News Category
From Date
To Date
Maximum Number of Result

සිරිල් ගාමිණී බිමල්ගේ කලිසම ඔළුවෙන් ගලවයි.. බිමල් සැඟවෙයි..

Jun 19, 2026 at 08:33 AM
|

සිරිල් ගාමිණී පියතුමා පහුගිය 17 වෙනිදා කියලා තිබුණා “ ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ධූරයටත් රවී සෙනෙවිරත්න මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධූරයටත් පත් කරන්න කියලා අගරදගුරුවත් කතෝලික සභාවෙන්වත් ඉල්ලීමක් කළේ නෑ කියලා.බිමල් පාර්ලිමෙන්තුවේදී ඒ අය පත් කළේ අගරදගුරුගේ ඉල්ලීමට අනුව කියලා කියපු කතාව සිරිල් ගාමිණි ප්‍රතික්ෂේප කළා.එයා කිව්වේ බිමල් කියන කතා අපි දන්නේ නෑ කියලයි.බිමල් ඔය කතාව කියලා දැන් සෑහෙන කාලයක් වෙනවා.

පලවෙනි ප්‍රශ්නය තමයි ඇයි ඒක නිවැරදි කරන්න මෙච්චර කාලයක් ගියේ කියන එක.බිමල් කියන්නේ පාර්ලිමේන්තුවේ සභානායක.බිමල් ඉන්නේ සභානායකට ඇඳලා.පාර්ලිමේන්තුවේ කට්ටිය බිමල්ට කියන්නෙත් මොනිටර් කියලා.බිමල් හිටපු ගමන් කතානායකටත් ඕඩර්ස් දෙනවා.බිමල් කතානායකත් එක්ක කරන සියලු ගනුදෙනු කරන්නේ පාර්ලිමේන්තු ලොබියේ ඉඳන්ලු. කතානායකගේ නිල කාමරයට නං කීයටවත් යන්නේ නෑලු. සමහරවිට චාමර සම්පත් මුහුණ දුන්න අද්දැකීම වගේ එකකට මුහුණ දෙන්න වෙයි කියලා බයේද දන්නේ නෑ. අනික ඉතින් කතානායක බිමල් කියන විදිහට වැඩ කරන හින්දා කාමර ගානේ රස්තියාදු වෙන්නේ මොකටද කියලා බිමල් හිතනවා ඇති.

එච්චර බල සම්පන්න බිමල්ගේ කලිසම සිරිල් ගාමිණි පියතුමා රට ඉස්සරහා ගැලෙව්වා.බිමල් බොරු කියනවද සිරිල් ගාමිණි බොරු කියනවද කියන්න අපි දන්නේ නෑ.හැබැයි සිරිල් ගාමිණි බිමල්ගේ කළිසම ගැලෙව්වට පස්සේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස බිමල්ගේ යට කලිසමත් ගැලෙව්වා. නලින්ද සිරිල් ගාමිණි පියතුමා කියපු කතාව අනුමත කරමින් කතා කළා.නලින්ද කිව්වේ එහෙම කිසිකෙනෙක් කියපු පලියට අමාත්‍යාංශ ලේකම්ධූර,අධ්‍යක්ෂක ධූරවලට පත්කරන්නේ නෑ ඒවා ඔක්කොම පත් කරන්නේ රාජ්‍යයේ තියන පටිපාටියට අනුකුලව කියලා.ඒවා වෙන විදිහ නලින්ද අමුතුවෙන් නොකිව්වට මේ රටේ ජනතාව දන්නවා.

හැබැයි මෙතනදී උනේ අනුර පාර්ශවයේ නලින්ද ටිල්වින් පාර්ශවයේ බිමල්ට ප්‍රහාරයක් එල්ල කිරීමයි.ඒක නිසා මේක එක්තරා සිදුවීමක් විතරක් නෙවෙයි.මේක ඇතුලේ කතා කරන්න ඕනි දේශපාලනයක් තියනවා.අපි ඒක කතා කරන්න ඕනි.මාලිමා ආණ්ඩුව ඇතුලේ ඒ ඒ ආයතනයන් වෙනුවෙන් කතොලික සභාවේ තියන බලපෑම ගැන කියන කතාවක් මේක.තමන්ට අවශ්‍ය ආයතනවලට ජනාධිපතිට බලපෑම් කරලා අවශ්‍ය අය දාගත්තා කියන චෝදනාව තමයි බිමල්ගේ කතාව ඇතුලේ හැංගිලා තිබුණේ.අපේ ආගමික සංස්ථාවන් රාජ්‍යට කරන බලපෑමේදී කතෝලික සභාව කොච්චර ප්‍රබලද කියලා බිමල්ගේ කතාවෙන් තේරෙනවා.දැන් වැඩේ කරගෙන ඉවරයි.වැඩේ කර ගත්තට පස්සේ එයාලට ඒක පිලිගන්නත් පුළුවන්,ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන්,

