ඉතිහාසයේ පළමු වතාවට සංඝාරාමය පාලනයට කාන්තා උපශාලාධිපතිවරියක් පත්කරලා - පේරාදෙණි වික්‍රම (තුන්වන කොටස)
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ AQ 40 ශාලාව, එහි 23 ක් වන නේවාසිකාර වලින් කුඩාම නේවාසිකාරය වන අතර එහි නවාතැන් සැලසිය හැකි වන්නේ සිසුන් 30 දෙනෙකුට පමණකි. මීට වසර කිහිපයකට පෙර කාර්යමණ්ඩල නිල නිවාසයක් ලෙස භාවිතා වූ එය පසුව නේවාසිකාගාර අර්බුදයට විසදුමක් ලෙස පිරිමි නේවාසිකා ගාරයක් බවට පත් කරන ලදි.
උපකුලපති ළමාවංශගේ පාලන කාලයේ සංඝාරාමයේ නේවාසික ශිෂ්‍ය හිමිවරුන්, ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය හිමිවරුන් අතින් නවක වදයට ලක්වන බව පවසමින් ඊට විසදුමක් ලෙස නවක ශිෂ්‍ය හිමිවරුන් සංඝාරාමයෙන් ඉවත් කර AQ 40 ශාලාවට අනුයුක්ත කිරීමට කටයුතු කරන ලදි.මෙහි උපශාලාධිපතිවරයෙකුට රැදී සිටීම සදහා පහසුකම් ප‍්‍රමාණවත් නොවුනෙන් ආරක්‍ෂාව සදහා පූර්ණකාලීනව ආරක්‍ෂක නිලධාරීන් සහ පිරිසිදුකිරීම් සදහා කම්කරුවන් පමණක් යොදවා තිබුණි.
නමුත් උපකුලපතිවරයා හට සාරානන්ද හිමියන්ගෙන් පලිගැනීම සදහා අවශ්‍යතාවය මතුවූ විට හදිසියේම AQ 40 ශාලාවට උපශාලාධිපතිවරයෙකු අනුයුක්ත කිරීමේ අත්‍යවශ්‍යතාවය පෙනී ගොස් තිබේ.ඒ අනුව කහගල සාරානන්ද හිමියන් වහාම ක‍්‍රියාත්මක වන පරිදි ශිෂ්‍ය හිමිවරුන් 30 දෙනෙකු බලා කියා ගැනීම සදහා AQ 40 ශාලාවට මාරු කර ඇත.
මෙම පලිගැනීමේ චිරස්තීනම කොටස එළැඹෙන්නේ ඉන් පසුවය.
සංඝාරාමය සහ කෙහෙල්පන්නල යන ප‍්‍රධාන භික්ෂු නේවාසිකාර දෙක ශිෂ්‍ය හිමිවරුන් 123 දෙනෙකුට නේවාසික පහසුකම් සැපයීම සිදුකරනු ලබයි.මෙම නේවාසිකාගාර ද්විත්වයේ උපශාලාධිපති ලෙස කටයුතු කල කහගල සාරානන්ද හිමි AQ 40 ශාලාවට ස්ථාන මාරු කිරීමෙන් පසු සංඝාරාමය සහ කෙහෙල්පන්නල නේවාසිකාගාර සදහා වෙනත් උපශාලාධිපතිවරයෙකු පත් කිරීම පරිපාලනය විසින් සිදුකල යුතුය.සාරානන්ද හිමියන්ට සිදුකල අසාධාරණ පලිගැනීම හේතුවෙන් සියළු උපශාලාධිපතිවරුන් සංඝාරාමය සහ කෙහෙල්පන්නල ශාලාවල වගකීම භාරගැනීම ප‍්‍රතික්ෂේප කර ඇත.
ඒ අනුව කර කියා ගත හැකි දෙයක් නොමැතිව අසරණ වූ ළමාවංශ නවක කාන්තා උපශාලාධිපතිවරියකට තර්ජනය කර ඇය සංඝාරාමය සහ කෙහෙල්පන්නල භික්ෂු නේවාසිකාගාර ද්විත්වයේ වැඩ බැලීම සදහා පත් කොට ඇත.
ඒ අනුව ඉතිහාසයේ පළමු වතාවට සංඝාරාමය සහ කෙහෙල්පන්නල භික්ෂු නේවාසිකාගාර ද්විත්වය පාලනය සදහා කාන්තා උපශාලාධිපතිනියක් පත් කිරීමෙන්ද ළමාවංශ පාලනය වාර්ථාවක් තැබීමට කටයුතු කර තිබේ.( එකගෙයි කෑම වැනි තවත් වාර්ථා ඇත)
කෙසේ වෙතත් අයුතු බලපෑම් හමුවේ නොනැමෙන සාරානන්ද හිමි එක් දිනක් වත් AQ 40 ශාලාවට ගියේ නැත.මෙම පරිපාලනම තීරණයට එරෙහි වීම මත එහිමියන්ට එරෙහිව පරීක්‍ෂණයක් සිදුකෙරෙන අතර එහි නිර්දේශ මත මාස 6 ක වැටුප් කපා හැරීම සිදුකර තිබේ.
ඉනුත් පලිගැනීම අවසන් වන්නේ නැත.
පේරාදෙණියේ ඉහල පරිපාලනයේ ඇතැම් මානසික ව්‍යාධිකාරයින්ට සහ ඔවුන්ගේ සහචරයන්ට නොසංසිදෙන එක් පොදු ආශාවක් තිබෙන බව පෙනේ. එය නම් සේවකයන් "ගෙදර යැවීමට" ඇති ආශාවය.මේ ගෙදර යැවීම හවසට ඩියුටි ඕෆ් වී ගෙදර යාම වැනි දෙයක් නොවේ.රැකියාවෙන් නෙරපා හැරීමය.ලොකු කුඩා කුමන වරදකට වුවද ඔවුන්ගේ එකම තෝරා ගැනීම ගෙදර යැවීම වී ඇත්තේ එහෙයිනි.
එකී ආශාවට අනුව කහගල සාරානන්ද හිමියන්ගේ මාස 6 ක වැටුප් කපා හැරීමෙන් ඔවුන්ගේ ආශාව සංසිදුනේ නැත.ඒ අනුව සාරානන්ද හිමියන් සේවයෙන් නෙරපා හැරීම අරමුණු කර ගනිමින් කුමන හෝ වරදක් සොයා ගැනීමේ මෙහෙයුමක් ඇරඹී තිබේ.
ඒ ගැන තොරතුරු ඊලග කොටසින්
- මතු සම්බන්ධයි
(TTV News සමාජ මාධ්‍ය පිටුවෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්