ඩොපමින් මායාව සහ ඇබ්බැහි වූ තාරුණ්‍යය
නූතන සමාජයේ වඩාත්ම කතාබහට ලක්වන, එහෙත් අපරාජිතව තාරුණ්‍යය ගිල ගනිමින් පවතින නිහඬ වසංගතයක් තිබේ. එය मත්ද්‍රව්‍ය හෝ මධ්‍යසාරවලට පමණක් සීමා වූවක් නොවේ. එය අපගේ ඇඟිලි තුඩු අද්දර, ස්මාර්ට් ජංගම දුරකථන තිරය මත සහ අපගේම මොළය ඇතුළත ක්‍රියාත්මක වන සූක්ෂ්ම ක්‍රියාවලියකි. විද්‍යාත්මකව මෙය “ඩොපමින් මායාව” ලෙස හඳුන්වන අතර, එහි ප්‍රධානතම ගොදුර බවට පත්ව ඇත්තේ රටක ජීව නාලිය බඳු වූ තාරුණ්‍යයයි.
ඩොපමින් යනු අපගේ මොළය තුළ ස්වාභාවිකව නිපදවන ස්නායු සම්ප්‍රේෂකයක් හෙවත් රසායනික පණිවිඩකරුවෙකි. සරලවම කිවහොත්, එය අපට “සතුට, තෘප්තිය සහ අභිප්‍රේරණය” ලබාදෙන රසායනයයි. අප යම් ඉලක්කයක් සපුරාගත් විට, රසවත් ආහාරයක් අනුභව කළ විට හෝ ඇගයීමකට ලක් වූ විට මොළයෙන් ඩොපමින් ශ්‍රාවය වේ. එමඟින් අපට සතුටක් දැනෙන අතර, එම ක්‍රියාව නැවත නැවතත් කිරීමට මොළය අපව පොළඹවයි. මෙය මිනිසාගේ පැවැත්ම සහ ප්‍රගතිය සඳහා අත්‍යවශ්‍ය ස්වාභාවික ක්‍රියාවලියකි.
නූතන තාක්ෂණික හා වාණිජ ලෝකය විසින් මේ ස්වාභාවික යාන්ත්‍රණය දරුණු ලෙස අවභාවිත කරමින් තිබේ. අතීතයේදී ඩොපමින් ශ්‍රාවය කරගැනීම සඳහා මිනිසාට මහන්සි වීමට සිදු විය. උදාහරණයක් ලෙස, පොතක් කියවා අවසන් කිරීම, ක්‍රීඩා කර ජයග්‍රහණය කිරීම හෝ වගාවකින් අස්වනු නෙළීම වැනි “දිගුකාලීන සහ අර්ථවත්” ක්‍රියාවලීන් ඒ සඳහා අවශ්‍ය විය.
නමුත් අද වනවිට තත්ත්වය වෙනස් වී ඇත. ක්ෂණික තෘප්තිය පසුපස හඹා යන ලෝකයක් බිහි වී තිබේ. එනම්, සමාජ මාධ්‍ය ජාලාවල එනම් Facebook, Instagram, TikTok වලින් ලැබෙන එක ‘Like’ එකක්, ‘Comment’ එකක්,
1. වීඩියෝ ක්‍රීඩාවක ඊළඟ මට්ටමට යෑම,
2. කෙටි වීඩියෝ නොනවත්වා ඉහළට ස්වයිප් කිරීම
ආදී මේ සෑම සුළු ක්‍රියාවකදීම මොළය තුළට කෘතිමව ඩොපමින් කුඩා මාත්‍රාවන් මුදා හැරේ. මෙය කිසිදු වෙහෙසකින් තොරව, ක්ෂණිකව ලැබෙන සතුටකි. මෙම සන්තෘප්තිය සැබෑ ජීවිතයේ සාර්ථකත්වයක් නිසා ලැබුණක් නොවන බැවින්, එය හුදෙක් “මායාවක්” පමණි.
තරුණ පරපුර මෙම ක්ෂණික ඩොපමින් චක්‍රයට වේගයෙන් හසුවෙමින් පවතී. ස්මාර්ට් ජංගම දුරකථනය අතට ගත් සැණින් ලැබෙන මේ කෘතිම සතුට නිසා, සැබෑ ජීවිතයේ මුහුණදීමට සිදුවන අභියෝග ඔවුන්ට රිදවීමට පටන් ගනී.
මොළයේ ස්වභාවය වන්නේ එකම මට්ටමකින් දිගින් දිගටම ඩොපමින් ලැබෙන විට, එයට හුරු වීමයි. එවිට පෙර දැනුණු සතුටම ලබා ගැනීමට නම් ඊට වඩා වැඩි කාලයක්, වැඩි වශයෙන් එම ක්‍රියාවෙහි නිරත විය යුතුය. තාරුණ්‍යය ඩිජිටල් මෙවලම්වලට සහ වෙනත් ඇබ්බැහිවීම්වලට ගොදුරු වන්නේ මෙලෙසය.
