුනොත් ජනාධිපති, රවී, ශානි වගකියන්න ඕනේ.. - සුරේෂ් සලේගේ බිරිඳ
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සුරේෂ් මහතා අද පෙරවරුවේ හටගත් පපුවේ අමාරුවක් හේතුවෙන් හෘද රෝග ඒකකයට ඇතුළත් කර ඇති අතර, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අධි අවදානම් කාණ්ඩයට ඇතුළත් කර ඇති බව ඔහුගේ බිරිඳ වන මනෝරි මහත්මිය ප්‍රකාශ කළාය.
වෛද්‍ය පරීක්ෂණවලට අනුව ඔහුට ඕනෑම මොහොතක හෘදයාබාධයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වෛද්‍යවරුන් තහවුරු කර ඇති බවත් රජයේ අමාත්‍යවරුන් කුමන ප්‍රකාශ සිදු කළද, සැබෑ සෞඛ්‍ය තත්ත්වය දන්නේ රෝහලේ සිටින වෛද්‍යවරුන් පමණක් බව ඇය මෙහිදී අවධාරණය කළාය.
බලධාරීන්ට බරපතළ චෝදනාවක් එල්ල කරමින් ඇය කියා සිටියේ, "සියලුම බලධාරීන් බලන් ඉන්නේ සුරේෂ් මැරිලා යනකම්. ඒක තමයි ඔවුන්ට තියෙන ලේසිම වැඩේ" යනුවෙනි.
තමන් කිසිසේත්ම පරීක්ෂණ නතර කරන ලෙස ඉල්ලා නොසිටින බවත්, පරීක්ෂණ නිසි පරිදි සිදුකර අවශ්‍ය නම් ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඇය ඉල්ලා සිටියාය.
සුරේෂ් දැනට ආරම්භ කර ඇති උපවාසය අතහැරීමට සූදානම් නොමැති බවත්, තමන්ට යම් හානියක් සිදුවුවහොත් ඒ පිළිබඳව වගකීම ජනාධිපතිවරයා, රවී සෙනවිරත්න සහ ශානි අබේසේකර ඇතුළු පිරිසක් දැරිය යුතු බවට ඔහු විසින් ලිඛිතව දන්වා ඇති බවත් මනෝරි මහත්මිය වැඩිදුරටත් අනාවරණය කළාය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..