චීන කොමියුනිස්ට් පක්ෂය 105 වැනි සංවත්සරය කොළඹදී සමරයි..
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය කොළඹදී ඊයේ (26) සමරනු ලැබීය.
ඒ සඳහා වූ විශේෂ සැමරුම් උත්සවය චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවය සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය විසින් සංවිධානය කළ අතර එය එම පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි.
මේ සඳහා පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙනග් හොන්ග්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ මහ ලේකම් ජී. වීරසිංහ මෙන්ම සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ඇතුළු පක්ෂ රැසක නියෝජිතයින් මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් රැසක් ද එක්විය.
මෙහිදී සංවත්සරය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් යොමු කළ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සියවසකට අධික කාලයක් පුරා එම පක්ෂ ලබා දුන් සුවිශේෂී නායකත්වය තුළින් චීනයේ ජාතික සංවර්ධනය, සමාජීය ප්‍රගතිය මෙන්ම ජනතා සුබසාධනය උදෙසා අත්කරගෙන ඇති ජයග්‍රහණ විශිෂ්ට බවද සඳහන් කළාය.
එමෙන්ම චීන ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට පමණක් නොව ගෝලීය ආර්ථික වර්ධනය තාක්ෂණික නවෝත්පාදනය සහ ජාත්‍යන්තර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහාද චීනය සුවිශේෂී දායකත්වයක් ලබා දී ඇති බවද අග්‍රාමාත්‍යවරියගේ සුබ පැතුම් පණිවිඩයේ සඳහන් විය.
මෙහිදී අදහස් දැක්වූ පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පැවසුවේ අන්‍යෝන්‍ය ගෞරවය, අවබෝධය සහ පොදු අරමුණක් මත සිදු කරන මග පෙන්වීමකින් විවිධත්වය ශක්තියේ මූලාශ්‍රයක් බවට පත්විය හැකි බවත් චීනයේ අත්දැකීම් මගින් එය පෙන්වා දෙන බවත්ය.
ශ්‍රී ලංකාවටද මෙය ආදර්ශයක් බවත් පැවසූ අමාත්‍යවරයා ජාතික එකමුතුව ශක්තිමත් කිරීම, ජාතික සහජීවනය සහ වාර්ගික සමගිය ප්‍රවර්ධනය කිරීම සඳහා රජය කැපවී සිටින බවද පැවසීය.
එමෙන්ම චීන තානාපතිවරයා මෙහිදී පැවසුවේ චීනය සහ ශ්‍රී ලංකාව සෑම විටම මිත්‍රශීලි සබඳතා පවත්වාගෙන ගොස් ඇති බවත් දෙරටේ තරුණ පරපුර එකිනෙකා හොඳින් දැන හඳුනා ගැනීම, ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීමට වැදගත් දායකත්වයක් සපයන බවත්ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්