කොළඹ සරසවියේ විභාග මුදලට සමත් කිරීමේ ජාවාරමක් ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..
කොළඹ විශ්වවිද්‍යාලයේ ඇතැම් විභාග සඳහා පෙනීසිටින සිසුන් මුදලට සමත් කිරීම සහ උසස් ඩිප්ලෝමා පාඨමාලාවන්හි විභාග පැවැත්වීමේදී විශ්වවිද්‍යාල බලධාරීන් විසින් විවිධ අක්‍රමිකතා සිදුකර ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ උසස් ඩිප්ලෝමා පාඨමාලාව හදාරන සිසුන් පිරිසක් විසින් කරන ලද ලිඛිත පැමිණිල්ලක් පිළිබඳව මූලික අධ්‍යයනයක් සිදුකිරීමෙන් අනතුරුව අල්ලස් කොමිසම මෙම පියවර ගෙන ඇත.
සිසුන් විසින් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලේ දැක්වෙන ප්‍රධාන චෝදනා මෙසේය:
– විශ්වවිද්‍යාලයේ ඇතැම් ආචාර්යවරුන් තමන්ට හිතවත් සිසුන් පිරිසක් වෙත විභාගයට පෙර ප්‍රශ්න පත්‍ර හෙළිදරව් කර ඇති බව.
– ඇතැම් ආචාර්යවරුන් සිසුන්ගෙන් මුදල් ලබාගෙන විභාග ලකුණු ලබා දී ඇති බව.
– ආචාර්යවරුන්ගේ විවිධ අනිසි අවශ්‍යතාවලට අනුගත නොවන සිසුන් විභාගවලින් අසමත් කර ඔවුන්ගෙන් පළිගැනීමට ක්‍රියාකර ඇති බව.
– විභාග පැවැත්වීම, කණ්ඩායම් ව්‍යාපෘති ඇගයීම, ලකුණු දීමේ සම්මත පටිපාටි සහ විශ්ව විද්‍යාල පාඨමාලා රෙගුලාසි සියල්ල ඇතැම් ආචාර්යවරුන්ගේ අභිමතය පරිදි සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කර ඇති බව.
– විභාග අසමත් කළ සිසුන් පිරිසක් ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමෙන් අනතුරුව, ඔවුන් යළි සමත් කරමින් ව්‍යාජ ලෙස ප්‍රතිඵල ලේඛන නිකුත් කර ඇති බව.
මෙවැනි බරපතළ දූෂණ චෝදනා සම්බන්ධයෙන් සිසුන් විශ්වවිද්‍යාල බලධාරීන් වෙත පැමිණිලි කර තිබුණද, බලධාරීන් එම පැමිණිලි විභාග කිරීමකින් තොරවම අදාළ සිසුන් වෙත උපාධි ප්‍රදානය කිරීමට කටයුතු කර ඇති බවද අල්ලස් කොමිසමට ඉදිරිපත් කළ ලිපියේ සාක්ෂි සහිතව පෙන්වා දී ඇති බවද වාර්තා වේ.
විශ්වවිද්‍යාල බලධාරීන්ගේ සහ ආචාර්යවරුන්ගේ මෙම ක්‍රියාකලාපය අල්ලස් පනත යටතේ දැඩි දඬුවම් ලැබිය හැකි වරදවල් බව පෙන්වා දෙන සිසුන්, කොළඹ විශ්ව විද්‍යාලයේ ඩිප්ලෝමා පාඨමාලාවන්හි ගුණාත්මකභාවය සහ කීර්තිනාමය ආරක්ෂා කර දෙන ලෙසත්, මෙම මහා පරිමාණ විභාග ජාවාරම පිටුපස සිටින පිරිස් වහාම නීතියේ රැහැනට හසුකර දෙන ලෙසත් අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..