පාස්කු ප්‍රහාරයේ සැබෑ ප්‍රතිලාභියා වෙලා තියෙන්නේ වෙන කවුරුවත් නෙවෙයි කාදිනල්තුමන්.. - උදය ගම්මන්පිල
කතෝලික සභා නීතියට අනුව මැල්කම් රංජිත් කාදිනල්තුමා සිය 75 වැනි විය සපුරන 2022 නොවැම්බර් මස 15 වැනිදා කොළඹ අගරදගුරු ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව තිබුන බව පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල මහතා පවසයි.
එහෙත්, පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිටුපස සිටින බලගතු පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර දීම සඳහා තමන් තවදුරටත් මෙම තනතුරේ රැඳී සිටිය යුතු බව වතිකානුවට පෙන්වා දෙමින්, කාදිනල්තුමා මේ වන විට අවස්ථා හතරකදී සිය සේවා කාලය දීර්ඝ කරවා ගැනීමට කටයුතු කර ඇතැයිද ඔහු චෝදනා කරයි.
මෙම තත්ත්වය අනුව පාස්කු ඛේදවාචකය හේතුවෙන් පුද්ගලිකව වැඩිම වාසියක් අත්කරගෙන ඇත්තේ කාදිනල්තුමා බවත් අපරාධයකින් උපරිම ප්‍රතිලාභ ලබන පාර්ශවය එහි මහමොළකරු ලෙස සැක කරන්නේ නම් එම තර්කය පදනම් කරගනිමින් පාස්කු ප්‍රහාරයේ සමස්ත වගකීම එහි සැබෑ ප්‍රතිලාභියා බවට පත්ව සිටින මැල්කම් රංජිත් කාදිනල්තුමා වෙත පැවරීමට සිරිල් ගාමිණී පියතුමා කටයුතු නොකරන්නේ මන්දැයි ගම්මන්පිල මහතා ප්‍රශ්න කරයි.
මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
"ප්‍රතිලාභියා අපරාධකරු වේ කියන ජනප්‍රිය කුමන්ත්‍රණ න්‍යායක් තියෙනවා. මේ කුමන්ත්‍රණ න්‍යාය අනුව තමයි ජෝන් එෆ්. කෙනඩි ඇමරිකානු ජනාධිපතිතුමාගේ ඝාතනයේ සැකය උපජනාධිපති ලින්ඩන් ජොන්සන්ට එල්ල වුණෙත්, ඒ වගේම බණ්ඩාරනායක අගමැතිතුමාගේ ඝාතනයේ සැකය වැඩබලන අගමැති ඩබ්ලිව්. දහනායක මැතිතුමාට එල්ල වුණෙත්, ඒ වගේම උපාලි විජේවර්ධන මැතිතුමා අතුරුදන් වීමේ සැකය අගමැති ආර්. ප්‍රේමදාස මැතිතුමාට එල්ල වුණේ.
එතකොට මේ ප්‍රතිලාභියා අපරාධකරු වේ කියන කුමන්ත්‍රණ න්‍යාය යොදා ගනිමින් තමයි 2019 ජනාධිපතිවරණය ආසන්නයේ ජාතික ආරක්ෂාව බරපතල ලෙස බිඳවැටීමෙන්, 2019 ජනාධිපතිවරණයේදී පාස්කු ප්‍රහාරයේ ප්‍රතිලාභය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හිමිකරගත්තාය කියන පදනමෙන් තමයි සිරිල් ගාමිණී පියතුමන්ලා ගෝඨාභය ජනාධිපතිතුමාට සැකය එල්ල කරන්නේ.
හැබැයි අපි හොඳටම දන්නවා 2018 පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුව 42%ක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 14%ක් ඡන්ද ප්‍රතිශත ලබාගත්ත නිසා ජනාධිපතිවරණයට යනකොටත් ශ්‍රීලනිපයේ සහ පොදුජන පෙරමුණේ සහාය ලැබුණු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 56%ක ඡන්ද බැංකුවක් සහිතවයි හිටියේ. පාස්කු ප්‍රහාරයෙන් ප්‍රතිලාභයක් ලබාගැනීමේ අවශ්‍යතාවයක් එතුමාට තිබුණේ නැහැ. වැඩිපුරත් එක්ක ඡන්ද තිබුණා.
ඒ අනුව සිරිල් ගාමිණී පියතුමන්ලා කියන ආකාරයට පාස්කු ප්‍රහාරයේ ප්‍රතිලාභියෙක් විදිහට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හඳුන්වන්න බැහැ. හැබැයි මේ පාස්කු ප්‍රහාරයේ සැබෑ ප්‍රතිලාභියෙක් ඉන්නවා. ඇත්තෙන්ම මැල්කම් රංජිත් කාදිනල්තුමන් 2022 නොවැම්බර් මාසේ 15 වෙනිදා කොළඹ අගරදගුරු පදවියෙන් විශ්‍රාම ලැබිය යුතුව තිබුණා. මොකද එදින එතුමාගේ 75 වන උපන්දිනය යෙදී තිබුණු නිසා. නමුත් පාස්කු ප්‍රහාරය පිටුපස රටේ ප්‍රබල පිරිසක් ඉන්නවාය, ඒ අයගෙන් ඒ අයව නීතිය හමුවට පැමිණවීමට මම තනතුර දැරිය යුතුයැයි වතිකානුවට දැනුම් දෙමින් කාදිනල්තුමා හතර වතාවක් මේ වන විට සේවා දිගුවන් නැත්නම් රීලෝඩ් දාගෙන තියෙනවා. සේවා දිගුවන් ලබාගෙන තිබෙනවා.
ඒ නිසා හැරිලා බලද්දී පාස්කු ප්‍රහාරයේ සැබෑ ප්‍රතිලාභියා වෙලා තියෙන්නේ වෙන කවුරුවත් නෙවෙයි කාදිනල්තුමන්. එහෙමනම් ප්‍රතිලාභියා අපරාධකරුවා වේ කියන කුමන්ත්‍රණ න්‍යාය විශ්වාස කරනවානම් සිරිල් ගාමිණී පියතුමන්, පාස්කු ප්‍රහාරය පිළිබඳ වගකීම එහි සැබෑ ප්‍රතිලාභියා වන මැල්කම් රංජිත් කාදිනල්තුමා මත ඔබතුමා පටවන්නේ නැත්තේ ඇයි?"
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..