News Category
From Date
To Date
Maximum Number of Result

ගොවියාගෙ කසිප්පු ටිකත් බීලා පාර්ලිමේන්තු ඇවිල්ලා දැන් ගොවියාට කසිප්පුකාරයා කියනවා.. - නාමල් රාජපක්ෂ

Jun 25, 2026 at 06:30 AM
|

‘ගොවියාගෙන් කෙහෙල්කැනත් කපාගෙන, ගොවියාගෙන්ම ප්ලේන්ටියකුත් බීලා, ගොවියාගේ වී ටිකත් හාල් ටිකත් අරගෙන, ඔය ඔබ තමුන්නාන්සේලා කියන විදිහටම ගොවියාගේ කසිප්පු ටිකත් බීලා, දැන් පාර්ලිමේන්තුව ඇවිල්ලා ගොවියාට කසිප්පුකාරයා කියනවා ගොවියා තමන්ගේ වී ටික විකුණාගන්න බැරුව පාරට බැස්සම, තමන්ගේ පොහොර ටික ඉල්ලලා පාරට බැස්සම  කසිප්පුකාරයෝ වෙනවා’ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කලේ පාර්ලිමේන්තුව අමතමිනි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,

"අණපනත්, නීතිරීති ගෙන ඒම හොඳයි. හැබැයි ඉතින් ගරු සභාපතිතුමා, ඒ නීති ක්‍රියාත්මක කරන ආකාරය තමයි ප්‍රශ්නයකට තියෙන්නෙ. අද ආණ්ඩුවට හිතවත් අයට අක්කර ගණන් සුද්ද කරන්න පුළුවන්. ව්‍යාපාරිකයෝ කියයි, අරවා කියයි, මේවා කියයි, අක්කර ගණන් සුද්ද කරන්න පුළුවන්. හැබැයි ඉතින් සාමාන්‍ය මනුස්සයෙක් වැසිකිළි වලක් හදාගන්න ගියොත්, මේ තියෙන නීති ඔක්කොම ඒ මනුස්සයට දානවා.ගමේ දුප්පත් මනුස්සයෙක් වැසිකිළි වලක් හදන්න ගියොත්, අත්තිවාරමක් දාන්න ගියොත් ඔබතුමන්ලාගේ මේ තියෙන සියලු නීතිරීති ක්‍රියාත්මකයි. හැබැයි ඉතින්... සමහර ව්‍යාපාරිකයන්ට අක්කර, හෙක්ටයාර ගණන්.ගමේ යනකොට අපි දකිනවා හෙක්ටයාර ගණන් සුද්ද කරන්නෙ. ඇහුවම කියනවා ආයෝජකයෙක් ඇවිල්ලා කියලා. හැබැයි කවුද ආයෝජකයා? මොකක්ද හදන්නෙ? කියන කාරණය පිළිබඳ කෙසේ වෙතත්, සුද්ද කරන එක නම් සිද්ධ වෙනවා.

ඔබතුමන්ලා ඉන්නේ මේ ක්ලීන් ශ්‍රී ලංකා යුගයේ. දැන් අර රීබිල්ඩ් ශ්‍රී ලංකා කියලා ගිණුමක් හැදුවා. හැබැයි එහෙම එකක් නීත්‍යානුකූලව ස්ථාපනය කරලා නැහැ. දැන් ක්ලීන් ශ්‍රී ලංකා කියලා එකක් නීත්‍යානුකූලව ස්ථාපනය කරලා ද කියන්න අපි දන්නෙත් නැහැ. එහෙම කරලා තියෙනවා නම් හොඳයි. හැබැයි, ඔබතුමන්ලා මේ නිෂ්පාදකයාට පරිසරය හානි කිරීමට විරුද්ධව හෝ හානිකිරීම සම්බන්ධයෙන්, පරිසරයට හානියක් කරොත් ඒකට වන්දියක් ගන්න එක, දඩයක් ගන්න එක හොඳයි. හැබැයි ඉතින් ඊට කලින් ඔබතුමන්ලාගේ ක්ලීන් ශ්‍රී ලංකා ක්‍රියාත්මක කරන නගර සභා, ප්‍රාදේශීය සභාවලට දඩ ගහලා හිටියොත් හොඳයි ගරු සභාපතිතුමා. අද ඩෙංගු රෝගීන් හැමතැනම.

