ලංකා ගොඩබිම් පාලම් ව්‍යාපෘතිය අරඹන්න ඉන්දියාව සූදානමින්..
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යා කරමින් යෝජිත ගොඩබිම් පාලම් ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ලැබුණු සැනින් ඊට අදාළ පියවර ගැනීමට ඉන්දියාව සූදානමින් සිටින බව මෙම විෂය පිළිබඳව සමීපව කටයුතු කරන ඉහළ පෙළේ ආරංචි මාර්ගයක් අනාවරණය කරයි.
දෙරට අතර ගොඩබිම් සන්නිවේදනය ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මාර්ග පද්ධතියකින් සම්බන්ධ කිරීම සඳහා කිලෝමීටර් 30ක දිගින් යුත් පාලමක් ඉදිකිරීමට යෝජනා වී ඇති අතර, මේ වන විට එය මෙරට තුළ දැඩි කතාබහකට ද ලක්ව තිබේ.
විශ්වාස කටයුතු ආරංචි මාර්ග උපුටා දක්වමින් Daily Mirror පුවත්පත සඳහන් කරන්නේ, මෙම යෝජනාව මුලින්ම ඉදිරිපත් වූයේ ශ්‍රී ලංකා පාර්ශවයෙන් වන අතර, පසුව ඉන්දියාව ද එහි ඇති වැදගත්කම වටහාගෙන ඊට කැමැත්ත පළකර ඇති බවයි.
ශ්‍රී ලංකාව මේ සඳහා හරිත සංඥාව ලබාදුනහොත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ඉන්දියාව සූදානම්ය.
මෑතකදී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා ද දෙරට අතර ගොඩබිම් සබඳතාවක් ගොඩනැගීමේ අවශ්‍යතාව පිළිබඳව අවධාරණය කර තිබිණි.
එහිදී ඔහු කියාසිටියේ මේ සම්බන්ධයෙන් පසුබට වෙමින් සිටින කාලය දැන් අවසන් වී ඇති බවයි.
කොළඹ සහ චෙන්නායි අතර මුහුදු දුර දළ වශයෙන් කිලෝමීටර් 300ක් පමණ වන නමුත්, දෙරටේ සමීපතම ස්ථාන වන රාමේෂ්වරම් සහ තලෙයිමන්නාරම අතර දුර කිලෝමීටර් 30ක් පමණක් බව ඔහු පෙන්වාදුන්නේය.
“එසේ වුවත්, තවමත් දෙරට අතර සෘජු මාර්ගයක්, දුම්රිය මාර්ගයක් හෝ මහා පරිමාණයෙන් ක්‍රියාත්මක වන තොටුපළ සේවාවක් නැහැ. බලශක්ති පද්ධති සම්බන්ධතාවක් හෝ නල මාර්ගයක් නැහැ. ඇත්තම කිව්වොත් මෙය අසාමාන්‍ය තත්ත්වයක්. එය හරියට එකිනෙකට යාබදව පිහිටි කාමර දෙකක්, මැදින් දොරක් සාදා ගැනීමට හැකියාව තිබියදීත්, පිටතින් ඇති කොරිඩෝවක් හරහා පමණක් සම්බන්ධ කර තිබෙනවා වගේ වැඩක්.”
පෝක් සමුද්‍ර සන්ධිය හරහා පාලමක් හෝ උමගක් මඟින් ගොඩබිම් සබඳතාවක් ඇතිකිරීම පිළිබඳව දශක ගණනාවක සිට සාකච්ඡා වෙමින් පවතින බවත්, ලෝකය පුරා මෙවැනි කොරිඩෝ සඳහා ඕනෑතරම් උදාහරණ පවතින බවත් මහකොමසාරිස්වරයා පැවසීය.
- ceylonwire
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..