ත්‍රිකුණාමලය තෙල් සංකීර්ණ ව්‍යාපෘතිය කඩිනම් කිරීමට ලංකාව සහ ඉන්දියාව සැරසෙයි..
මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කරගැනීම සඳහා ත්‍රිකුණාමලය ඛනිජ තෙල් කේන්ද්‍රස්ථාන (Petroleum Hub) ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව විසින් හඳුනාගෙන ඇති නමුත්, ඒ සඳහා මෙතෙක් නිශ්චිත කාලරාමුවක් සකස් කර නොමැති බව වාර්තා සඳහන් කරයි.
බලශක්ති සුරක්ෂිතතා ක්ෂේත්‍රය තුළ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාවයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් ලෙස ත්‍රිකුණාමලය හඳුනාගෙන ඇත.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාවේ දායකත්වය ලබාගැනීම පිළිබඳ පළමු නිල සඳහන දක්නට ලැබෙන්නේ 1987 ඉන්දු-ලංකා ගිවිසුමෙනි.
පසුව 2002-2004 කාලසීමාව තුළ, ශ්‍රී ලංකාව තුළ ඉන්ධන අලෙවිය සහ බෙදාහැරීම සඳහා ඉන්දීය ඔයිල් සමාගමට (IOC) අවසර දෙමින් දෙරට අතර ගිවිසුම් අත්සන් කෙරුණද, එමඟින් එහි ඇති ටැංකි 99ම සම්පූර්ණයෙන් සංවර්ධනය කිරීමට හැකි වූයේ නැත. යළිත් 2015 වසරේදී මෙම ව්‍යාපෘතිය පුළුල් කිරීමේ සැලසුම් සහිතව සාකච්ඡා ආරම්භ වූ අතර, එම වසරේම මෙරට සිදුකළ නිල සංචාරයකදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතමින් ත්‍රිකුණාමලය ඛනිජ තෙල් කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ සැලසුම් පිළිබඳව ප්‍රකාශ කළේය.
මෙම ව්‍යාපෘතිය වඩාත් විධිමත් ස්වරූපයක් ගත්තේ 2023 වසරේදීය. එහිදී ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඒකාබද්ධව ප්‍රතිසංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව නිල ගිවිසුමකට එළඹුණු අතර, ඒ අනුව ‘ත්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ලිමිටඩ්’ (TPTL) නමින් ඒකාබද්ධ සමාගමක් පිහිටුවන ලදී. එහි කොටස්වලින් සියයට 51ක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවටත්, සියයට 49ක් ලංකා IOC සමාගමටත් හිමි වේ. මෙම ගිවිසුම මඟින් ටැංකි 99න් ටැංකි 61ක් ඒකාබද්ධව සංවර්ධනය කිරීමට නියමිතය.
එමෙන්ම පසුගිය වසරේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරට සංචාරය කළ අවස්ථාවේදී, දෙරට අතර ද්විත්ව බලශක්ති සැපයුම් සම්බන්ධ කරන බහුකාර්ය නළ මාර්ගයක් සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක්ද අත්සන් කරන ලදී.
මෑතකදී මෙරට සංචාරයක නිරත වූ ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රිද ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී මෙම ව්‍යාපෘතිය එකඟ වූ පරිදි සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. ව්‍යාපෘතියේ පවතින සංකීර්ණත්වය සහ ඒ සඳහා වැයවන විශාල මූල්‍ය පිරිවැය හේතුවෙන් මෙතෙක් නිශ්චිත කාලරාමුවක් සකස් කර නොමැති වුවද, ඒ පිළිබඳ සාකච්ඡා අඛණ්ඩව සිදුවන බව ද්විපාර්ශ්වික රැස්වීම්වලින් අනතුරුව පැවැති ජනමාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කර තිබිණි.
මේ පිළිබඳව කළ විමසීමකදී රජයේ ඉහළ පෙළේ ප්‍රකාශකයකු සඳහන් කර ඇත්තේ, මැදපෙරදිග අර්බුදය වැනි සිදුවීම් නිසා අනාගතයේදී ඇතිවිය හැකි බලශක්ති කම්පනයන්ගෙන් ආරක්ෂා වීම සඳහා ත්‍රිකුණාමලයේ තෙල් ගබඩා කිරීම, නැව්වලට තෙල් සැපයීම (Bunkering) සහ පිරිපහදු මධ්‍යස්ථානයක් (Refinery) සංවර්ධනය කිරීම සඳහා නව සාකච්ඡා වටයක් ආරම්භ කර ඇති බවයි. කෙසේවෙතත්, ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා නිශ්චිත දින වකවානුවක් මෙතෙක් ප්‍රකාශ කළ නොහැකි බවත්, කලාපය තුළ ඉන්දියාව සමඟ පවතින බලශක්ති සබඳතා හේතුවෙන් නේපාලය සහ බංග්ලාදේශය මේ වන විටත් විශාල ප්‍රතිලාභ ලබන බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පෙන්වාදෙයි.
- ceylonwire
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..