මීට පෙරත් අපි මේක ගැන සඳහන් කරා. පහුගිය දිනක මේ කොළඹ අවට ප්‍රදේශක රෝගියෙක් හම්බුනාම, ප්‍රාදේශීය සභාවට කතා කරලා දුම් ගහන්න කිව්වම මොකක්ද කිව්වේ? අඩුම ගානේ රෝගීන් දහයක්වත් ඉන්න ඕනේ කිව්වා දුම් ගහන්න. දැන් ආණ්ඩුව බලාගෙන ඉන්නවා ගරු සභාපතිතුමිය, රෝගීන් දස දෙනෙක් එනකන් දුම් ගහන්න, ඩෙංගු වලට. දැන් හරිනේ දැන් පනස් දාහක් ඉන්නවානේ. දැන් ප්‍රාදේශීය සභාවට දුම් ගහන්න පුළුවන්. දැන් ක්ලීන් ශ්‍රී ලංකා කියලා හතර වටේ වැව් අස්සෙ රින්ගනවා, කානු අස්සෙ බහිනවා. කානු අස්සෙ රින්ගනවා. ඉතින් ඒ හින්දා කරුණාකරලා ඔබතුමන්ලා මේ ගැන සංවේදීව බලන්න. ඉස්පිරිතාල වල බෙහෙත් නැහැ, වෛද්‍යවරු නැහැ. එදා ඔබතුමන්ලා විපක්ෂයේ ඉන්නකොට බෙහෙත් එකසිය ගාණක් නැහැ කියලා ලොකුවට ආන්දෝලනාත්මක ප්‍රකාශ කරා විතරක් නෙවෙයි, කෑ ගහලා පාරේ යකා නැටුවා.  ඊට වඩා බෙහෙත් නැහැ. හැබැයි ඔබතුමන්ලා ඒ කාරණා වලට සංවේදීව ඇහුම්කන්දෙනවද?

තවත් පැත්තකින් ගරු සභාපතිතුමා ඔබතුමාත් පොලොන්නරුවේ ගොවි ප්‍රශ්නය. දැන් පහුගිය දිනක පොලොන්නරුවේ ගොවි සංවිධාන ඇවිල්ලා කෘෂිකර්ම ඇමතිවරයා සහ අමාත්‍යාංශයේ නිලධාරීන් හම්බවුනා. දැන් ඊට පෙර ඇමතිවරයා පාර්ලිමේන්තුවේ කිව්වා ගොවියෝ ගාව වී නැහැ කියලා. හැබැයි ගොවි සංවිධාන හම්බවුනාම ගොවි සංවිධාන හම්බවෙලා කියනවා සියයට විස්සක් විසිපහක් වී විකුණා ගන්න බැහැ තාම ගොවි ජනතාව ගාව වී ටික තියෙනවා කියලා. ගොවියෝ ගාව වී තියෙනවා කියලා. හැබැයි ආණ්ඩුව අද වෙනකන්, විපක්ෂයේ ඉන්නකොට නම් ඔබ තමුන්නාන්සේලා එකසිය පනහට වී ගන්නවා කිව්වා. අද ආණ්ඩුවේ පොහොර ටික එනකොට ගොයම් කපලා ඉවරයි. එතකොට ආණ්ඩුවෙන් ඔබ තමුන්නාන්සේලා කියන මිලට වී මිලදී ගත්තා කියලා ගොවියට සාධාරණයක් වෙන්නේ නැහැ, මොකද කළු කඩෙන් ගොවියා රුපියල් දහඅට දාහට, විසිදාහට පොහොර ටික අරගෙන. අඩුම ගානේ වෙලාවට පොහොර ටික බෙදාගන්න බැරුව, පොහොර සහනාධාර දීගන්න විදිහක් නැතුව ආණ්ඩුව, අඩුම ගානේ ගොවියාගේ වී ටික වෙලාවට මිලදී ගන්න ඒකටවත් සැලැස්මක් නැහැ.

