
යුක්රේනයේ ඉලක්ක වෙත ‘දැවැන්ත ප්‍රහාරයක්’ එල්ල කළා - රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය
රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පසුගිය සතියේ යුක්රේනයේ විවිධ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කළ බව මාධ්‍ය ප්‍රකාශනයක් නිකුත් කරමින් පවසයි.
ඊයේ (29 ) රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ ප්‍රකාශයට අනුව “කණ්ඩායම්” ප්‍රහාර 50 ක් සහ නිරවද්‍ය මිසයිල සහ ඩ්‍රෝන යානා භාවිත කරමින් තනි “දැවැන්ත” ප්‍රහාර මාලාවක් එල්ල කළ බව පැවසේ.
රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයට අනුව ඔවුන් එල්ල කළ ඉලක්ක අතර “අවි ආයුද නිපදවන කර්මාන්ත ශාලා, හමුදා ගුවන් තොටුපල සහ හමුදා යටිතල පහසුකම් මධ්‍යස්ථාන ,කාලතුවක්කු අවි ගබඩා මධ්‍යස්ථාන, නාවික ඩ්‍රෝන, හමුදා වාහන සඳහා ආයුධ සහ ඉන්ධන සැපයුම් මධ්‍යස්ථාන” මෙන්ම හමුදා කඳවුරුද අයත්ව තිබේ.රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකශකයට අනුව ඉලක්ක සියල්ලටම සාර්ථක ප්‍රහාරයක් එල්ල කර තිබේ.
මේ අතර යුක්‍රේන සන්නද්ධ හමුදාවන්හි ප්‍රධාන අණදෙන නිලධාරි වැලරි සාලුෂ්නි පවසා සිටියේ 28 වනදා සවස සහ 29 වනදා උදෑසන කියෙව් භටයින් විසින් අවම වශයෙන් රුසියානු ප්‍රහාර 158 ක් නිරීක්ෂනය කල බවය. එලෙසම ඩ්‍රෝන යානා 27ක් සහ කෲස් මිසයිල 87ක් විනාශ කළ බවද ඔහු ප්‍රකාශ කළේය.
යුක්රේන ගුවන් හමුදා ප්‍රකාශක යූරි ඉග්නාට් රූපවාහිනී ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ “අපගේ නිරීක්ෂන මධ්‍යස්ථාන වෙත එකවර මෙතරම් ප්‍රහාර ප්‍රමාණයක් එල්ලවනවා අප කිසි දිනෙක අත් විඳ නැත” යනුවෙනි.
මේ අතර යුක්‍රේනයේ විවිධ ප්‍රදේශවල නිලධාරීන් කියෙව්හි ගබඩා කිහිපයකට සහ මෙට්‍රෝ දුම්රිය ස්ථානයට හානි සිදුවී ඇති බව ප්‍රකාශ කළහ. https://www.rt.com/russia/589869-moscow-massive-attack-ukraine/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
