ත්‍රිකුණාමලය තෙල් සංකීර්ණ ව්‍යාපෘතිය කඩිනම් කිරීමට ලංකාව සහ ඉන්දියාව සැරසෙයි..
මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කරගැනීම සඳහා ත්‍රිකුණාමලය ඛනිජ තෙල් කේන්ද්‍රස්ථාන (Petroleum Hub) ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව විසින් හඳුනාගෙන ඇති නමුත්, ඒ සඳහා මෙතෙක් නිශ්චිත කාලරාමුවක් සකස් කර නොමැති බව වාර්තා සඳහන් කරයි.
බලශක්ති සුරක්ෂිතතා ක්ෂේත්‍රය තුළ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාවයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් ලෙස ත්‍රිකුණාමලය හඳුනාගෙන ඇත.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාවේ දායකත්වය ලබාගැනීම පිළිබඳ පළමු නිල සඳහන දක්නට ලැබෙන්නේ 1987 ඉන්දු-ලංකා ගිවිසුමෙනි.
පසුව 2002-2004 කාලසීමාව තුළ, ශ්‍රී ලංකාව තුළ ඉන්ධන අලෙවිය සහ බෙදාහැරීම සඳහා ඉන්දීය ඔයිල් සමාගමට (IOC) අවසර දෙමින් දෙරට අතර ගිවිසුම් අත්සන් කෙරුණද, එමඟින් එහි ඇති ටැංකි 99ම සම්පූර්ණයෙන් සංවර්ධනය කිරීමට හැකි වූයේ නැත. යළිත් 2015 වසරේදී මෙම ව්‍යාපෘතිය පුළුල් කිරීමේ සැලසුම් සහිතව සාකච්ඡා ආරම්භ වූ අතර, එම වසරේම මෙරට සිදුකළ නිල සංචාරයකදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතමින් ත්‍රිකුණාමලය ඛනිජ තෙල් කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ සැලසුම් පිළිබඳව ප්‍රකාශ කළේය.
මෙම ව්‍යාපෘතිය වඩාත් විධිමත් ස්වරූපයක් ගත්තේ 2023 වසරේදීය. එහිදී ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඒකාබද්ධව ප්‍රතිසංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව නිල ගිවිසුමකට එළඹුණු අතර, ඒ අනුව ‘ත්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ලිමිටඩ්’ (TPTL) නමින් ඒකාබද්ධ සමාගමක් පිහිටුවන ලදී. එහි කොටස්වලින් සියයට 51ක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවටත්, සියයට 49ක් ලංකා IOC සමාගමටත් හිමි වේ. මෙම ගිවිසුම මඟින් ටැංකි 99න් ටැංකි 61ක් ඒකාබද්ධව සංවර්ධනය කිරීමට නියමිතය.
එමෙන්ම පසුගිය වසරේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරට සංචාරය කළ අවස්ථාවේදී, දෙරට අතර ද්විත්ව බලශක්ති සැපයුම් සම්බන්ධ කරන බහුකාර්ය නළ මාර්ගයක් සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක්ද අත්සන් කරන ලදී.
මෑතකදී මෙරට සංචාරයක නිරත වූ ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රිද ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී මෙම ව්‍යාපෘතිය එකඟ වූ පරිදි සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. ව්‍යාපෘතියේ පවතින සංකීර්ණත්වය සහ ඒ සඳහා වැයවන විශාල මූල්‍ය පිරිවැය හේතුවෙන් මෙතෙක් නිශ්චිත කාලරාමුවක් සකස් කර නොමැති වුවද, ඒ පිළිබඳ සාකච්ඡා අඛණ්ඩව සිදුවන බව ද්විපාර්ශ්වික රැස්වීම්වලින් අනතුරුව පැවැති ජනමාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කර තිබිණි.
මේ පිළිබඳව කළ විමසීමකදී රජයේ ඉහළ පෙළේ ප්‍රකාශකයකු සඳහන් කර ඇත්තේ, මැදපෙරදිග අර්බුදය වැනි සිදුවීම් නිසා අනාගතයේදී ඇතිවිය හැකි බලශක්ති කම්පනයන්ගෙන් ආරක්ෂා වීම සඳහා ත්‍රිකුණාමලයේ තෙල් ගබඩා කිරීම, නැව්වලට තෙල් සැපයීම (Bunkering) සහ පිරිපහදු මධ්‍යස්ථානයක් (Refinery) සංවර්ධනය කිරීම සඳහා නව සාකච්ඡා වටයක් ආරම්භ කර ඇති බවයි. කෙසේවෙතත්, ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා නිශ්චිත දින වකවානුවක් මෙතෙක් ප්‍රකාශ කළ නොහැකි බවත්, කලාපය තුළ ඉන්දියාව සමඟ පවතින බලශක්ති සබඳතා හේතුවෙන් නේපාලය සහ බංග්ලාදේශය මේ වන විටත් විශාල ප්‍රතිලාභ ලබන බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පෙන්වාදෙයි.
- ceylonwire
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්