ඒ ඔක්කොම කාරණා අස්සේ පිටරටින් හාල් ගේනවා. පිටරටින් හාල් ගේන්නෙ ගොයම් කපන කොට, යල කන්නෙ. ගොයම් කපනකොට හාල් ගෙනාවම වී මිලත් වැටෙනවා, හාල් මිලත් නගිනවා. එළවළු වලටත් එහෙමයි. අනෙකුත් භෝග වලටත් එහෙමයි. හැබැයි ගොවි ජනතාව මේවට විරුද්ධව පාරට බැස්සම මොකක්ද වෙන්නේ? ගරු සභාපතිතුමා, ගොවි ජනතාව මේවට විරුද්ධව පාරට බැස්සම ආණ්ඩුව මොකක්ද කියන්නේ, ගොවියා කසිප්පුකාරයෙක් කියනවා. ගොවියා කසිප්පුකාරයෙක්, හොරෙක්. ඔබ තමුන්නාන්සේලාට විරුද්ධව වෛද්‍යවරු පාරට ආවොත් වෛද්‍යවරයා හොරා. ඔබට විරුද්ධව ශිෂ්‍ය සංවිධානයක් පාරට ආවොත් ශිෂ්‍ය සංවිධානය හොරු.දිට්වා කුණාටුවෙන් අනාථ වෙච්ච මිනිස්සු තමන්ගේ තාම තාවකාලික නිවාස වල ඉන්නේ කියලා අඬා වැලපෙනකොට ඔවුන් හොරු. ගොවියා පාරට ආවම කසිප්පුකාරයා. දැන් කෙහෙල් කැනත් කපාගෙන කැබ් එකේ දාගෙනනේ ඔබතුමාලා දේශපාලනය කරේ.  ගොවියාගෙන් කෙහෙල්කැනත් කපාගෙන, ප්ලේන්ටියකුත් බීලා, ගොවියාගේ වී ටිකත් අරගෙන, ඔය ඔබ තමුන්නාන්සේලා කියන විදිහටම ගොවියාගේ කසිප්පු ටිකත් බීලා, දැන් පාර්ලිමේන්තුව ඇවිල්ලා ගොවියාට කසිප්පුකාරයා කියනවා. ලැජ්ජයි. දැන් ගොවියාට කසිප්පුකාරයයි කියනවා.

අපි දැක්කනේ දැන් ඔබතුමාලාගේ මන්ත්‍රීවරු, ඇමතිවරුන්ගේ සහෝදරයෝ මත්කුඩු එක්ක අල්ලනවනෙ. හැබැයි ඒවා කියනකොට ඔබතුමාලා හරියට මී පැටව් වගේ, පූස් පැටව් වගේ වාඩිවෙලා බලාගෙන ඉන්නවා. ආ අපි ඒවා මේ දේශපාලන වේදිකාවේ කතා කරන්නේ නැහැ, මොකද ඒවා අල්ලන්න ඕනේ. ඒවා අල්ලන්න ඕනේ. හැබැයි ඒවට ඔබ තමුන්නාන්සේලාගේ න්‍යාය පත්‍රය ඇතුලේ කටඋත්තර නැහැ.හැබැයි අහිංසක ගොවියා තමන්ගේ වී ටික විකුණාගන්න බැරුව පාරට බැස්සම, තමන්ගේ පොහොර ටික ඉල්ලලා පාරට බැස්සම,  කසිප්පුකාරයෝ වෙනවා. ඉතින් ඒ හින්දා කරුණාකරලා, මේ ගරු සභාපතිතුමා, මේ ගෙන එන අනපනත් ක්‍රියාත්මක කරනකොට සාධාරණව ක්‍රියාත්මක කරන්න. නීතිය කාටත් පොදු වෙන්න ඕනේ. හැබැයි අද නීතිය ක්‍රියාත්මක වෙන්නේ ආණ්ඩුවට හිතවත් අයට එක විදිහකට, ආණ්ඩුවට විරුද්ධ අයට තව විදිහකට, දුප්පත් මනුස්සයාට තව විදිහකට. මේක නෙවෙයි රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච වෙනස. රටේ ජනතාව බලාපොරොත්තු වුණේ නීතිය සාධාරණව ඉටු වෙන, නීතිය හැමෝටම එක හා සමානව ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයක්. ඒ නිසා කරුණාකරලා මේ නීතිරීති ක්‍රියාත්මක කරනකොට, මේ ආයතන ව්‍යුහයන් හදනකොට, තමන්ගේ හිතවතුන්ට රැකියා දෙන්න, තමන්ගේ හිතවතුන්ට ව්‍යාපෘති බෙදන්න මේවා පාවිච්චි නොකර, රටේ ජනතාවට සහනයක් සැලසෙන විදිහට මේවා ක්‍රියාත්මක කරන්න කියලා මම ඉල්ලා සිටිනවා."

