ලෝක වෙළඳපොලේ තෙල් මිල වැඩිවෙද්දී අපි මිල වැඩි කලේ සුළු ප්‍රමාණයකින්..
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් පහත වැටීමට සාපේක්ෂව, එම සහනය ඉදිරි කාලයේදී දේශීය පාරිභෝගිකයන්ට දීමට අපේක්ෂා කරන බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කළේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (26) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, පීඩාවට පත් නොවනු පිණිස රජය විසින් මේ දක්වා රුපියල් බිලියන 57ක ඉන්ධන සහනාධාරයක් ලබා දී ඇති බවත්, එම සහන කාලය මේ මාසයෙන් අවසන් වීමට නියමිත බවත් පැවසීය.
මෙම තත්ත්වය හමුවේ අදාළ සහනාධාරය තවදුරටත් දීර්ඝ කරන්නේද නැද්ද යන්න පිළිබඳව ඉදිරියේදී ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන දැනුම් දෙන බව පැවසූ ඔහු, කිසිදු අයුරකින් ජනතාව මත බරක් පැටවීමට රජය ක්‍රියා නොකරන බවට සහතික විය.
මැදපෙරදිග කලාපයේ හටගත් යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ ගියද, දේශීය වශයෙන් මිල සංශෝධනය කිරීමේදී රජය මිල ඉහළ දැමුවේ ඉතා සුළු ප්‍රමාණයකින් බව අමාත්‍යවරයා සිහිපත් කළේය.
වර්තමානය වන විට එම අධික මිල ගණන් ක්‍රමයෙන් පහළ යමින් පවතින බැවින්, නව ඇනවුම් සිදු කිරීමේදී එහි සෘජු ප්‍රතිලාභය පොදු මහජනතාවට හිමි කර දිය හැකි බව ඔහු පෙන්වා දුන්නේය.
දැනට ලංකාව සතු තොග මෙන්ම ඉදිරි මාස දෙකේදී රටට ලැබීමට නියමිත තොග ද පසුගිය මාසයේ පැවැති ඉහළ මිල ගණන් යටතේ ඇනවුම් කළ ඒවාය.
එම නිසා, එම පිරිවැය ආවරණය කරගැනීමෙන් අනතුරුව, ඉදිරියේදී සිදු කෙරෙන නව ඇනවුම් පාදක කරගනිමින් තෙල් මිල අඩුවීමේ වාසිය මෙරට පාරිභෝගිකයන්ට අනිවාර්යයෙන්ම ලබා දීමට හැකිවනු ඇතැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
"යුදමය තත්ත්වය පවතින්න කළින් පැවැති තත්ත්වයට තාම ඇවිත් නෑ. උදාහරණයක් විදිහට බොරතෙල් බැරලයක් අපි අවසානයට ගත්තේ ඩොලර් 64-65ත් අතර ප්‍රමාණයකට. ඒක ඩොලර් 125ක් දක්වා ඉහළ ගියා. අපි ඒ වෙලාවෙත් මේක දෙගුණයකින් වෙලා තියෙනවා කියලා දෙගුණයකින් මිල වැඩි කිරීමක් කරලා ලාබ ගන්න තැනකට ගියේ නෑ. අපි එවලෙත් උත්සාහ කළේ පැවතුණ මිල ගණන්වලට තෙල් ලබා දීම තමයි කළේ. මිල වැඩි කිරීම පවා අපි අවබෝධයෙන් සුළු වශයෙන් තමයි වැඩි කළේ. නමුත් දැන් ඒ වැඩිවෙච්ච මිල 125න් පහළට ඇවිත් තිබෙනවා ඩොලර් 70 කලාපයට එමින් තිබෙනවා එහි වාසිය අපිට ලබා දෙන්න පුළුවන් කම ලැබෙන්නේ ඒ මිල ගණන් අනුව එම පිරිවැය ආවරණය වෙන තෙල් ලැබෙනවාත් එක්කම. දැන් ලබා ගන්න තෙල් විශේෂයෙන්ම ඊළඟ මාස දෙකේ විතර ලැබෙන්න තියෙන්නේ පසුගිය මාසයේදී ඇනවුම් කරපු තෙල්. අපි උපරිම වශයෙන් දැනට මේ බර දරාගන්න බැරි නිසා රුපියල් බිලියන 100 පැකේජය ඇතුළේ රුපියල් බිලියන 57ක්ම වෙන් කරලා මේ සඳහා සහනාධාරය දුන්නා. මේ ජූනි මාසයේ ඒ සහනාධාරය අවසන් වෙනවා පවතින තත්ත්වය අධ්‍යයනය කරලා මේ මිල ගැලපීම කරලා තවත් සහනාධාරයක් දෙන්න පුළුවන්ද බැරිද කියලා ප්‍රතිපත්තිමය තීන්දුවක් අරන් දැනුම්දෙනවා. කිසිදු ආකාරයට මහජනතාවට අනවශ්‍ය පීඩනයක් දෙන්න අපි සූදානම් නෑ. ඒ ලැබෙන වාසිය ඉදිරියේදී ලබා දෙන්න සූදානම් වෙනවා. "
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්