ඕනි නං උත්තර නොදී ඉන්නත් පුළුවන්,උත්තර දෙන්න ඕනි තරම් කල් ගන්නත් පුළුවන්.ඒක නිසා සිරිල් ගාමිණි සහ බිමල් හරහා නිරූපනය වෙන්නේ අපේ රටේ ආගමික සංස්ථාවේ සහ දේශපාලනය  අතර තියන කිට්ටු නෑකමයි.ආණ්ඩුව තමන්ගේ දේශපාලන තීන්දු සාධාරණීකරණය කරන්න කතෝලික සභාව පලිහක් කර ගන්න හැදුවා.කතෝලික සභාව අවස්ථාව අනුව ඒක ප්‍රතික්ෂේප කළා.දැන් ආණ්ඩුව සහ කතෝලික සභාව සිවිල් සමාජය ඉදිරියේ අර්බුදයකට ලක්වෙලා.සිරිල් ගාමිණී පියතුමාගේ ප්‍රකාශයත් එක්ක ආණ්ඩුව ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක බරපතළ අර්බුදයකට යනවා.එකක් රාජ්‍ය පාලන තන්ත්‍රයේ විශ්වසනීයත්වය බිඳවැටෙනවා.

ආණ්ඩුව ගන්න දේශපාලන තීන්දු ආගමික ඉල්ලීම් මත සිද්ධවුන බව පෙන්නන්න යෑම සහ ඒ ආගමික සංස්ථාවෙන්ම ඒක ප්‍රතික්ෂේප වීම හින්දා ආණ්ඩුවේ ප්‍රකාශවල අවංකභාවය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා.ඊළඟට අනුරලා යුක්තිය දේශපාලනීකරණය කරලා කියන එක පැහැදිලිව පේනවා.පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් යුක්තිය ඉෂ්ඨ කිරීම තවත් දේශපාලනඟයින්ට ලකුණු දාගැනීමේ ක්‍රීඩාක් කරගෙන. මාලිමාවේ බලය ආරක්ෂා කරගන්න මෙයාලා පාස්කු ප්‍රහාරය පාව්චිචි කරන්න පටන් අරන්.ඊට අමතරව රාජ්‍ය සේවයේ නිලධාරීන්ගේ පත්වීම් වෘත්තීය නිපුණතාවය මත නෙවෙයි ආගමික නිර්දේශ මත සිද්ධවෙන බව පෙන්වීමෙන් රාජ්‍ය සේවයේ වෘත්තීයභාවය කෙලෙසී යනවා.  

අවංකව සේවය කරනවාට වඩා කතෝලික සභාවෙන් සපෝට් එකක් අරන් උඩට එන්න පුළුවන් කියලා වංචනික නිලධාරීන්ට හිතෙනවා.කතෝලික සහාවෙන් අහන්නේ නැතිව තමන්ගේ නම භාවිත කිරීම ගැන දැන් කතෝලික සභාවෙන් ව්‍යාජ හෝ අප්‍රසාදයක් එල්ලකරනවා.මේක ආණ්ඩුව දේශපාලනිකව හුදකලා වීමට මග පාදන තත්වයක්.වතිකානුව ඇතුළු ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන පාස්කු විමර්ශන දිහා බලා ඉන්න මොහොතක, මේ රටේ විමර්ශන යාන්ත්‍රණයේ තියන දේශපාලන අස්ථාවරත්වය ලෝකය ඉදිරියේ නිරාවරණය වීමෙන් රටේ ප්‍රතිරූපයටත් දැඩි හානියක් වෙනවා.දැන් සිරිල් ගාමිණී පියතුමා බිමල්ගේ කළිසම ඔළුවෙන් ගලවලා ඉවරයි.දැන් බිමල් හැංගිලා හරියන්නේ නෑ. කොන්දක් තියනවා නං තමන්ගේ නිර්දෝෂීභාවය වෙනුවෙන් පෙනී ඉන්න ඕනි.

නිතරම වැලිව්ස් ගැන කතා කරන බිමල් දැන් රටට කියන්න ඕනි. එයා කිව්වේ බොරුද නැත්තං සිරිල් ගාමිණී කියන්නේ බොරුද කියලා.මොකද මේකේ දෙපැත්තක් තියනවා.කතෝලික සභාව නොනිල වශයෙන් අනුරගෙන් කරපු ඉල්ල්මක් බිමල් ප්‍රසිද්ධියේ කියපු එකට සිරිල් ගාමිණී පියතුමාට තදවෙලා බිමල්ට ෂොට් එක දෙන්න අවස්ථාවක් එනකං හිටියා වෙන්නත් පුළුවන්.අවස්ථාව ආපු ගමන් බිමල් බොරුකාරයෙක් කළා වෙන්නත් පුළුවන්.එහෙම එකක් නං වෙලා තියෙන්නේ එදා බිමල් කරලා තියෙන්නේ පට්ට මෝඩ කතාවක්.නැත්තං අනුරව පාවා දීමක්.