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් මහතාගේ කාර්යාලය විසින් ප්‍රකාශයට පත් කරන ලද “‘I Died Many Times’: Attacks on Humanitarian Assistance in Sri Lanka, 20 Years On” යන වාර්තාව සම්බන්ධයෙන් රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා වෙත විවෘත ලිපියක් යොමු කර තිබේ.
හෙට දිනයේ කැඳවා ඇති වැඩ වර්ජනය පෝය දිනයක් ලෙස සලකා කටයුතු කරන ලෙසත්, එමඟින් රටට විශාල බලපෑමක් සිදු නොවන බවත් සඳහන් කරමින්, අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහනුවර දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවකයින්ගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.
පුත්තලම නගරයේ පදික වේදිකාවක වෙළෙඳාමේ නිරත පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පුත්තලම නගරාධිපති රින්සාඩ් අහමඩ් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ගුරුවරුන්ගේ ඉල්ලීම් බලන්න වෙන්නේ 2028 දී. එල්ල වන චෝදනා තඹ සතේකටවත් ගණන් ගන්නේ නෑ යයි නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මහතා පවසයි.
තමන්ට අවශ්‍ය ප්‍රතිඵල ලබා ගැනීම සඳහා මෙරට අධිකරණ පද්ධතියේ විනිසුරු මඬුලු සැලසුම්සහගතව සකස් කිරීමේ (Bench Fixing) ක්‍රියාවලියක් සිදුවන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.
30 වැනිදා රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සහාය දක්වන්නේ ද යන්න පිළිබඳ තීරණය අද (29) ගැනීමට නියමිත බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කරයි.
වත්මන් රජය අමු අමුවේ හමුදාව පාවා දෙමින් ඉතාම පහත් දේශද්‍රෝහී ක්‍රියාවක් සිදු කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමාණික්කම් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශයේ ප්‍රමාණය හා එහි නඩත්තු වියදම් සම්බන්ධයෙන් විවාදාත්මක අදහසක් පළ කර තිබේ.
යාපනය ප්‍රදේශයේ පසුගියදා පැවති මහවිරු සැමරුම් සහ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සර්වජන බලය පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක අරුන් සිද්ධාර්ථන් සිය අදහස් පළ කර තිබේ.

ප්‍රධාන පුවත්

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාව පිළිබඳව නව වාර්තාව සම්බන්ධයෙන් ආචාර්ය සරත් වීරසේකරගෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා වෙත විවෘත ලිපියක්..

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් මහතාගේ කාර්යාලය විසින් ප්‍රකාශයට පත් කරන ලද “‘I Died Many Times’: Attacks on Humanitarian Assistance in Sri Lanka, 20 Years On” යන වාර්තාව සම්බන්ධයෙන් රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා වෙත විවෘත ලිපියක් යොමු කර තිබේ.

මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර

වත්මන් රජය අමු අමුවේ හමුදාව පාවා දෙමින් ඉතාම පහත් දේශද්‍රෝහී ක්‍රියාවක් සිදු කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.

හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..

හිඟුරක්ගොඩ විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලකදී, ඉන්ධන බවුසරයකින් ඉන්ධන බාමින් සිටියදී ඩීසල් භූගත ටැංකියට පෙට්‍රල් ලීටර් 2,000කට ආසන්න ප්‍රමාණයක් මුසු වීමේ සිද්ධියක් හේතුවෙන් ඉන්ධන නිකුත් කිරීම ඇණහිට ඇති බව වාර්තා වේ.

හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..

හඳුනා නොගත් පියාසර වස්තූන් (UFO) සම්බන්ධයෙන් දශක හතකට අධික කාලයක් සිදුකළ විමර්ශනවලට අදාළ රහස් ලිපිගොනු 40ක් සහ මීට පෙර ප්‍රසිද්ධ නොකළ හමුදා වීඩියෝ දර්ශන තුනක් අමෙරිකාව විසින් ප්‍රසිද්ධ කර ඇත.

අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි

ශ්‍රී ලංකාවේ අතීත උරුමයන් සහ නිදහස් සටනේ විරුවන් නොසලකා හරින ආකල්පමය පරිහානියක් වර්තමානයේ දක්නට ලැබෙන බවත්, එසේ අතීත උරුමයන් නොසලකා හරින්නේ නම් රටක් හා ජාතියක් ලෙස පැවතිය නොහැකි බවත් ශ්‍රී ලංකාවේ ස්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ පවසති.

මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..

මාතලේ අලුවිහාරය ආශ්‍රිතව මුස්ලිම් පල්ලියක ඉදිකිරීම් සම්බන්ධයෙන් පළ වූ පුවතක් පිළිබඳව නීතිමය තත්ත්වය සොයා බැලීමට සහ අවශ්‍ය නීතිමය පියවර ගැනීමට සූදානම් බව පූජ්‍ය ගලගම කුසලධම්ම හිමියෝ පවසති.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සර උත්සවය අද පෙරවරුවේ කැළණිය - නාගානන්ද අන්තර්ජාතික විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානය සහ ඕමානය එක්ව පිහිටුවා ගන්නා ඒකාබද්ධ යාන්ත්‍රණයකට නතුවීම නොවැළැක්විය හැකි බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..

යාපනය ප්‍රධාන වීදියේ (Main Street) වසර නවයක පමණ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය 'මාතර ඇඹුල හෝටලය' නම් ආපනශාලාවේ ඉදිරිපස කොටස යාපනය මහ නගර සභාව මගින් කඩා බිඳ දැමීමත් සමඟ, එම නගරයේ නීති ක්‍රියාත්මක කිරීමේ සමානාත්මතාවය සහ සංහිඳියාව පිළිබඳව ප්‍රදේශවාසීන් අතර දැඩි කතාබහක් මතු වී තිබේ.

නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..

එළඹෙන නොවැම්බර් 30 වැනිදා දිවයින පුරා රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර කිහිපයක් ඒකාබද්ධව දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..

ඇමරිකානු පුරවැසියන්ගේ අදහස් වාරණය කිරීමට සහ 2024 ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණ ක්‍රියාවලීන්ට බලපෑම් කිරීමට ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධන නියෝජිතායතනය (USAID) කටයුතු කර ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනාධිකාරිය විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද නවතම ලේඛන මඟින් අනාවරණය වී තිබේ.

ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි

කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා විසින් වී ගොවිතැන අධෛර්යමත් කිරීම සඳහා ගොවීන්ට බලපෑම් කරමින් සිදුකරන ප්‍රකාශ පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධාන වලින් මතය විමසන ලදී.

චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..

1990 දශකයේ සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු ගොඩනැඟුණු ඇමරිකානු නායකත්වයෙන් යුත් ඒකධ්‍රැව ලෝක රටාව නිල වශයෙන් අවසන් වීමේ සන්ධිස්ථානයක් ලෙස චීනයේ ෂෙන්ෂෙන් නගරයේ පැවති 33 වැනි APEC සමුළුවට සමගාමීව සිදු වූ ඇමරිකානු, චීන සහ රුසියානු නායකයන්ගේ හමුව හැඳින්විය හැකි බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා පවසයි.

යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..

මෙරට යුද සමයේදී සහ ඉන් අනතුරුව මානුෂීය සහ වෛද්‍ය සේවකයින්, පහසුකම් සහ මෙහෙයුම් වෙත එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් රාජ්‍ය ආරක්ෂක අංශවල මැදිහත්වීම පිළිගෙන, රජය විසින් ප්‍රසිද්ධියේ සමාව අයැදිය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක් හරහා නිර්දේශ කර තිබේ.

රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්

රුසියානු අධීක්ෂණ ආයතනයේ ප්‍රධානියාගේ කොළඹ සංචාරයේ වැඩසටහන ආරම්භ කරමින් රුසියානු නීතිපති ඇලෙක්සැන්ඩර් ගුට්සාන් මහතා ශ්‍රී ලංකාවේ නීතිපති පාරින්ද රණසිංහ මහතා හමුවිය.

සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන

මෑතකදී අභාවප්‍රාප්ත වූ සිවාජලිංගම්ගේ අවසන් කටයුතුවලට අවසන් ගෞරව දැක්වීම සඳහා මෙරටට පැමිණි බව සඳහන් ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ (තිරුවාමාවලන්) හැසිරීම සහ එම සංචාරය හමුවේ රජය දක්වන ප්‍රතිචාර සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුරේන් රාගවන් මහතා දැඩි විවේචන එල්ල කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.