පාසල් කැන්ටිමේ තහනම් ආහාර සංශෝධිත ලැයිස්තුවක් එයි..
පාසල් දරුවන් අතර බෝනොවන රෝග ව්‍යාප්ත වීමේ අවදානම අවම කිරීම සහ ඔවුන්ගේ දිගුකාලීන සෞඛ්‍ය සම්පන්නභාවය තහවුරු කිරීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පාසල් ආපනශාලාවල විකිණීම සම්පූර්ණයෙන්ම තහනම් කරන ලද සංශෝධිත ආහාර ලැයිස්තුවක් නිකුත් කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ අධ්‍යක්‍ෂ, ප්‍රජා වෛද්‍ය විශේෂඥ මොනිකා විජේරත්න මහත්මිය ප්‍රකාශ කළේ සිසුන් තුළ යහපත් ආහාර පුරුදු ඇති කිරීම සඳහා මෙම නව සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශ හඳුන්වා දුන් බවයි. අධික ලෙස මේදය, සීනි, ලුණු සහ කෘත්‍රිම රසකාරක අඩංගු ආහාර ගැනීම ළමා සෞඛ්‍යයට අතිශය හානිකර වන අතර, එය දරුවන්ගේ දිගුකාලීන සෞඛ්‍ය සංකූලතාවලට මෙන්ම තරබාරුභාවයට ප්‍රධානතම හේතුවක් වන බව ද බලධාරීහු පෙන්වා දෙති.
ඒ අනුව පාසල් පරිසරය තුළ විකිණීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති ආහාර කාණ්ඩ මෙසේය:
1. අහිතකර තෙල් සහ ට්‍රාන්ස් මේදය අධික ආහාර
හැම්, සොසේජස් සහ බේකන් වැනි පිරිසැකසුම් කළ මස් වර්ග.
පැටිස්, පැස්ටා, පෆ්ස්, රෝල්ස්, සමෝසා සහ කට්ලට්.
බැදපු අර්තාපල්, බැදපු මඤ්ඤොක්කා ඇතුළු ගැඹුරු තෙලේ බැදපු සියලුම ආහාර වර්ග.
2. අධික සීනි සහිත ආහාර සහ පැණි බීම
බත්, පිෂ්ටය සහිත ආහාර සහ පලතුරු වැනි ස්වභාවික ප්‍රභවයන්ගෙන් ශරීරයට අවශ්‍ය සීනි ලැබෙන බැවින් අමතර සීනි සහිත මෙම ආහාර සීමා කළ යුතුය:
චොක්ලට්, ඩෝනට්ස්, ඉක්ලෙයාර්ස්, චොක්ලට් කේක් සහ පිරිසැකසුම් කළ බිස්කට් වර්ග.
කාබනේටඩ් සිසිල් බීම, කෝලා වර්ග, ශක්ති ජනක බීම (Energy drinks) සහ කෘතිම පලතුරු බීම වර්ග.
3. ලුණු සහ රසකාරක අධික ආහාර
අධි රුධිර පීඩනය ඇතුළු සෞඛ්‍ය අවදානම් ඇති කරන මොනෝසෝඩියම් ග්ලුටමේට් (MSG) සහ ලුණු අධික ආහාර:
ලුණු දැමූ රටකජු, කඩල සහ කජු වර්ග.
පැකට් කළ අච්චාරු වර්ග.
සුප්කැට, ක්‍ෂණික සුප් කුඩු, පිරිසැකසුම් කළ ක්‍ෂණික නූඩ්ල්ස් සහ පොප්කෝන්.
4. පෝෂණ ගුණයෙන් තොර අධික කැලරි සහිත රසකැවිලි
කෘතිම වර්ණක හා රසකාරක නිසා අසාත්මිකතා ඇති කළ හැකි, දරුවන්ගේ නිසි පෝෂණය අඩාල කරන කෑම වර්ග:
චුවින්ගම්, ටොෆි, ලොලිපොප්, අයිස් පැකට් සහ අයිස් පලම්.
ජෙලි, බූන්දි, කිසස්, ජුජුබ්ස් සහ බොම්බයි මොටයි.
දිවයින පුරා සිටින පාසල් සිසුන්ගේ දිගුකාලීන යහපැවැත්ම උදෙසා මෙම නව මාර්ගෝපදේශ දැඩිව ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය බලධාරීන් අදාළ සියලුම අංශවලින් ඉල්ලා සිටී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්