සුගීෂ්වර පඩි දෙකක් ගත් බවට පැමිණිලි කළ ඇන්ටන් පඩි තුනක් අරන්ලු..
හිටපු ජනාධිපති ලේකම්වරයෙකු වූ සුගීෂ්වර බණ්ඩාර මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේ අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ලෙස කටයුතු කරමින් වැටුප් ලබා ඇති අතර, ඔහු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශ්‍රාම යාමෙන් පසුව ද ඔහුගේ පුද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ බව ලේඛනවල සඳහන් වෙයි.
1986 අංක 4 දරණ ජනාධිපති වරප්‍රසාද පනත අනුව හිටපු ජනාධිපතිවරයෙකුගේ පුද්ගලික ලේකම් දීමනාව හිමිවන්නේ අදාළ ජනාධිපතිවරයාට වන අතර ලේකම්වරයා කවුදැයි තීරණය කරන්නේ ද එම ජනාධිපතිවරයාමය.
කෙසේ වෙතත්, සුගීෂ්වර බණ්ඩාර මහතා මෙලෙස වැටුප් දෙකක් ලබාගත් බවට කිසිදු ලිඛිත සාක්ෂියක් මෙතෙක් පොලීසිය සතුව නොමැති අතර, අදාළ වරප්‍රසාද පනත ද 2025 සැප්තැම්බර් 10 වන දින පාර්ලිමේන්තුව විසින් අහෝසි කර තිබේ.
මෙම සිදුවීමේ විශේෂිතම පෙරළිය වන්නේ සුගීෂ්වර බණ්ඩාර මහතාට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ඇන්ටන් පෙරේරා මහතා ද එකවර ආයතන තුනකින් වැටුප් ලබාගත් අයෙකු බවට තොරතුරු අනාවරණය වීමයි.
ඔහු පශුසම්පත් අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරිවරයා ලෙසත්, ආන්දෝලනාත්මක ඔස්ට්‍රේලියානු කිරි ගව ව්‍යාපෘතියේ ගණකාධිකාරිවරයා ලෙසත්, දූෂණ විරෝධී ලේකම් කාර්යාලයේ උපදේශකවරයෙකු ලෙසත් එකවර තනතුරු දරමින් වැටුප් ලබා ඇති බව පැවසෙන අතර, ඊට අදාළ වවුචර් පත් ඉදිරියේදී අල්ලස් කොමිසම වෙත ඉදිරිපත් කිරීමට ද කටයුතු සූදානම් වෙමින් පවතින බවත් වාර්තා වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්