බ්‍රිතාන්‍යයේ මීළඟ අගමැති ධුරය සඳහා ඇන්ඩි බර්න්හැම් තරග බිමට..
කීර් ස්ටාමර්ගේ ඉල්ලා අස්වීමෙන් පසු බ්‍රිතාන්‍යයේ මීළඟ අගමැති ධුරය සහ ලේබර් පක්ෂ නායකත්වය සඳහා ඇන්ඩි බර්න්හැම් සිය අපේක්ෂකත්වය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාමර් (Keir Starmer) සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කිරීමත් සමඟ, පුරප්පාඩු වන ලේබර් පක්ෂයේ නායකත්වය සහ බ්‍රිතාන්‍යයේ මීළඟ අග්‍රාමාත්‍ය ධුරය සඳහා තමන් තරඟ කරන බව ග්‍රේටර් මැන්චෙස්ටර් හි හිටපු නගරාධිපති ඇන්ඩි බර්න්හැම් (Andy Buham) නිල වශයෙන් නිවේදනය කර තිබේ.
පසුගියදා පැවැති 'මේකර්ෆීල්ඩ්' අතුරු මැතිවරණයෙන් 55%කට අධික විශිෂ්ට ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ඇන්ඩි බර්න්හැම් නැවත වරක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත් විය.
බ්‍රිතාන්‍ය දේශපාලනය තුළ "උතුරේ රජු" (King of the North) යන අන්වර්ථ නාමයෙන් ද හඳුන්වන බර්න්හැම් මහතා අත්කර ගත් මෙම දැවැන්ත ජයග්‍රහණයත් සමඟ, කීර් ස්ටාමර් මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස පක්ෂ අභ්‍යන්තරයෙන් දැඩි පීඩනයක් එල්ල වන්නට විය.
සිය අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කරමින් 56 හැවිරිදි ඇන්ඩි බර්න්හැම් සඳහන් කළේ, බ්‍රිතාන්‍යය නව මාවතක් වෙත රැගෙන යාමට සහ වෙස්ට්මිනිස්ටර් (Westminster) කේන්ද්‍රීය දේශපාලනය හේතුවෙන් මෙතෙක් නොසලකා හැර තිබූ ප්‍රදේශවලට සාධාරණත්වය ඉටු කිරීමට තමන් කටයුතු කරන බවයි.
බ්‍රිතාන්‍ය දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ ලේබර් පක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන් පිරිසකගේ සහාය දැනටමත් බර්න්හැම් වෙත හිමිව ඇති බැවින්, වැඩිදුර තරගයකින් තොරවම ඔහු බ්‍රිතාන්‍යයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමට ඉහළ සම්භාවිතාවක් පවතින බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..