3. අවධානය යොමු කිරීමේ හැකියාව ගිලිහී යෑම තුළින් තත්පර 15ක වීඩියෝ බැලීමට හුරුවූ මොළයකට, පැයක දේශනයකට සවන් දීමට හෝ පොතක් කියවීමට ඇති ඉවසීම නැති වී යයි.
4. අලසකම සහ අභිප්‍රේරණය ගිලිහී යෑම තුළින් මහන්සි වී ඉගෙන ගෙන හෝ රැකියාවක් කර සතුටක් ලබනවාට වඩා, ඇඳට වී දුරකථනය දෙස බලා සිටීම පහසු බැවින් තරුණයන් උදාසීන වේ.
5. මානසික අවපීඩනය සහ හුදෙකලාව තුළින් ඩොපමින් මට්ටම ක්ෂණිකව ඉහළ ගොස් නැවත වේගයෙන් පහත වැටෙන විට, දැඩි පාළුවක්, කණස්සල්ලක් සහ නොසන්සුන්කමක් ඇති වේ. සැබෑ මානුෂීය සබඳතා වෙනුවට අතථ්‍ය ලෝකයක ඔවුන් තනි වේ.
තරුණ පරපුර මේ මාරාන්තික මායාවෙන් මුදාගැනීම රටක අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයකි. ඒ සඳහා මනෝවිද්‍යාත්මකව පිළිගත හැකි ප්‍රධානතම විසඳුම වන්නේ “ඩොපමින් විෂහරණය” හෙවත් කෘතිම උත්තේජනවලින් මොළය මුදවා ගැනීමයි.
“සියලු සතුටුදායක දේ නරක නැත, නමුත් වෙහෙසකින් තොරව ලැබෙන සියලු සතුටුදායක දේ පිටුපස විශාල උගුලක් ඇත"
මෙම උගුලෙන් මිදීමට තාරුණ්‍යයට පහත පියවර අනුගමනය කළ හැකිය.
6. ඩිජිටල් සීමාවන් පනවා ගැනීම තුළින් දවසේ නිශ්චිත කාලසීමාවක් දුරකථනයෙන් සම්පූර්ණයෙන්ම ඈත්වීම. උදාහරණයක් ලෙස රාත්‍රි 9.00න් පසු දුරකථනයෙන් ඈත්වීම.
7. වේදනාකාරී හෝ දුෂ්කර දේවලින් සතුටක් ලැබීම සඳහා ව්‍යායාම කිරීම, අලුත් භාෂාවක් ඉගෙනීම, පර්යේෂණ කිරීම වැනි මහන්සි වී ප්‍රතිඵල ලබන වැඩවල නිරත වීම. එහිදී නිපදවෙන ඩොපමින් ස්ථාවර මෙන්ම සැබෑ තෘප්තියක් ගෙන දෙයි.
8. සොබාදහම සහ සැබෑ මිනිසුන් සමඟ කාලය ගත කිරීම තුළින් තිරයක් දෙස බලා සිටිනවා වෙනුවට මිතුරන් සමඟ ක්‍රීඩා කිරීම, පවුලේ අය සමඟ කතා කිරීම සහ කලාවකට යොමුවීම තුළින් මොළයේ රසායනික සමතුලිතතාව නැවත ඇති කරගත හැක.
9. ස්වයං විනය සහ සිහිය පිහිටුවීම: සඳහා තමන් මේ කරන්නේ කුමක්ද සහ එයින් තමන්ගේ අනාගතයට ඇති පලදායීතාව කුමක්දැයි නිරන්තරයෙන් තමාගෙන්ම ප්‍රශ්න කිරීම.
තාරුණ්‍යය යනු රටක ඉදිරි ගමන තීරණය කරන බලවේගයයි. නමුත් අද වනවිට එම බලවේගය ඩොපමින් නමැති රසායනික මායාවේ සිරකරුවන් බවට පත් වී හමාරය. තාක්ෂණය හෝ විද්‍යාව අපට අවශ්‍ය පරිදි පාලනය කරනවා වෙනුවට, තාක්ෂණය විසින් අපව පාලනය කිරීමට ඉඩ හැරීමේ විපාකය මෙයයි.
තාරුණ්‍යය මේ මායාවෙන් අවදි විය යුතුය. සැබෑ ජීවිතයේ සතුට ඇත්තේ ක්ෂණික “Like” එකක හෝ කෘතිම උත්තේජනයක නොව, කැපවීමෙන් ළඟා කරගන්නා සැබෑ ජයග්‍රහණයන් තුළ බව වටහාගත යුතුය.
සටහන – යසිත මදුසංක
දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..