මෙම ගැටලුව විසදුවනම් පාස්කු ප්‍රහාරයට කොහෙවත් හිටපු සුරේෂ් සලේව සම්බන්ධ කිරීමේ කුමන්ත්‍රණය පිටුපස සිටින මහමොලකරු හොයාගන්න පුලුවන්!
1. 2021.10.23 - අන්තර්ජාතික යුක්ති සංදානයේ zoom meeting එකේදී සිරිල් ගාමිණී පියතුමා ඔස්ට්‍රේලියානු දමිළ මාධ්‍යවේදියකුට පිලිතුරු දෙමින් "පාස්කු ප්‍රහාරය පිටුපස ලංකාවේ බුද්ධි අංශ ඉන්න පුලුවන්" යැයි පවසනවා.
2. 2021.10.26 - සුරේෂ් සලේ සිරිල් ගාමිණීට එරෙහිව CID පැමිණිල්ලක් දානවා.
3. 2021.11.02 - තමාව අත්අඩංගුවට පත්වීම වලක්වන ලෙස සිරිල් ගාමිණී ශ්‍රේෂ්ඨාධිකරණයේ FR petition එකක් ගොනු කරලා CID එකට යාමෙන් වලකිනවා.
4. 2023.09.06 - එකපාරට පාත්වුන අසාත් මවුලානා කියන ලංකාවේ වරෙන්තු තිබෙන ස්විස්ටර්ලන්තයෙ සරණාගතභාවය පතන පුද්ගලයා Channel 4 නාලිකාවට ප්‍රකාශ කරනවා සුරේෂ් සලේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි කියලා.
5. 2023.09.11 - ජනාධිපතිවරයා විසින් ඉමාම් කමිටුව පත්කරනවා මෙය විමර්ශනයට. 2024.06.25 ඉමාම් කමිටු වාර්තාව මගින් අසාත් මවුලානාගේ ප්‍රකාශය සාවද්‍ය එකක් බව ඔප්පු වෙනවා.
🛑හරියට කරුණු අද්‍යයනය කලොත් තේරෙනවා කවුරුහරි සුරේෂ් සලේව පාස්කුවට ගාවන්න උත්සාහ කරලා තියෙනවා අසාත් මවුලාන කියන පුද්ගලයාව පාවිච්චි කරලා. මාලිමා ආණ්ඩුව බලයට පත්වූ වහාම සුරේෂ් සලේට විදෙස් ගමන් තහනමක් දානවා. ඒ රොහාන් සිල්වා පියතුමාගේ පැමිණිල්ලකට. CID එකට පත්කරලා තියෙන්නෙත් කූඨ විදියට සාක්ෂි සෑදීම සදහා අදිකරණයෙන් වරදකරුවකු වී දඩුවම් විදපු එමෙන්ම පාස්කුව වලක්වා ගැනීම වෙනුවෙන් චෝදනා ඇති ශානි අබේසේකර. බිමල් කියන විදියට ඔහුව පත්කරලා තියෙන්නේ කාදිනල්ගේ උවමනාවට.
කොහොමහරි දැනට මාස 3කුත් වෙලා සලේව රදවාගෙන, නමුත් ඉතාම සීමිත අවස්තා කිහිපයයි ඔහුව ප්‍රශ්න කර තිබෙන්නේ. අදිකරණය ඉදිරියෙ ඔහු වරදකරුවකු නොකර ඔහුව රැදවුම් භාරයේ තියාගෙන ඉන්නෙත් ජනාධිපතිනිගේ නියෝගයෙන්. මෙම තිත් ටික හරියට යා කලොත් සුරේෂ් සලේව පාස්කු ප්‍රහාරයේ මහමොලකරු කරන්න හදන කුමණ්ත්‍රනයේ මහමොලකරු කවුද කියා හොයාගන්න පුලුවන්!
- ටානියා ඩයස්
(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..