බිමල්ගේ වැඩ හින්දා අනුරත් අමාරුවේ වැටිලා කතෝලික සභාවත් අමාරුවේ වැටෙන හින්දා සිරිල් ගාමිණි පියතුමා කතෝලික සභාවේ බේරීම වෙනුවෙන් බිමල්ට ෂොට් එකක් දුන්නා වෙන්නත් පුළුවන්.නැත්තං වැඩේ චාටර් වේගෙන එනකොට කතෝලික සභාව ඇඟ බේරගන්නවා වෙන්නත් බැරි නෑ.එක්කෝ බිමල් උත්තරීතර පාර්ලිමේන්තුවට බොරු කියලා.ඒ කියන්නේ බිමලුත් දැන් අනුර වගේම වෙලා.අනුර පාර්ලිමේන්තුවේදීම කිව්වා එයා පාර්ලිමේන්තුවේදී කියන්නේ බොරු කියලා.බිමල් කියන්නේ ජවිපෙ ප්‍රධාන ලේකම් වෙන්න බලාගෙන ඉන්න කෙනා කියලයි කියන්නේ.පහුගිය කාලේ අගමැති වෙන්නත් ෂූට් මහගෙන හිටියා.

ඒ වගේම හැම එකටම හොට දාන කෙනෙක්.මතකනේ චීනයේ නිෂ්පාදිත ගුවන් යානයක් කඩාවැටුන වෙලාවේ බිමල් කිව්ව කතාව.තවමත් යානය කඩා වැටුනේ මොකද කියලා වාර්තාව ඇවිත් නෑ.හැබැයි යානය කඩාගෙන වැටිලා පැය කීපයක් යන්න ඉස්සෙල්ලා බිමල් කිව්වා යානයේ නං කිසිම දෝෂයක් නෑ නියමුවන්ගේ අතපසුවීමකින් යානය කඩා වැටිලා කියලා.ඒ කතාවලින් බිමල්ගේ රාජ්‍ය තාන්ත්‍රික දුබලකම වගේම ලෝකෙට පේන්න ඕනි නැති බිමල්ගේ චීන පක්ෂපාතිත්වයකුත් පෙනුනා. ඒක නිසා බිමල් කියන කතා ශත පහකට විශ්වාස කරන්න බෑ.ඒ වගේම තමයි සිරිල් ගාමිණී පියතුමා කියන්නෙත් ඒ ජාතියේම බඩුවක්.

කතෝලික සභාවේ තියන බෙදුම්වාදී කොටි පුල්ලි පේන්නේ සිරිල් ගාමිණීලා වගේ අයගෙන්.මේ කතාවේ ඇත්ත නැත්ත රට දැනගන්න ඕනි.මොකද ඒක මේ රටේ ජනතාවටද වැදගත්.අනුරට කතෝලික සභාවේ සහ කොටි ඩයස්‌පෝරාවේ දැඩි බලපෑමක් තියනවා කියන එක ප්‍රසිද්ධ චෝදනාවක්.ඒ වගේ කතෝලික පල්ලියටත් දේශපාලනයක් තියනවා.මේ දෙකම වෙන වෙනම සහ එකවරත් එකට එකතුවෙලාත් ක්‍රියාත්මක වෙන්න පුළුවන්.අපිට බිමල්ගේවත් සිරිල් ගාමිණී පියතුමාගේවත් අවංකභාවය පරීක්ෂා කරන්න ඕනි නෑ.එහෙම එකක් ඒ දෙන්නා ළඟම නෑ.රටේ රාළට ඕනි මේ ආණ්ඩුවත් එක්ක බෙදුම්වාදයට තියන සම්බන්ධය රටට හෙලිකරන්න විතරයි.

ඇත්තටම මේ ප්‍රශ්නය ගැන විපක්ෂය පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන්න ඕනි.හැබැයි එහෙම ප්‍රශ්න කිරීමක් විපක්ෂය පැත්තෙන් එන්නේ නෑ.මේ ආණ්ඩුව විතරක් නෙවෙයි විපක්ෂයත් මේ පූජක සභාවට යටවෙලා.

හරි එහෙනම් ගිහින් එන්නම්.

ජයවේවා.

මීට

රටේ රාළ

සම්බන්ධිත පුවත් | Related News

එදා අපි නුඹලාට ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරලා රට නිදහස් කරලා දුන්නා
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.

ප්‍රධාන පුවත්

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.